.

දියවැඩියාව ඔබටත් තියෙනවා නම් මුලින්ම මෙන්න මෙ දේවල් වෙනවා දියවැඩියාවේ රෝග ලක්ෂණ ගැන ඔබත් දැනුවත් වෙන්න

Loading...

දියවැඩියාව ඔබටත් තියෙනවා නම් මුලින්ම මෙන්න මෙ දේවල් වෙනවා දියවැඩියාවේ රෝග ලක්ෂණ ගැන ඔබත් දැනුවත් වෙන්න.

අද වන විට දියවැඩියාව කියන රෝගී තත්වය වසංගතයක් බවට පත්වී තිඛෙනවා. ඉන්දියාව තුල වෙසෙන සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව රෝගී තත්වය පවතිනවා. ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙන රෝගී තත්වයන් අතරින් එකක් විදියටද දියවැඩියාව රෝගී තත්වය හදුන්වන්න පුළුවන්. මෙම රෝගයේ ගොදුරක් බවට පත් නොවීමටනම් එහි පුර්ව රෝගලක්ෂණයන් පිලිබදව ඔබ දැන සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා නේද ?. එම රෝගී ලක්ෂණයන් හදුනාගත් පසුව ඔබට හැකියාව තිඛෙනවා එම ලක්ෂණයන් ස්වාභාවිකවම පහසුවෙන් පරාජය කිරීමට. 

දියවැඩියාවේ  පුර්ව ලක්ෂණයන් 


දියවැඩියාවේ පුර්ව ලක්ෂණයන් කල්තියා හදුනාගැනීමට තරම් දැනුමක් ඔබට තිබිය යුතු වෙනවා මොකද ඒ මගින් ඔබට හැකියාව ලැඛෙනවා දියවැඩියාව කියන රෝගයේ ගොදුරක් බවට පත් නොවීමට. කදඇර ඉකදදා ිමට්ර කැඩැක ල ාස්ඉැඑසජ  

1. වතුර වැඩි ප්‍රමාණයක් පානය කල පසුවත් පිපාසයක් දැනීම.

2. ප්‍රමාණවත් තරමේ විවේකයක් ලබා ගත්තත් ශරීරයෙන් දුර්වල ස්වභාවයක් දිස්වීම. 

3. කිහිප වාරයක්ම නැවත නැවත මුත්‍රා කිරීමේ අවශ්‍ය තාවයක් රාත්‍රියේදී ඇති වීම. 

4. රාත්‍රියේදී ඇස් පෙනීමේ දුර්වල තාවයක් ඇතිවීම.

5. සමෙහි ඇතිවූ තුවාලයන් සහ ආසාදනයන් සුව වීමට ඉතාමත්ම වැඩි කාලයක් ගත වීම. 

6. ලොකු ආහාර වේලක් අනුභව කලත් මිනිත්තු කිහිපයකින් නැවතත් බඩගිනි දැනීම. 

දියවැඩියාවේ රෝග ලක්ෂණයන් ස්වාභාවිකවම පරාජය කිරීම 


පුර්ව දියවැඩියා රෝගී තත්වය පරාජය කිරීම  සදහා වෛද්‍ය ප්‍රතිකාරයන් වලට යොමුවිය යුතු බව බොහෝ දෙනෙක් ඔබට යෝජනා කර සිටිනවා ඇති. රුධිරයේ ඇති වැඩි සීනි මට්ටම පහත හෙලීම එම ඖෂධයන් මගින් සිදු කරනු ලැබුවත් එය ස්ථීර විසදුමක් නොවෙන බව හොදින් මතක තබා ගන්න. නමුත් ස්ථීරවම දියවැඩියා රෝගී තත්වයේ පුර්ව රෝග ලක්ෂණයන් පරාජය කිරීමට නම් ඔබ කල යුතු වෙන්නේ ශරීරයේ බර අඩු ස්වාභාවිකවම අඩු කරගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන ක්‍රමයකට හුරු වීමයි. ජදබඑරදක ඉකදදා කැඩැක ල ාස්ඉැඑසජ එැිඑ 

දිනපතා ව්‍යායාම කිරීම 


දියවැඩියා රෝගී තත්වයේ රෝග පුර්ව ලක්ෂණයන් ඔබගෙන් දිස්වෙනවානම් දිනපතා ව්‍යායාම කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ව්‍යායාම කිරීම හේතුවෙන් ඉතාමත්ම අඩුවශයෙන් තමයි මාංශපේශීන් සදහා (ඉන්සියුලින්) අවශ්‍ය වෙන්නේ. ඒ හේතුවෙන් ඔබට හැකියාව ලැඛෙනවා රුධිරයේ සීනි මට්ටම බොහොම පහසුවෙන් සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යෑමට. ඉතාමත් හොද ප්‍රතිපල ලබාගැනීමට දවසකට මිනිත්තු 30 ක් හෝ 45ක් ව්‍යයමයන්හී නිරත වෙන්න. 

කාබෝහයිඩ්රේට් පරිභෝජනය


දියවැඩියා රෝගී තත්වයේ පුර්ව රෝග ලක්ෂණයන් පරාජය කිරීමට නම් සරල කාබෝහයිඩ්රේට් පරිභෝජනය සීමා කල යුතු වෙනවා. මොකද ඒ මගින් ශරීරයේ ඇති මේදය බිද වැටීමක් සිදු වෙන අතර නිදහස් වෙන ශක්තිය පහසුවෙන් මේදය බවට පත්වීමද බිදවැටීමේ ප්‍රවනතාවයක් තිඛෙනවා. නමුත් ඔබ සංකීර්ණ කාබෝහයිඩ්රේට් නම් අනුභවකල යුතු වෙනවා. තිරිගු පිටි වලින් සාදන ලද පාන්, රතුබත් සහ තම්බා ගත් අර්තාපල් වල සංකීර්ණ කබෝහයිඩ්රේට් අඩංගු වෙනවා. ඒ වගේම සුදු පාන්, පැණිරස, චොකලට්, බිස්කට් සහ කේක් වර්ගයන් සම්පූර්නයෙන්ම අනුභාවයෙන් වැලකිය යුතු බව හොදින් මතක තබා ගන්න. ාස්ඉැඑසජ 

වැඩි වශයෙන් ජලය පානය කිරීම


දියවැඩියා රෝගයේ එම පුර්ව ලක්ෂණයන් පරාජය කිරීමට නම් ඔබේ ශරීරය සජලනයව තිබිය යුතු වෙනවා. මුත්‍රා කිරීම මගින් ශරීරයේ ඇති  විෂ ද්‍රව්‍යයන් පිට වීමටනම්  අඩුම තරමේ දවසකට වතුර වීදුරු 8ක් වත් ඔබ පානය කල යුතු වෙනවා. 

තන්තු වලින් පොහොසත් ආහාරයන් අනුභව කිරීම


තන්තු වලින් පොහොසත් ආහාර අනුභවය මගින් රුධිරයේ ඇති සීනි මට්ටම පහත වැටෙන අතර ශරීරයේ බර අඩු වීමක්ද සිදු වෙනවා. ප්‍රමාණවත් තරම් ජලය සමග තන්තු වලින් පොහොසත් ආහාරයන් අනුභව කරනවානම් එම රෝග ලක්ෂණයන් පහසුවෙන්ම පරාජය කිරීමට ඔබට හැකියාව ලැඛෙනවා. 

ආතතිය පරාජය කිරීම 


දියවැඩියාවේ රෝගලක්ෂණයන් පරාජය කිරීමට නම් ආතති මට්ටම අවම කරගත යුතු වෙනවා. ප්‍රමාණවත් තරමේ නින්දක්, යෝගා ව්‍යායාම සහ භාවනාවන මගින් ශාරීරික සහ මානසික ආතතිය අවම කරගැනීමට හැකියාව තිඛෙනවා.  එ



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment