.

දියවැඩියාවට හිසකෙස්‌වලට ගුණදායක උළුහාල් ඔබ නොදන්නා උළුහාල් ගැන අලුත් කතාවක් මෙන්න.

Loading...

ආහාර පිළියෙල කර ගැනීමේදී වෑංජන සාදා ගැනීම සඳහා භාවිත කරන කුළුබඩු වර්ග රාශියක්‌ තිබේ. එම කුළුබඩු අතර උළුහාල් ඔබේ මුළුතැන්ගෙයි තිබෙන මහඟු ඖෂධයකි. උළුහාල් වෑංජන රසවත් කිරීමට වඩා සුවඳවත් කිරීම සඳහා යොදා ගන්නා අතර මේවා වෑංජන වලට එකතු කරන්නේ ද ඉතා ස්‌වල්පයකි. එයට හේතුව උළුහාල් තිත්ත රසයෙන් යුක්‌ත වන බැවිනි. කෙසේ වුවද කිරි හොද්දක්‌ පිළියෙල කර ගැනීමේදී නම් උළුහාල් නැතිවම බැරි දෙයකි. 

උළුහාල්වල තිබෙන තිත්ත රසය නිසාම එය ඖෂධීය වශයෙන් සිරුරට ඉතාම ගුණදායක වේ. උළුහාල්වල ගුණාත්මක බව දන්නේ නම් මේවායේ තිත්ත රසය ගැන නොසිතා මේවා වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීමට පෙළඹෙනු ඇත. 

මුත්‍රාවල සීනි අධිකව ඇති අයට එනම් දියවැඩියා රෝගීන්ට උළුහාල් ඉතාම ගුණදායකවේ. දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට උළුහාල් කබලේ බැද කුඩු කර භාජනයක අසුරා තබාගෙන දිනපතාම උසේ හිස්‌ බඩ මෙම කුඩු හැන්දක්‌ කෝපි මෙන් වත්කර බීම දියවැඩියාව මර්දනය කිරීමට මහඟු ප්‍රතිකාරයකි.

එසේම වාත රෝග වලට ද සුවය ලබාගත හැක. විශේෂයෙන් කටී වායුවට ගුණදායක වන අතර සියලුම වාතරෝග සමනය කරයි. කෑම රුචිය ද වඩවන අතර ආහාර හොඳින් දිරවීම පහසු කරවයි. 

උළුහාල් හිසකෙස්‌වල වර්ණය ඇති කිරීමට ද ඉවහල් වන බැවින් හිසකෙස්‌ වලට ද ගුණදායකය. හිස්‌හොරි මර්දනය කර ගැනීම සඳහා උළුහාල් දෙහි සමග තම්බා හිස සේදීම සුදුසුය. මාන්දම් රෝගයට ද මේවා ආහාරයට ගැනීම හිතකරය. කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යාමට ද මෙය ප්‍රත්‍යක්‌ෂ ඖෂධයකි.

මෙසේ රෝග ගණනාවකට සුවය ලබාගත හැකි උළුහාල් ඥානය වඩවන මොළයට ද හිතකර ඖෂධයක්‌ බැවින් සිහි බුද්ධිය ද වර්ධනය කරයි.

එම නිසා සිහිකල්පනාව අඩු අයට ද මේවා ආහාරයට එකතු කර ගැනීම ඉතා ගුණදායකය. 

දියවැඩියාවට සියලුම වාත රෝග වලට මාන්දමට කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යැමට, හිස්‌ කෙස්‌ වලට, සිහිකල්පනාව වැඩි දියුණු කිරීමට ආදී වශයෙන් සිරුරට ගුණදෙන උළුහාල් වෑංජන පිළියෙල කර ගැනීමේ දී සුළු ප්‍රමාණයක්‌ පමණක්‌ එකතු කර ගන්නවාට වඩා වෑංජනයක්‌ ලෙස පිළියෙල කර ගෙන ආහාරයට ගන්නේ නම් එය ඉහත සඳහන් කළ රෝග වලින් පීඩා විඳින අයට ගුණදායක වනු ඇත.

ආහාර පිසගැනීමේදී කුළුබඩු විශේෂයක්‌ ලෙස පමණක්‌ භාවිත කරන උළුහාල් වෑංජනයක්‌ ලෙස පිළියෙල කර ගන්නා ආකාරය සඳහන් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය මෙසේය. උළුහාල් ග්‍රෑම් 200 ක්‌ පමණ, රතුලූනු ගෙඩි කීපයක්‌, අමු මිරිස්‌ කරල් දෙකක්‌ පමණ, රම්පා, කරපිංචා, මිරිස්‌ කුඩු තේ හැඳි එකක්‌, කහ ඉතාම ස්‌වල්පයක්‌, බැදපු තුනපහ කුඩු තේ හැඳි එකක්‌, කුරුඳු පොතු කැබැල්ලක්‌, රස අනුව ලුණු 

උළුහාල් වෑංජනය සාදා ගන්නා ක්‍රමය මෙසේය. ප්‍රථමයෙන් ම උළුහාල් හොඳින් සෝදා ගරා වේලාගත යුතුය. ඉන් පසු තාව්චියකට පිරිසිදු පොල්තෙල් මේස හැඳි දෙකක්‌ දමන්න. මේ සඳහා හැකි නම් බටර් පාවිච්චි කළ හැක. එය හොඳින් රත් වූ පසු රන්වන් පාට වනතුරු බැඳ ගන්න. උළුහාල් බැදුන වට හොඳ සුවඳක්‌ දැනෙනු ඇත. එවිට ම තාච්චිය ලිපෙන් ඉවත් කර ගත යුතුය. ඉන් පසු භාජනයකට ලියා ගත් රතුලූනු, අමු මිරිස්‌, අඹරා ගත් කරපිංචා, මිරිස්‌ කුඩු, රම්පා කහ යනාදී සියල්ලම එකතු කරන්න. එයට ම මිටිකිරි කෝප්පයද මිශ්‍ර කර එයටම උළුහාල් ටික එකතු කරන්න. රස අනුව ලුණු ද එකතු කර අවසානයේ දී බැදපු තුනපහ කුඩු ටික ද එකතු කරන්න. බැදපු තුනපහ කුඩු ටික උළුහාල් වෑංජනය ලිප තබා පිස ගන්නා අතරතුර අවසානයේ දී එකතු කිරීම වඩා යෝග්‍ය වේ. යන්තම් ඉස්‌ම තිබියදී ලිපෙන් බාගෙන කෑමට ගන්න. 

ඔබේ මුළුතැන්ගෙයි තිබෙන කුළුබඩු අතර තිබෙන්නා වූ උළුහාල් රෝග රැසකට ගුණදෙන අගනා ඔසුවක්‌ බැවින් වෑංජන පිළියෙල කර ගැනීමේදී පමණක්‌ ස්‌වල්ප වශයෙන් භාවිත කරනවාට වඩා උළුහාල් වෑංජනයක්‌ ලෙස සකස්‌ කරගෙන අහාරයට ගැනීම සිරුරට ගුණදායකය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment