.

ඔබ ආහාරයට ගන්නා එළවළු සහ පළතුරු වල තියෙන පලිබෝධ නාශක ඉවත් කරගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න.

Loading...

ඔබ ආහාරයට ගන්නා එළවළු සහ පළතුරු වල තියෙන පලිබෝධ නාශක ඉවත් කරගන්න මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න. 

සෞක්‍ය සම්පන්න ජීවිතයකට එළවළු හා පළතුරු දිනපතා ආහාරයට ගන්න එක ඉතාමත් වැදගත් දෙයක් කියන එක අපි හැමෝම දන්න දෙයක්. අපි නැවුම් එළවළු හා පළතුරු මිලදී ගැනීමේදී ඇතිවෙන ගැටළුකාරී තත්වයක් තමයි පලිබෝධ නාශක ද්‍රව්‍ය යොදපු නිෂ්පාදිත මිලදී ගන්නවද නැද්ද කියන එක. එත් අපි බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි විවිධ රසායනික ද්‍රව්‍ය එළවළු හා පළතුරු වගාකරන්න යොදාගන්නවා කියන එක.

නිෂ්පාදිත සාම්පල යොදා ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබුව සමීක්ෂණයකින් සොයා ගනු ලැබුවේ සාම්පල වලින් සියයට හැට හතරක් පලිබෝධ නාශක වලට ධනාත්මකව ප්‍රතිචාර දක්වන බවයි.

පරිසර ක්‍රියාකාරී කණ්ඩායම නම් වූ සංවිධානයක් විසින් පාරිභෝගිකයන්ට තමා භාවිතා කරන රුපලාවන්‍ය හා ආහාර නිෂ්පාදිත වල තිඛෙන රසායනික ද්‍රව්‍ය පිලිබද දැනුවත් භාවයකින් යුතුව පරිභෝජනය කිරීමට නිවැරදි තොරතුරු සපයනවා. මෙම පරිසර ක්‍රියාකාරී කණ්ඩායම විසින් අපගේ ශරීරයට හා පරිසරයට අහිතකර ලෙස බලපාන රසායනික ද්‍රව්‍යයන්ට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කරනවා.

සෑම වසරකම රසායනික ද්‍රව්‍ය වැඩිපුර හා අවමව යොදා ඇති එළවලු හා පලතුරුවල වාර්තාවක් යාවත්කාලීන කර එය පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරනවා.

එම වාර්තාවට අනුව 2015 වසරේ අධිකව රසායනික ද්‍රව්‍ය යෙදු නිෂ්පාදිත වන්නේ ඇපල්, සැල්දිරි, චෙරි තක්කාලි, පිපිඤ්ඤා, මිදි, පීච්, තක්කාලි, නිවිති, ස්ටෝඛෙරි වේ.

නමුත් රසායනික ද්‍රව්‍ය රහිත ආහාර මිලදී ගන්න වැඩිපුර මුදලක් වියදම් කරන්න වෙනවා. නමුත් රසායනික ද්‍රව්‍ය යෙදු එළවළු සහ පළතුරු පරිභෝජනය කිරීමට පෙර රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම සදහා සේදීමට මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. මේ වෙනුවෙන් නිවසේදීම සිදු කල හැකි පිළියමක් තමයි සුදු විනාකිරි වලින් එළවළු සහ පළතුරු සෝදා පරිභෝජනයට ගන්න එක.

විද්වතුන් පිළිගන්නා දෙයක් තමයි සුදු විනාකිරි, විදුම් (Spray) බෝතල් වලට වඩා ඉතා ඵලදායිව එළවළු සහ පළතුරු සේදීමේදී ක්‍රියා කරන බව. විදුම් (Spray) බෝතලයක අඩංගු වන්නේ සුදු විනාකිරි කොටස් එකකට ජලය කොටස් තුනකි.

සුදු විනාකිරි එළවළු සහ පළතුරු වලට විදීමෙන් (Spray) හා අමතරව කෙදි බුරුසුවකින් මැද පිරිසිදු ජලයෙන් සේදීමෙන් කෘමිනාශක ඉවත් කර ගත හැකිවෙනවා

පළිබෝධ නාශක මගින් විවිද අබාදද ඇතිවිය හැකි අතර පිළිකා ඇතිවීමේද අවදානමක් තියනවා. පළතුරු හා එළවළු වල පළිබෝධ නාශක මට්ටම පාලනය කිරීමට පරිභෝජනයට පෙර සේදීම ඉතාමත් වැදගත් වෙනවා.

සුදු විනාකිරි ඉතාමත් පහසු මිලට මිලදී ගැනීමට පුළුවන් දෙයක්. ඒවගේම ඒවායින් සෞක්‍ය සම්පන්න ජිවිතයක් පවත්වාගන්නත් පුළුවන්.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment