.

මත්පැන් හා දුම්කොළ වෙනුවට මරිජුවානා භාවිතා කරොත් මෙන්න ඔබට සිදුවන දේ අනිවාර්යෙන්ම මෙය කියවන්න.

Loading...

මත්පැන් හා දුම්කොළ වෙනුවට මරිජුවානා භාවිතා කරොත් මෙන්න ඔබට සිදුවන දේ අනිවාර්යෙන්ම මෙය කියවන්න.

මෑතකදී සිදු කල සමීක්ෂණයකට අනුව මර්ජුවානා භාවිතය මත්පැන්(alcohol) භාවිතය නිසා ඇති ජීවිත අවදානමට වඩා 114 ගුණයකින් අඩු බව සොයාගෙන තිබේ. මෙම පර්යේෂණයට ඇතුලත් වූ මත්ද්‍රව්‍ය වර්ග 7න් මාරාන්තික ලෙසට හඳුනාගැනුනේ මත්පැන්. එම ලැයිස්තුවේ ඉතිරිස්ථාන පිලිවෙලින් හෙරොයින්, කොකේන්, දුම්කොළ, Ectasy, methamphetamines සහ මර්ජුවානා වලට හිමි විය. විනෝදය සඳහා පානය කිරීමට ආරක්ෂිතම මර්ජුවානා බවට මීට පෙර කල අධ්‍යන වලින් සොයාගෙන තිබුනත් එය මෙතරම් පුළුල් පරාසයකින් යැයි අපේක්ෂා නොකෙරිණි.



පර්යේෂකයන් කණ්ඩායම මේ සෑම මත්ද්‍රව්‍ය වර්ගයකින්ම අධි මාත්‍රාවක් ගෙන එමගින් ඇති ජීවිත අවදානම පරික්ෂා කිරීමකට ලක් කරන ලදී. මෙම පර්යේෂණයෙන් ඔවුන් හට පෙනී ගියේ මර්ජුවානා භාවිතයෙන් ඇති අවදානම ඉතා අවම බවත් එය අධි මාත්‍රා මට්ටම සහ සාමාන්‍ය මට්ටම අතර විශාල පරතරයක් ඇති බවත් ය. එම නිසා එය අඩු ජීවිත අවදානමක් සහිත මත්ද්‍රව්‍යක් ලෙස නම් කරන ලදී. අනෙක් සියලු මත්ද්‍රව්‍ය වර්ග මධ්‍යම හෝ ඉතා ඉහල ජීවිත අවදානමක් ඇති ලෙස වර්ග කෙරිණ.



මෙම සොයාගැනීම රජයේ නීතිරීති වලට පටහැනි වෙනවා. මොකද ගොඩක් වෙලාවට මර්ජුවානා සම්බන්ධ වැටලීම් රජය විසින් ඉතා දැඩිව සිදු කරන නිසා. නමුත් මේ ලැබී ඇති පර්යේෂණ ප්‍රතිපල සැලකිල්ලට ගෙන මෙම වැටලීම් සිදු කරන ආයතන මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරතැයි අපේක්ෂා කෙරේ. පර්යේෂක කණ්ඩායම පවසන්නේ මර්ජුවානා භාවිතයේ ඇති සුළු අවදානම් තත්වය හේතුවෙන් එය භාවිතය නීතිගත කල යුත්තක් බවයි.


පර්යේෂකයන් පවසන අන්දමට මෙම අධ්‍යනය මගින් මද පමණින් මත්පැන් පානය කිරීම හෙරොයින් භාවිතය තරම් දැඩි ජීවිත අවදානමක් ඇති නොකරන බව පෙන්වයි. නමුත් කියන්නට ඇත්තේ ඉතා සුළු දෙයයි. මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වැලකි සිටීම අපේ සෞඛ්‍යයට හිතකර වන බව මතක තබාගන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment