.

තේ කෝප්පයකට දෙහි බිංදු කිහිපයක් දැම්මම දුඹුරු පාට අඩුවෙන්නේ ඇයි කියලා දන්නවා ද?

Loading...

තේ කෝප්පයකට දෙහි බිංදු කිහිපයක් දැම්මම දුඹුරු පාට අඩුවෙන්නේ ඇයි කියලා දන්නවා ද?

කහට කෝප්පයක් බොන්න අපි කවුරුත් ආසයි නේ. ඉතින් අපි තේ එකක් හදාගන්නේ තේ කොළ වලින්. තේකොළ වල අඩංගු සංයුතිය දිහා බැලුවොත් එහි බරින් 30% ක් වගේ අඩංගු වෙන්නේ පොලිෆිනොල් වර්ගයට අයත් රසායනික වර්ග. තේකොල ටිකක් අරගෙන අපි උණු වතුරට දැම්මා ම මේ පොලිෆිනොල් සංයෝග දියවෙලා ගිහින් අපි දකින දුඹුරු පැහැයට හුරු කහට පැහැය එනවා. මේ පොලිෆීනොල අතර ඉතා සුලබ වන්නේ තියරුබිගින්ස් (thearubigins) නම් රසායනික ද්‍රව්‍යයි.



මේ රසායනික ද්‍රව්‍ය වතුරේ දියවුනාම තමයි අපිට පේන රතු පැහැයට හුරු දුඹුරු පාට මතුවෙන්නේ. තේ වලට තියන කහට පැහැය ගෙන දෙන්න ගොඩක් හේතු වෙන්නේ මේ රසායනික ද්‍රව්‍යයි. තියරුබිගින්ස් කියන රසායනික ද්‍රව්‍ය මාධ්‍යයේ pH අගය එහෙම නැතිනම් ආම්ලික හෝ භාෂ්මිකතාව මත වර්ණය වෙනස් වෙන සංයෝගයක්. සාමාන්‍යයෙන් ආම්ලික මාධ්‍යයක දී තියරුබිගින්ස් කියන රසායනික ද්‍රව්‍යයේ පැහැය අඩු වෙනවා. දෙහි යුෂ කියන්නේ ආම්ලික ගතියෙන් වැඩි සංයෝගයක්. මේ නිසාම තේ එකේ කහට පාට අඩුවෙන හැටි අපිට බලාගන්න පුළුවන් වෙනවා.

තේ වල බහුලව අඩංගු වන තවත් පොලිෆීනොල් වර්ගයක් වන්නේ ති(ආ)ෆ්ලෙවින් නම් රසායනිකයයි. මෙය කහ පැහැයෙන් යුක්තයි. එහි වර්ණය මාධ්‍යයේ ඇති ආම්ලික හෝ භාෂ්මිකතාව මත වෙනස්වීමකට ලක් නොවේ. මේ නිසාම දෙහි වැනි ද්‍රව්‍යයක් තේ එකට මුසු කල පසු තේ කහටේ රතු දුඹුරු පැහැය අඩුවී ගොස් කහ පැහැයට හුරු වර්ණයක් ලැබෙනවා.



ඔයගොල්ලොන්ටත් ගෙදර දී මේ වැඩේ කරලා බලන්න පුළුවන්.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment