.

මෙන්න මේ විදියට බර අඩු කරගමුද? එහෙනම් දිනකට තුන් වතාවක් මේක පානය කරන්න

Loading...

මෙන්න මේ විදියට බර අඩු කරගමුද? එහෙනම් දිනකට තුන් වතාවක් මේක පානය කරන්න.

අද ඔයාලට කියන්න යන්නේ විශේෂඥයන් පවා නිර්දේශ කරන ලද විස්මිත පානයක් ගැනයි. මේ සඳහා ප්‍රධාන වශෙයෙන් යොදා ගැනෙන්නේ සැල්දරි යුෂ සහ ලෙමන් යුෂයි. මේ පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය පහසුවෙන් දහනය කරමින් විස්මිත ලෙස බර අඩු කර දමයි.

මෙම පානයේ සම්භවය අවුරුදු සිය ගණනකට ඈතට දිව යන්නක් මෙන්ම අද බටහිර රටවල ප්‍රචලිත පානයක් වීද හමාරයි.

අපි බලමු සැල්දරි මගින් ශරීරයේ බර අඩු කෙරෙන්නේ කෙසේද කියල

ඔයාල දන්නවද සැල්දරි වල 95% ක ප්‍රමාණයකින් ජලය පවතින බව. මේ හේතුවෙන්ම ඉතා පහසුවෙන් ජීරණය වන අතර ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරන්නේ ශරීරය සජලනය කරවිමින්. සැල්දරි ග්‍රෑම් 100 ක අඩංගු වන්නේ කැලරි 16 ක ප්‍රමාණයක ශක්තියක් නමුදු එහි විටමින්, ඛනිජ, සහ තන්තු වලින් ගහණයි. මේ හේතුව නිසාම සැල්දරි බර අඩු කරගැනීමට ඇති සාර්ථකම ඖෂධයක්.

සෙම්ප්‍රතිශ්‍යාව, ආතරයිටිස්, අක්මාවේ සහ බඩ වැලේ රෝග තත්ත්වයන් සුවකිරීමේ දිව්‍යමය ගුණයක් ඇති බවත් මුත්‍රා වර්ධක ගුණය සහ ප්‍රතිබැක්ටිරියා කාරක ගුණාංගයක් ඇති බවත් ඉන්දියානු ආයුර්වේද ශාස්ත්‍රයේ සඳහන්. මේ හේතුන් නිසාම සැල්දරි ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර ශරීරයේ විෂ ද්‍රව්‍යයද මනා ලෙස ඉවත් කරවයි.

ලෙමන් නිසා බර අඩු වන්නේ කෙසේද කියා අපි දැන් බලමු

දොඩම් සහ කිවි වැනි පලතුරු වල විටමින් ක‍ පොහොසත් නිසා මෙමගින් ශරීරයේ බර අඩු කිරීමට ඉවහල් වේ. විශේෂඥයන් කල පර්යේෂණයකදී මේ බව මොනවට සනාත කර ඇත.



අපි දැන් බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියා

 නැවුම් ලෙමන් ගෙඩි කිලෝ ග්‍රෑම් එකක යුෂ
 සැල්දරි දඩු ග්‍රෑම් 400 ක් (සුපිරි වෙළඳසැල් වල ඇත)
 පෙරාගත් පිරිසිදු ජලය ලීටර් එකහාමාරක්
 සිහින්ව ගා ගත් ලෙමන් ලෙලි

සාදා ගන්නා අයුරු

පළමුවෙන් ලූණු මිශ්‍රිත ජලයෙන් සැල්දරි දඩු සෝදාගෙන සිහින්ව කපාගන්න. ඊට වතුර දමා සිහින්ව කපාගත් ලෙමන් ලේලිද එකතුකරගන්න. මිශ්‍රණය මිනිත්තු 20ක් මඳ ගින්නේ පමණ රත් කර පැය පහක් හෝ හයක් සිසිල් වන්නට ඉඩ හරින්න. සිසිල් වූ මිශ්‍රණයට දැන් ලෙමන් යුෂ එකතු කරන්න. දැන් මේ මිශ්‍රණය ශීතකරණයේ තබන්න.

භාවිතා කරන අයුරු

සෑම ආහාරවෙලකට ප්‍රථම එම මිශ්‍රණයෙන් මිලි ලීටර් 100 ක් පමණ පානය කරන්න. මෙසේ මාසයක් පානය කර වෙනස බලන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment