.

දහදිය දුර්ගන්ධය නැති කරගන්න විස්මිත ආහාරය වට්ටෝරුව මෙන්න දහදිය ගැන ඔබ නොදන්නා මේ රහස් ගැන අනිවාරයෙන්ම දැනගන්න.

Loading...

දහදිය දුර්ගන්ධය නැති කරගන්න විස්මිත ආහාරය වට්ටෝරුව මෙන්න දහදිය ගැන ඔබ නොදන්නා මේ රහස් ගැන අනිවාරයෙන්ම දැනගන්න.

දහදිය දුගඳ කියන එක කොයි කාටත් තියෙන ප්‍රශ්නයක්. කොතෙකුත් ආලේපන ආලේප කරාට මේක නම් නැති කරගන්න තරමක් අපහසුයි. නමුත් දහදිය දුගඳ නැති කරගැනීමට සකසාගත හැකි ආහාරයක් ගැන ඇසුවොත් ඔබ මවිතයට පත් වේවි. මෙම ආහාරය දහදිය දුගඳ නැති කරනවා පමණක් නොව මනා පෝෂ්‍යදායි ඖෂධ ආහාරයක්ද වෙනවා. මුලින්ම දහදිය දුගඳට හේතු විමසා බලමු.

කය වෙහෙසන පුද්ගලයන්ගේ සිරුරින් පිටවන දහදියේ ගඳ සුවඳ නොදැනුනේ ඔවුන් සිදු කරන කටයුතුවල ඇති වටිනාකම ඉහළ නිසාය. නමුත් වර්තමානයේ බොහෝ තරුණ තරුණියෝ තම සිරුරින් පිට වන ගඳ සුවඳ ගැන සොයන්නේ ඔවුනගේ සිරුරින් දහදිය පිටවන්නේ වටිනා කටයුත්තක්‌ වෙනුවෙන් කය වෙහෙස වීමෙන් නොවන නිසා විය හැකිය.

තම සිරුරින් පිටවන දහදිය සහ අන් පුද්ගලයකුගේ සිරුරින් පිටවන දහදියහි ගඳ දැනෙන්නේ මිනිසාට පමණි.

සිව්පා සතුනට තම සිරුරින් පිටවන දහදිය ගඳ නොදැනේ.

නාඩි වෛද්‍ය විද්‍යාවේ මහා සෘෂි වෛද්‍යවරු මිනිස්‌ සිරුරින් පිටවන දහදිය ගඳට හේතුව හඳුන්වාදී ඇත්තේ මෙලෙසිනි.
මාතෘ මාංසා තෘෘ කුදර්හි තෘෘනත්ති සූචි චත්‍ර මාංසා තෘෘ කුදර්හි තෘෘනත්ති
මින් පවසා ඇත්තේ
යම් පුද්ගලයකු හරක්‌ මස්‌ හෝ ඌරු මස්‌ අනුභව කරයිද ඒ ආශ්‍රිත ආහාර වර්ග අනුභව කරයිද එම පුද්ගලයාගේ ශරීරයෙන් පිටවන සියලු අපද්‍රව්‍ය දුර්ගන්ධ බවය.
අතීතයේදී අප බොහෝ දෙනා ගොවිපළේ වැඩ බිමේ කටයුතු කරමින් කය වෙහෙසට පත් කළ විට පිට වූ දහදිය රන් හා සමකරන ලදී. නමුත් වර්තමානයේ බොහෝ දෙනා තම සිරුරේ අලංකාරය ගැන සිරුරේ ගඳ සුවඳ ගැන බොහෝ අවධානය යොමු කරති.

තම සිරුරේ කිහිලි, ඉකිලිවලින් පිටවන දහදිය තුළ ඇති ගඳ සුවඳ ගැන විමසා බලනු පමණක්‌ නොව එම ගඳ සුවඳේ ප්‍රතිශතය ගැනද සොයා බලති.

දහදිය තුළ ඇති ගඳ සුවඳ තීරණය වන්නේ කෙසේද?

නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව මහා සෘෂි වෛද්‍යවරුන් පවසා ඇත්තේ හරක්‌ මස්‌ ඌරු මස්‌, එළුමස්‌, කුකුල් මස්‌, මිරිදියේ සහ කරදියේ ජීවත් වන මත්සයන්, දියගොඩ ජීවත් වන සත්ත්වයන්ගේ වියලාගත් මස්‌ ආහාරයට ගනු ලබන පුද්ගලයන්ගේ සිරුරින් පිටවන සියලු අපද්‍රව්‍ය දුර්ගන්ධ බවය.

මෙම ආහාරවල අධික දුර්ගන්ධයක්‌ ඇත. අහිත කර හෝමෝන, බැක්‌ටීරියා වර්ග බහුලය, අපවිත්‍රය.

වයස අවුරුදු 03 දක්‌වා වූ දරුවන්ගේ දහදිය දුර්ගන්ධයෙන් තොරය. ඊට හේතුව ඔවුනට ලබාදෙන මෙම මස්‌ මාංශ ප්‍රමාණය අවම බැවිනි.

දහදිය දුර්ගන්ධය අවම කර ගත නොහැකිද?

දහදිය දුර්ගන්ධය අවම කර ගැනීමට වර්තමානයේ බොහෝ තරුණ තරුණියෝ විවිධ ආලේප වර්ග භාවිත කරති. මෙය තාවකාලික පිළියමකි. එම ආලේප සිරුරින් ඉවත් වූ විට යළිත් දහදිය ගඳ මතුවේ. එනිසා දහදිය ගඳ අවම කර ගැනීමට නම් අප දිනපතා ගනු ලබන ආහාර පාන පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. මස්‌ මාංශ භාවිතය අවම කළ යුතුය. පිරිසිදු ජලය නිසි ප්‍රමාණයක්‌ දිනපතා ගත යුතුය.

දහදිය දුර්ගන්ධය අවම කර ගත හැකි ආහාරයක්‌


මුරුංගා කරල් සහ කොළ, අලු පුහුල්, දියලබු මල් සහ කොළ, කෝමාරිකා මද, අලි ගැටපේර කොළ, පේර දළු වල්කොත්තමල්ලි දළු, වැල්දොඩම් කොළ සමවගෙන ලී වංගෙඩියක දමා කොටා එහි යුෂ ලබා ගන්න.

හැතාවාරිය අලපිටි, අමුක්‌කරා පිටි, කොතල හිඹුටුපිටි, කොල්ලුපිටි, උඳුපිටි, කුරක්‌කන් පිටි, සමව ගෙන හොඳින් වියළා ගන්න.

මෙම පිටි මිශ්‍රණය සමග ලී වංගෙඩියේ කොටා ලබාගත් යුෂ මිශ්‍ර කර සාදාගත් තලපය ලිපතබා හොඳින් කකාරා ගන්න. ඊට පිරිසිදු මී කිරි හැදි දෙකක්‌ මිශ්‍ර කර රසවත් ආහාරයක්‌ ලෙස සකස්‌ කරගෙන දිනපතා දිවා ආහාරය සමග ආහාරයට ගන්න.

මොරටුව අ`ගුලාන ලියන්වෙල සෘෂි නාඩි මධ්‍යස්‌ථානය අධිපති
නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ
මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment