.

ගුදය ආශ‍්‍රිත හටගන්නා රෝග වලට ආයුර්වේදයෙන් ප්‍රතිකාර.ඔබ නොදන්නාබොහෝ රෝග ඔබටත් තියෙන්න පුළුවන් මේ ගැන දැනුවත් වෙන්න.

Loading...

ගුදය ආශ‍්‍රිත  හටගන්නා රෝග වලට ආයුර්වේදයෙන් ප්‍රතිකාර.ඔබ නොදන්නාබොහෝ රෝග ඔබටත් තියෙන්න පුළුවන් මේ ගැන දැනුවත් වෙන්න.

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න
ගුදය ආශ‍්‍රිතව හටගන්නා සියළුම රෝග ශල්‍යකර්ම තෙක් දුර දිග යෑමට නොදී වහා ප‍්‍රතිකාර ගත යුතුය.  ඒ මක්නිසාදයත් ශල්‍ය කර්මයක් සිදුකොට ගුද පේශී කැපී ගියවිට ඒවායේ තානය අඩුවී අප වයස් ගත වන විට මලපිටවීම පාලනය කිරීමට අපහසුතාවයට පත් වන නිසාය.
ගුදය පේශී වර්ග තුනකින් සමන්විතය. මලබද්ධතාවය මල පිට  කිරීමට දැඩි ආයාසයක් දැරීම මලවේග දරාගෙන සිටීම ගුද ප‍්‍රදේශය පිරිසිදු කිරීමේ දුර්වලතා නිසා ගුද රෝග හටගනී.
ආහාර මාර්ගයේ අග අඟල් 4 ක පමණ ප‍්‍රමාණයේ ඇතිවෙන රෝග ගුද රෝග ලෙස සලකයි . ආයුර්වේද වෙදකමට අනුව අර්ශස්, භගන්දරා, පරිකර්තිකා ගුදභ‍්‍රංශ ගුද කණ්ඩු ගුද පිඩකා අර්බුද වශයෙන් දක්වා ඇත.

අර්ශස් රෝගය

වැඩිවේලා එක තැන වාඩිවී සිටීම, මලබද්ධයට අහිතකර ආහාර හා පැවතුම්, මානසික හේතු හා පාරම්පරිකව ඇතිවෙන හේතු නිසා හටගනී. අර්ශස්, ශුෂ්ක අර්ශස්, රක්ත අර්ශස් ලෙස වර්ග 2කි.

භගන්දරා

භගන්දරා යනු ඉතා වේදනාකාරී රෝග තත්ත්වයක් ලෙස හැඳන්විය හැකි මෙම රෝගයේදී ගුදයට නුදුරින් සැරව ගෙඩියක් හටගෙන එය ගුදමාර්ගයේ ඉහළ ප‍්‍රදේශය තෙක් ඉහළට කාණුවක් ලෙස දිවගොස් ගුද මාර්ගයට විවෘත වේ. කල්ගත වන විට ඒ තුළින් අසූචි ඒමට පටන් ගනී. ආයුර්වේද වෙදකමේ මේ සඳහා ඔඩු වෙදකම සාර්ථකව කෙරේ.

පඵරිකර්තිකා

පරිකර්තිකා යනු මලබද්ධය නිසා තද මල කොටස් පිටවීම නිසා ගුදය ඉරී තුවාල වී පැලිමයි. දින පහකට වරක් මලපහ කරන අයද චිකිත්සා කර්මයේදී අපට හමුවේ.

ගුද භ‍්‍රංශ

ගුද භ‍්‍රංශ යනු මල පහ කරන විට මල කොටස් සමඟ ගුදය එලියට පැමිණීමයි. මුල් කාලයේ මෙය ඉබේම ඇතුල් වෙන අතර කලක් යන විට එය එළියට ඇවිත් තිබේ.

ගුද කණ්ඩු

ගුද කණ්ඩු යනු ගුදය කැසිමයි. මෙය අපිරිසුදුකම නිසාත් කිරිපණු රෝගය නිසාත් හටගන්නා ඉතා කරදරකාරී අප‍්‍රසන්න රෝග තත්ත්වයකි .

ගුද පිඩකා

ගුද පිඩකා යනු ගුදය අවට ගෙඩි හට ගැනිමයි. මෙයත් ආහාර පාන වල ඇති ආසාත්මිකතාව නිසා හටගනී.

ගුද අර්බුද

ගුද අර්බුද යනු ගුදය අවට ඇතිවෙන පිළිකා තත්ත්වයකි .
දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් අතර ගුද රෝග සුලභයත අද සමාජයේ රාත‍්‍රී කාලයේ නින්දට යන විටත් කලිසම් ඇඳගෙනම නින්දට යෑම මේ රෝගවල මුලාරම්භයයි. ඝර්ම කලාපීය රටක ජීවත් වෙන අප අඩු තරමින් රාත‍්‍රියටවත් සරම හා සැහැල්ලු නිදන ගවුමක් ඇඳ නින්දට යන්නේ නම් සුදුසුය. අප රටේ වද භාවයටද මූලිකම හේතුවද පිරිමි පක්‍ෂයේ උදවිය තද ඇඳුම් පැළඳුම්වලට යොමුවි තිබීම බව මගේ විශ්වාසයයි 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment