.

ඔබේ මුහුණ ලස්සන කරගන්න සහල් සහ මී පැණි වලින් මේ සත්කාරය සතිකට වරක් වත් සිදු කරන්න.

Loading...

ඔබේ මුහුණ ලස්සන කරගන්න  සහල් සහ මී පැණි වලින් මේ සත්කාරය සතිකට වරක් වත් සිදු කරන්න.

පුදුමාකාර සෞක්‍ය සම්පන්න සමක් තබාගැනීමට ජපාන කාන්තාවන් සියවස් ගණනාවක් සහල් පාවිච්චිකරන ලදී. ඔබට හැකිනම් නිවුඩු සහල් තෙල්, නිවුඩු සහල් පිටි සහ සහල් ජලය ඔබේ සම මත ගැල්වීමට, එයට සමේ ස්වභාවය මෙන්ම පැහැපත් බව වෙනස් කල හැක. වෙනත් අයුරකින් ප්‍රකාශ කරයි නම් ඔබේ සම සිනිදු වනවා මෙන්ම තද පැල්ලම් මැකීයයි. එලෙසම ඔබේ ආහාර වේලට සහල් එක්කර ගැනීමෙන් සහ එහි ඇති ප්‍රතිඔක්සිකාරක මගින් එම ආහාර වේල වඩාත් පෝෂ්‍යදායී කර ගත හැක.

සහල් වල අඩංගු ලිනොලික් අම්ල සහ ස්කොලින් නමැති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක කොල්ජෙන් වර්ධනයට ඉවහල් වේ. ස්කොලින් ඔබේ සම රැලි වැටීමෙන් වලකන අතරම හිරුඑලියෙන් වන හානිය අවම කරයි. සහල් වල ඉතා විශාල ප්‍රමාණයක් අඩංගු විටමින් ෑ සහ ගැමා ඔරිසනොල් හදවතේ සෞක්‍ය සම්පන්න බව වැඩි කරන අතර කොලෙස්ටරෝල් ප්‍රමාණයද අවම කරයි.

ජපන් ජාතිකයන් දැනුවත් වූවද වැඩි දෙනෙක් නොදන්නා, සම තිරිහන් කිරීමේ පුදුමාකාර වූ ශක්තියක් සහල් සතුවේ.

සමේ රැලි සුසිනිදු කිරීම මෙන්ම සම වර්ධනය වීමටත් සුදුසු සහල් වලින් දමාගන්න මාස්ක් එකක් සාදාගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

 සහල් තේ හැදී 3ක්
 කිරි තේ හැදී 1ක්
 මී පැණි තේ හැදී 1ක්

සහල් තම්බා පෙරා ගෙන තැම්බූ වතුර පැත්තකින් තබන්න. උණු කර ගත් කිරි තේ හැදී 1 තැම්බූ සහල් වලට මිශ්‍ර කරන්න. එය හොදින් මිශ්‍ර වූ පසු මී පැණි තේ හැදී 1 ද එයට එක් කරන්න.
පිරිසිදු කරගත් වියලි සම මත මාස්ක් එක ගල්වා වියලෙන්නට හරින්න. වියලුණු මාස්ක් එක ඉවත් කර මුහුණ සහල් තැම්බූ ජලයෙන් සෝදන්න.

සහල් ජලයෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මෙන්ම සුවකාරක ගුණ මගින් සමේ තෙතමනය රැකදෙයි, වයස නිසා ඇතිවන කැලැල් නැති කරයි සහ සමේ දැවිල්ල නැති කරයි. මෙම ජලය මගින් සෞක්‍ය සම්පන්න, පැහැදිලි සහ තෙතමනය සහිත සමක් ඔබට ලබා දෙයි. එලෙසම සම සෞම්‍යව හිරු එළියෙන් ආරක්ෂා කරයි.

වසර 10ක තරුණ පෙනුමක් ලබා ගැනීමට මෙන්ම මෙහි වාසි අත්දැකීමට මෙම ක්‍රියාවලිය සතියකට 1 ක් වරක් වත් සිදු කිරීම වැදගත්වේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment