.

මත්ද්‍රව්‍ය පානය නිසා ලේ අපිරිසිදු වෙලානම් මෙන්න ශරීරයේ විෂ නසන බාර්ලි වලින් විස්මිත ඔසුවක්.

Loading...

මත්ද්‍රව්‍ය පානය නිසා ලේ අපිරිසිදු වෙලානම් මෙන්න ශරීරයේ විෂ නසන බාර්ලි වලින් විස්මිත ඔසුවක්.

අලුත් බලාපොරොත්තු සිතේ පොදිබන්දගෙන, අලුත් අත්දැකීම් ලබන්නට, අලුත් දවසක උදේ පාන්දරින් නැගිටින කොට ඇස් දෙක ඇරගන්න බැරිඋනොත් හිතට දැනෙන කලකිරෙන හැ`ගීම ගැන වචන ගලපන්නත් අමාරු තරම්. ඉන්පස්සේ ඇස් දෙක වතුරෙන් පොඟවලා අමාරුවෙන් ඇරගත්තත් රෑ හොර පොල් කැඩුවා වගේ ඇස් දෙක ගිනි බෝල වගේ රතු වෙලා කහන කොට ආයෙත් කොට්ටේ බදාගෙන නිදාගන්නයි හිත.

මේ දවස්වල ගස්වල බැබලි බැබලි තියෙන අඹ, දෙල් කාපු උදවිය නම් මේ අත්දැකීමට අඩු වැඩි වශයෙන් මුහුණ දී ඇති. ඒ නිසාම අද අප ඔබට කියාදෙන්නේ සිසිල් ගුණයෙන් ඉහල බාර්ලිවල ගුණ ගැනයි.


ආයුර්වේද ඖෂධ සමග බාර්ලි වතුර පානය නිර්දේශ කරන්නේ ඖෂධවල ඇති ගුණය ශරීරයට ඉක්මනින් උරාගැනීමට වගේම ගුණය වැඩි කිරීමට ඉවහල්වන නිසයි.

ඒ වගේම ලේ වල ඇති විෂ ද්‍රව්‍ය නිසා ඇතිවන විසප්පු, බිබිලි, රතු ලප වැනි තත්වයන් ඉවත් කිරීමට බාර්ලි ඉස්තරම් ඖෂධයකි. එසේම රුධිරය පිරිසිදු කිරීමේ ගුණය නිසා සම දීප්තිමත් වීම, කුරුලෑ ඉවත් කිරීමද සිදුවෙයි.

සමහර දෙදෙනෙකුට මැදිවිය ආසන්නයේ වැළඬෙන රෝග අතර දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘදයාබාධ, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝග සඳහා ඇත්තේ වැඩි ඉඩකඩකි. නමුත් මෙය අතීතයට අයිති ප්‍රකාශනයකි. මන්ද වත්මන වන විට මෙම නිදන්ගත රෝග, බාල, තරුණ, මහලු, කොයි කාගේත් ජිවිත වෙලාගෙන හමාරය. මේ සඳහා වඩාත් හේතු වී ඇත්තේ කෘතීම ආහාර පාන, ව්‍යායාමයක් නොමැතිවීම, මානසික ආතතිය වැනි තත්වයන්ය.

බාර්ලි මගින් රුධිරයේ ග්ලයිසිටික් වැඩිවීම පාලනය කරනවා සේම එහි තන්තුමය ස්වභාවය නිසා ක්ලොන්ටමෝල් බැඳීම ඉවත් කරයි. මේ නිසා රුධිරයේ අන්තර්ගත Aගෂගෘග ක්ලේස්ටරෝල් මට්ටම ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීමට උදව්වෙයි.

බාර්ලි වල ඇති ප්‍රධානතම හා සුවිශේෂීම ගුණය රුධිරගත සිනි මට්ටම ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමයි. විශේෂයෙන් දියවැඩියාව දීර්ඝකාලීනව පැවතීමෙන් ඇතැම් පුද්ගලයන්ගේ රුධිරගත සිනි ප්‍රමාණය ක්ෂණිකව ඉහල ගොස් ඉක්මනින්ම පහල බසියි. පාන් වැනි පිෂ්ඨය අධික ආහාරයක් සුළු වශයෙන් ගත්තත් දීර්ඝකාලීනව දියවැඩියාව ඇති රෝගීන්ට රුද්ධිරගත සිනි මට්ටම ඉහල නගියි. එසේ රුධිරගත සිනි ප්‍රමාණය ක්ෂණිකයෙන් අඩු, වැඩි වීම වැළැක්වීමේ අපුරු ගුණයක් බාර්ලි සතු වේ. මේ සඳහා බාර්ලි පානයක් ලෙස මෙන්ම බාර්ලි ඇට ලෙසින්ම ආහාරයට ගැනීම වැදගත්ය. එසේ බාර්ලි ආහාරයට ගැනීමට නොහැකි නම් බාර්ලි ඇට තලා සකස් කරන ලද ඕට් මීල්  නමැති ආහාරය වෙළඳ පොලෙන් මිලදී ගැනීමට පුළුවන.

බාර්ලි ඇට ජීර්ණය අපහසු ධාන්‍ය වර්ගයකි. ඒ නිසා බාර්ලි ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය ප්‍රමාද වී බඩගින්න ඇතිවීම ප්‍රමාද කරවයි. මේ නිසා ශරීරයේ ඇති මේද තට්ටු දියවී අධික තරබාරුව පාලනය කරයි. බාර්ලි ඇට ජිරණයට අපහසු නිසා ජිරණයේ අසීරුතා ඇති අයට බාර්ලි ආහාරයට ගැනීම සුදුසු නැත.

බාර්ලි ඉතා අනර්ඝ මුත්‍රා කාරකයකි. ඒ නිසා මුත්‍රා අඩස්සියෙන් පිඩා විඳින, මුත්‍රා දැවිල්ල ඇති අයට බාර්ලි පානය ඉස්තරම්ය. එසේම මුත්‍රා සාන්ද්‍රණය නිවැරදි කිරීමේ ගුණයක් බාර්ලි සතුය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment