.

උණ සෙම්ප‍්‍රතිශ්‍යාවට ගුණ දෙන බල සම්පන්න ඔසුව මෙන්න.

Loading...

උණ සෙම්ප‍්‍රතිශ්‍යාවට ගුණ දෙන බල සම්පන්න ඔසුව මෙන්න.

මේ දවස් වල සෙම්ප‍්‍රතිශ්‍යා වෛරසයක් වේගයෙන් පැතිර යනවා’ සමහරවිට දැනටමත් ඔයලාටත් මේ වයිරසයට ගොදුරු වෙලා ඇති’ ඉතාමත් කෙටි කාලයක් තුල සෙම් ගෙඩි සැදී උගුර වන වීමක් මෙහිද සිදු වෙනව’කියලයි ikmanසුව.lk වෙත තොරතුරු බෙන්නෙ.එහි ප‍්‍රතිපලයක් ලෙස ඇති වන අධික උගුරේ වේදනාව නම් දරා ගන්නම අමරුයි’ අද ඔබට කියලා දෙන්න යන්නේ මේ සෙම්ප‍්‍රතිශ්‍යාව නිසා ඇති වන උගුරේ වන වීම් සුව කර ඉතාම සුළු වෙලාවකින් ඔබට සහනය ලබාගන්න පුළුවන් අත් බෙහෙතක් ගැන’

උණ හා සෙම්ප‍්‍රතිශ්‍යාව සමග සටන් කළ හැකි ප‍්‍රතිශක්තිකරණ හැකියාවක් ඔබට ලබාදෙන මෙම අත් බෙහෙත හදා ගන්න ඔබට අවශ්‍ය වන්නේ මී පැණි හා සුදු ලූණු පමණයි’ මේ අමුද‍්‍රව්‍ය දෙක ඔබට නිවසේ මුළුතැන්ගෙයින්ම පහසුවෙන් හොයා ගන්න පුළුවන් වේවි’

සුදු ලූණු

මැග්නීසියම් කැල්සියම් පොස්පරස් වැනි පෝෂණ සංඝටක වලින් අනුන සුදු ළුණු ප‍්‍රති වයිරස හා ප‍්‍රති බැක්ටීරියා ගුණයෙන්ද පොහොසත්’ ඒ වගේම රුධිර පීඩනය හෘද රෝග කොලොස්ටරෝල් හා පිළිකා සමනය කිරීමේ හැකියාවකුත් සුදුලූණු වලට තියෙනවා

මී පැණි

ලෝකයේ නොයෙක් තැන්වලදි මැරෙන්න ගිය රෝගින් මී පැණි බිංදුව බිංදුව දිනපතා දිව ගෑමෙන් බේරුණු අවස්ථා ඇති බව පිළි ගැනෙන කරුනක්’ මි පැණිවල ඇති යෝගවාහිණි ගුණය දේශිය වෛද්‍ය ක‍්‍රමය තුළ සුවිශේෂ ගුණයක් ලෙස සලකයි’ යම්කිසි හෘද අකර්මන්‍යතාවයකදි එම මොහෝතේදිම වෛද්‍ය ප‍්‍රතිකාර ලෙස දෙන ඖෂධය මි පැණිත් සමග මිශ‍්‍රකර ගෑ පමණින් එම ඖෂධයට ඖෂධීය ගුණ හෘදය කරා ක්ෂණයකින් ලගාවිමට හැකියි’ මේ සදහා උදව් කරන්නේ එම ඖෂධයට මිශ‍්‍ර කරගත් මි පැණිවල ඇති යෝගවාහි ගුණයයි’ එනම් යෝග යනු සංයෝග කිරිම හා වාහි යනු ප‍්‍රවාහනයයි’ ඒ අනුව ඖෂධයක් මි පැණි සමග දිමෙන් ඖෂධය සමග එකට එකතු වි එක් තැනක සිට තවත් තැනකට ක‍්‍රියාත්මක වි ඉතා ඉක්මණින් ගෙනයාමේ සුවිශේෂ ගුණය වූ යෝගවාහිනි ගුණය මි පැණිවලට ඇත’ දේශිය වෙදකමේ බොහෝ ඖෂධ මි පැණියෙන් දියකර මුඛය මාර්ගයෙන් ප‍්‍රවේශ කිරිමට දෙන්නේ ඒ නිසායි’

සෙම් ගෙඩි සුව කරන ඖෂධය සාදා ගන්නා අන්දම
පරණ ජෑම් බෝතලයක් ගෙන එයට සුදු ළුණු බික් අසුරා ගන්න’

මී පැණි වීදුරුවක් පමණ ගෙන සුදු ළුණු ඇසුරු ජෑම් බෝතලයට වක් කරන්න’

භාවිතයට පෙර දින කිහිපයක් තිබෙන්නට හරින්න’

ශිතකරණයක් තුල ඕනේ තරම් කාලයක් මේ බෙහෙත ගබඩා කර තබා ගත හැක’

ඔබ මෙය නිවස තුල කලින් සාදා ගබඩා කර තබා ගැනීම තුලින් සෙම්ප‍්‍රතිශ්‍යාව හැදීගෙන එන විටම භාවිතයට ගෙන සහනය සලසා ගත හැක’

භාවිතා කරන අන්දම
ඔබට රෝග ලක්ෂණ පහල වන විටකදී මෙයින් සුදුලූණු බික් පැයකට හො දෙකකට එකක් බැගින් ආහාරයට ගන්න’ දිනකට බික් 6ක් පමණ මෙසේ ආහාරයට ගන්න’ ඒ වගේම මී පැණි හැන්දක් සිරප් එකක් ලෙස පානය කරන්න’ ඒ වාගේම උණකදී මී පැණි ඇපල් සයිඩර් විනාකිරි හා උණු ජලය සමග එක් කර පානය කළ හැකියි’ ඒ වගේම මෙයට ගම්මිරිස් ඇට කිහිපයක්ද ඔබට එක් කර ගත හැකියි’ ආරෝග්‍යා පරමාලාභා!


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment