.

පුරුෂ ශක්තිය වැඩි කරන අර්ශස් රෝගයට ගුණ දෙන උඳු ඇදුම පීනස ආමාශගත රෝග තිබෙන අයට සුදුසු නැහැ

Loading...

පුරුෂ ශක්තිය වැඩි කරන අර්ශස් රෝගයට ගුණ දෙන උඳු ඇදුම පීනස ආමාශගත රෝග තිබෙන අයට සුදුසු නැහැ

අද බොහෝදෙනා කතාබහ කරන දෙයක් ලෙස ආහාරපාන ගැන අප කවුරුත් දන්නවා. ඒ විතරක් නෙවෙයි සමහරුන් ආහාරපාන ශරීරසෞඛ්‍යයට හිතකර වන නොවන දේ ගැන වඩාත් උනන්දු වනවා. පෝෂ්‍යදායී ආහාර වේලකට කවුරුද අකමැති. බෝ නොවන රෝගවලට වඩාත් තුඩු දෙන්නේ අපේ ආහාරපානවල ඇති නොගැලපීම කිව්වොත් එය නිවැරදියි. එබැවින් එවන් රෝගවලින් ආරක්ෂාවීමට නම් වඩාත් හිතකර මෙන්ම පෝෂ්‍යදායී ආහාර වේලකට අප යා යුතුමයි. ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන කතා කරද්දී වැදගත් වන ආහාර අතර පිටි වර්ග බහුලව වෙළඳපොලේ දකින්න ලැබෙනවා. අපේ සිරුරට ගුණ දෙන එවන් පිටි වර්ගයක් වන උඳු පිටි ගැන තොරතුරු බිඳක් වෛද්‍ය මංගලා මහලේකමගෙන් විමසනු ලැබුවා.

ආහාර වේලකට උඳු

උඳු ධාන්‍ය වර්ගයකි. උඳු ඇටවලින් පිටි සකසා ගන්නේ උඳු ඇට කුඩු කර ගලේ අඔරා  කර ගැනීමෙනි. මහා පරිමාණයෙන් කරන විට යන්ත්‍ර සුත්‍ර භවිතා කර සාදා ගනියි. ඇට පෙඟෙන්නට හැර පසුව ගලේ අඔරා ගැනීමෙන් පවතින පෝෂ්‍යදායී ගුණය රැකගැනීමට පුළුවනි.

ඒ නිසා එසේ ගලේ අඹරා ගැනීමේ ක්‍රමය වඩා සුදුසු වේ. උඳු පිටිවලින් තෝසේ, උලුඳු වඩේ, ඉඩ්ලි සකසා ගන්නට හැකියි. උඳු පිටි ආශි‍්‍රත කෑම ඉන්දියාවේ වඩාත් ප්‍රකටයි. ඔවුන්ගේ සෑම ආහාරවේලක් සඳහාම උඳු ආශි‍්‍රත කෑම පිළියෙල කිරීමට අමතක නොකරයි.

බර ආහාරයක් වන මෙයින් හොඳින් කුස පුරවා ගැනීමට හැක. සම්බෝල, සම්බාරු හොදි තෝසේ, උලුඳු වඩේ සමඟ කෑමට ගනී. ඉතාමත් රසවත් හා ගුණයෙන් සපිරි මේ කෑම වට්ටෝරුව උදෑසන අහාර වේලකට කදිමයි. සමහර අය එය රාත්‍රී ආහාරවේල් සඳහාද උපයෝගී කර ගනියි. මේ සඳහා වෙන් වුණු ආපනශාලා වෙනමම අද ලංකාවේ දක්නට ඇත. එළවළු  පමණක් ආහාරයට ගන්නා අයගේ ප්‍රධාන ආහාර ලෙස තෝසේ, වඩේ, ඉඩ්ලි ගත හැකියි.

පෝෂණීය වැදගත්කම

ශක්ති සම්පන්න ආහාරයක් ලෙස උඳු හඳුන්වා දිය හැකියි. කෘෂ බව අඩු කරයි. තන්තු ඇත. ශරීරය සිසිල් කිරීමට උදව් කරයි. මානසික ශක්තිය වැඩි දියුණු කරයි. බුද්ධිය වර්ධනය කරයි. මතකය ශක්තිමත් කරයි. සමේ වර්ණය ඇති කරයි. එසේම සමේ පිරුණු බව ඇති කරයි.

බඩගින්න ඇති කරයි. මළ බද්ධය නැති කරයි. පහසුවෙන් මළ පිටවේ. අර්ශස් රෝගයට ගුණයි. හෘදයට හිත කරයි. ඇස් පෙනීම ඇති කරයි. පුරුෂ ශක්තිය වැඩි කරයි. හොඳින් නින්ද යයි. වාත රෝගවලට ගුණ දේ. ශරීරයේ දැවිල්ල නැති කරනු ලබයි. බඩ පපුව දැවිල්ලට ගුණයි.

ප්‍රවේශම් විය යුතුයි

උඳු පිටිවලින් සාදන කෑම දිරවීමේදී තරමක් අපහසු වේ. ඒ නිසා ආහාර මාර්ගයේ රෝග ඇති අය මෙම ආහාර භාවිතයේදී ප්‍රවේසම් විය යුතුයි. ඇදුම, පීනස හා අජීර්ණ රෝගීන්ටද වැඩිය සුදුසු නැති බව සලකන්න.

ප්‍රයෝජනයන්

මෙහි පවතින ඖෂධීය ගුණ බෙහෙවින් පවතින නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී විශේෂිත ප්‍රතිකාර ක්‍රම සඳහා උපයෝගී කර ගනියි. උදාහරණ අක්ෂි තර්පන එනම් ඇසට කරන විශේෂිත ප්‍රතිකාර ක්‍රමයකි. උඳු පිටි ඊට අමතරව කසාය සඳහාද භාවිතයට ගනී. ඖෂධීය ගුණයෙන් සකසා බලන විට ආයුර්වේදයේ මෙවැනි ප්‍රතිකාර ක්‍රමවලට බොහෝ සේ උඳු භාවිතා කරයි.

ස්වර්ණා ආරියවංශ
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment