.

අපේ ශරීරයේ බර අඩු වෙන්නේ ඇයි දන්නවද? මෙන්න එකට බලපාන හේතු අනිවා දැනගන්න.

Loading...

අපේ ශරීරයේ බර අඩු වෙන්නේ ඇයි දන්නවද? මෙන්න එකට බලපාන හේතු අනිවා දැනගන්න.


ජීව විද්‍යාඥයන්ගේ නවතම සොයාගැනීමකට අනුව අපේ සිරුරේ බර පාලනය කර ගැනීම මත ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ජිවත් වන ක්ෂුද්‍ර ජිවින්ගේ විශාල බලපෑමක් තිබෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ සිරුර තුල ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව විවිධ වර්ගයේ ක්ෂුද්‍ර ජීවින් වර්ග 1000ක් පමණ ජිවත් වෙනවා. එය ඔබටත් මටත් අදාලයි. මේ ක්ෂුද්‍ර ජීවින් අපගේ ශරීරය තුල පරිවෘතිය ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාමට විශාල රුකුලක් ලබා දෙනවා. නමුත් විවිධ ක්ෂුද්‍ර ජීවින් කුමන ප්‍රමාන වලින් හා කුමන වර්ග වලින් ජිවත් වන්නේ ද යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන කාරණයක් බවට සොයාගෙන තිබෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ කුමක් දැයි කියා තවමත් නිශ්චිත අදහසක් විද්‍යාඥයන් සතුව නෑ.

Chalmers තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ගණිතමය ආකෘතියක් නිර්මාණය කළා. එමගින් ඔවුනට විවිධ පුද්ගලයන් විශේෂ ආහාර වේලකට තමන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ජිවත් වන ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ග සහ ප්‍රමාණ වලට අනුව ප්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යනය කිරීමට හැකියාව ලැබෙනවා.

මේ මගින් විවිධ පුද්ගලයන්ට තමන්ගේ ආහාර වේල වෙනස් කරගැනීමේ අවස්ථාවක් උදාවෙනවා. මේ නිසා බර අඩු කරගැනීමට වගේම ලෙඩ රෝග වලින් ඈත්ව ඉන්නත් උදව් වෙන ආහාර වේලක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් පවතිනවා. මේ පර්යේෂණ වල සාර්ථකත්වය අනුව බැක්ටීරියා සැලකිල්ලට ගනිමින් පුද්ගලයන්ට සුදුසු ආහාර වේල් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතිනවා.

මේ පර්යේෂණයට දායක වන මහාචාර්ය Karine Clement පවසා සිටින්නේ මෙහි සාර්ථකත්වය අනුව පරිවෘතිය ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවන රෝගීන්ගේ ශරීර වලට අවශ්‍ය බැක්ටීරියා බාහිරින් ඇතුලත් කිරීමේ ක්‍රියාවලියක් වුව ද සිදු කිරීමට හැකිවනු ඇති බවයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment