.

සම පැහැපත් කර ලප කැළැල් නැතිකර ශරීරය සිසිල් කරන වෙරළු වල සැගවුන ගුණ මෙන්න.

Loading...

සම පැහැපත් කර ලප කැළැල් නැතිකර ශරීරය සිසිල් කරන වෙරළු වල සැගවුන ගුණ මෙන්න.

ශ්‍රී ලංකාවේ සැම වත්තකම වාගේ වැවෙන මුදල් වැය නොකර ලබාගත හැකි ඉතාමත් ගුණ පලතුරකි. ශරීරය සිසිල් කරන පලතුරකි. ඒ අතරම රසවත්ය. සෑම දෙනාම කෑමට හා බීමට කැමති ගුණ ඇති පලතුරකි.අප දෙදෙනෙකුට බීම වීදුරු 02 සාදා ගැනීමට අවශ්‍ය දේ විමසා බලමු.


ඉදුණු වෙරළු ගෙඩි 20
සීනි සහ ලුණු අවශ්‍ය පමණට
වතුර ලීටර් 1/2
දෙහි යුෂ
අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/4 ක්

සාදාගන්නා ආකාරය
මුලින්ම වෙරළු ටික සෝදා පිරිසිදු කර එහි ඇති වෙරළු ඇට ඉවත් කර බ්ලෙන්ඩරයට දමා වතුර හා සීනි අවශ්‍ය පමණට දමා බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයකට දමා එයට ලුණු හා සීනි අවශ්‍ය ප්‍රමාණයට දමා පානය කළ හැකිය. අවශ්‍ය නම් ශීතකරණයේ තබා ද පානය කළ හැකිය. වැඩි රසයක් ලබාගැනීමට මෙන්ම ගුණයෙන් ද යුක්ත වීමට දෙහි යුෂ තේ හැඳි 01 ක් එක්කර ගන්න.

එහි ගුණ
එහි ඇති අධික සිසිල් ගුණය නිසාම රත් පිත් නසයි. එමනිසා බඩ දැවිල්ල පිත් වමන සර්වාංග දාහය නැති කරයි. සම පැහැපත් කරයි. ලප කැළැල් නැතිකර සමේ වියළි බවින් නැති කරයි. ඇස්වල දීප්තිය ඇති කරයි. මළ බද්ධය වළක්වාලයි.
විටමින් බහුල පලතුරක් නිසා හිසකෙස් වැටීම වළක්වාලයි. හිසකෙස් වර්ධනය ඇතිකරයි. දීප්තිය ඇතිකරයි. විටමින් බහුල නිසාම රක්ත අල්පතාවය අඩු කරයි. ගර්භණී මව්වරුන්ට උදා වමනය නැතිකිරීමට මෙම පානය සමත්ය.

කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑම, මුත්‍රා රෝග (මුත්‍රා දාහ) ආදියට ඉතා හොඳය. 
රක්තවාත ඇති අයට ශෝහය (ඉදිමුම) මෙන්ම දාහය ද නසාලීමට මෙම පානය සමත්ය. 
විටමින් C බහුල පලතුරක් බැවින් දත් රෝගවලට වඩාත් හිතයි. 
පණු රෝග නසාලයි.
අගුණ වන අවස්ථාබොහෝ විට අගුණ වන අවස්ථා දුර්ලභය. කුඩා දරුවන්ට පවා හිතකර පලතුරක්ය. නමුත් සමහර විට සෙම් බහුල අයට අගුණ විය හැකිය.
එහි අඩංගු දෑවිටමින් C පොටෑසියම්, කැල්සියම්, ඛනිජ ලවණ, කාබෝහයිඩ්‍රේට්, පොස්පරස්, ජලය, සීනි ආදියෙන් බහුලය.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment