.

මත්පැන් පානය කීරීමෙන් හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? රතු වයින් පානය කරන එක හදවතට හොඳද?

Loading...

මත්පැන් පානය  කීරීමෙන් හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? රතු වයින් පානය කරන එක හදවතට හොඳද?

ඉඳහිට මත්පැන් ස්වල්පයක් පානය කළාට එසේත් නැතිනම් රතු වයින් පානය කළ විට හදවතට හොඳයැයි බොහෝ දෙනකු විශ්වාස කරනවා. රතු වයින් හෝ අනෙකුත් කුමන මත්පැන් වර්ගයක් හෝ ඉතා සුළු ප්‍රමාණවලින් දිනපතා පාවිච්චි කිරීමෙන් රුධිරයේ හිතකර කොලෙස්ටරෝල් සාන්ද්‍රණය යම් ප්‍රමාණයකින් ඉහළ යන බව සත්‍යයක්. නමුත් මත්පැන් පානය නිසා හෘදයේ පමණක් නොව ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියයන් ගණනාවකට ඇති විය හැකි රෝග තත්ත්වයන් හා සලකා බලන විට හදවතට හොඳ යැයි කියා කිසිවකු හෝ මත්පැන් පානය කිරීම අනුමත කළ නොහැකියි. ඔබට රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිකර ගැනීමට අවශ්‍ය නම් කළ යුතු හොඳම දෙය වන්නේ දිනපතා ව්‍යායාමයක නිරත වීමයි.


අධික ලෙස මත්පැන් පානය කරන අයගේ රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය ඉහළ යනවා. මේ නිසා හෘදයාබාධයක් ඇති වීමට තිඛෙන ප්‍රවණතාවය වැඩියි. එමෙන්ම එලෙස මත්පැන් පානය කරන අය මත්පැන් සමග කෑමට ගන්නා කටගැස්ම වනුයේ තෙල් අධික ආහාර වන බැදපු මස්, බිත්තර, ඔම්ලට්, බැදපු කඩල, සොසේජස් වැනි දෑ නිසා සිරුරේ බර වැඩි වීමත්, සිරුරේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීමත් වක්‍ර ආකාරයෙන් හදවත් රෝගී වීමට බලපානවා. එමෙන්ම වැඩි වශයෙන් මත්පැන් ගත් විට එය හෘද පේශියේ ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමට හේතුවක් වනවා. එනිසා හෘදයට කාර්යක්ෂම ලෙස රුධිරය පොම්ප කිරීමට නොහැකි වීමත් හෘදය වස්තුව දුර්වල වීමත් සිදු වෙනවා. එසේම අධික ලෙස මත්පැන් පානය කරන අයගේ හෘද රිද්මයේ අක්‍රමිකතා නිසා ඇති වන රෝග ද වැඩියි.

මේ නිසා ඔබ මත්පැන් බොන අයෙකු නම් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හෝ හැකිතාක් සීමා කිරීම කළ යුතුයි. ඔබ මත්පැන් පානය නොකරන අයකු නම් හදවතට හොඳක් වේයැයි සිතා හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ මත්පැන් පානය කිරීම අරඹන්න එපා.

ලක්බිම ඇසුරිණි
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment