.

සිරුර පුෂ්ටිමත් කරන ලිංගික ආබාධ නසන උඳු ඔසුවේ විශ්මිත රහස් මෙන්න.

Loading...

සිරුර පුෂ්ටිමත් කරන ලිංගික ආබාධ නසන උඳු ඔසුවේ විශ්මිත රහස් මෙන්න.

උඳු ආහාරයක් වශයෙන් මෙන්ම ඖෂධයක් වශයෙන් ඉතා ඈත අතීතයේ සිටම මේ දක්වා භාවිතා වේ. උඳු පිළිබඳව තොරතුරු ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් බවට සාක්ෂි ඇත. උඳු මුං වලට සමානව වැවෙන පැලෑටියක් ද වේ. මෙය ධාන්‍ය අතුරින් පෝෂණ ගුණය අතින් වැඩිම ආහාරයක් ද වේ. උඳු සම්පූර්ණ වශයෙන් හෝ පියළි වශයෙන් හෝ තම්බා ආහාරයට ගැනීම සිදු වේ. ඉන්දියාවේ උඳු ඉතා පුළුල් වශයෙන් භාවිතා වන අතර ඉඩ්ලි, ව්‍යංජන, පපඩම්වලට භාවිතා කර ගනියි. මෙහි ලා කරල් එළවළුවක් වශයෙන් භාවිතා වේ. ඒවා පෝෂණය ගුණයෙන් ඉතා ඉහළය. උඳු ඇට පොත්ත හා ගසේ වියළි පිදුරු ගව ආහාරයක් ලෙස ද යොදා ගැනේ. පෝෂණය මෙන්ම ඖෂධීයව ද වටිනාකමක් ඇති උඳු ගැන කතා නොකරම බැරි නිසා අපගේ මේ විමසුම උඳු ගැනයි.

උඳුවල ස්වභාවය


උඳු පැණි රසයකින් යුක්ත වේ. ශීතල කාරක ගුණයක් ඇත. මල වැඩි කිරීමේ ගුණය ඇත. වාත සමන හා වාජීකරණ ගුණ ඇත. උඳු වැඩිපුර භාවිතයෙන් උදරයේ වාතය පිරීම ඇති කරයි. මුත්‍රාබාධ හා රක්තවාත ඇති අය උඳු වැඩිපුර ගැනීම සුදුසු නැත. හේතුව වන්නේ එය ඔක්සලික් අම්ලය ඉහළ ප්‍රමාණයකින් පවතින බැවිනි. මේ මගින් සෙම් පිත් වඩයි. ආහාර රුචිය වඩන උඳු බාහිර වේදනා අඩු කරයි. ශරීරය ශක්තිමත් කරයි. මල කැටි කිරීම හෙවත් සංගහන ගුණ ඇත. වේදනා නාශකයක් ද වේ. අක්මාව උත්තේජනය කරයි. මුත්‍රා කාරකයි.

ඖෂධීය වටිනාකම

කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්ධනය කරයි. ශුක්‍ර වර්ධනය කරයි. ශරීරය පුෂ්ටිමත් කරයි. ශරීර ශක්තිය වැඩි කරයි. විශේෂයෙන් වාත සමන ගුණ ඇති බැවින් වාත රෝගවලට හිතකරයි. කල් ගත වූ අජීර්ණ රෝගවලට මෙන් ආමාශගත තුවාලවලට ද උඳු කසාය ගුණ දායකයි. රක්ත අතීසාරය, පිත්ත නාළිකා ප්‍රදාහය, පක්ෂාගාත අර්ධිත, අර්ශස් රෝග, ආම වාත අක්මා රෝගවලට ගුණ දෙයි. වාත රෝගවලට ගන්නා කසායවලට උඳු භාවිතා කරයි. රෝගවලට ප්‍රතිකාර යෙදීමේදී පැලැස්තර යොදන විට ඒ සඳහා උඳු ඇල් දියෙන් අඹරා ආලේප කරයි.

උඳු භාවිතා කර සාදා ගන්නා ඖෂධ වර්ග

වාජීකරණ ඝ්‍රතය, වාජීකරණ පිණ්ඩ රස, වෘශ්‍ය රස, මාස බලාදික්වාතය, වෘශ්‍ය ක්ෂීරය, මහා මාස තෛලය යන මේවා අඩංගු වේ. ශුක්‍ර දුර්වලතාවයට හා ස්වේත ප්‍රදර (සුද යාම) හෙවත් ලියුකෝරියා යන රෝගවලට මාෂාදී මෝදකය සුදුසු වේ.

ප්‍රතිකාර

 උදරයේ වාත පිරීම

පෙරුම්කායම් ස්වල්පයක් සමග ඉ`ගුරු හෝ ගම්මිරිස් මිශ්‍ර කර ආහාරයට ගන්න.

 දියවැඩියාවේ මුල් අවස්ථාවට

පැල කරන ලද උඳු කරවිල යුෂ කෝප්ප බාගයක් සහ මී පැණි තේ හැඳි 1/2ක් ගැනීම. පිෂ්ඨ ආහාරවලින් වැළකී දිනකට වරක් මාස තුනේ සිට 4 දක්වා ගත යුතු වේ.

 ලිංගික ආබාධවලට

උඳු පරිප්පු පැය 1/2ක් පමණ පො`ගවා දිය බේරා ගිතෙලින් බැද ගැනීම

- හිසකෙස් දිගුකොට කළුවන්ව හිස්සොරි රහිත වීමට

උඳු හා උළුහාල් එකතු කොට පිසින ලද තලපයක් හිසකෙස්වල තැවරීම.

ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර(කලු පාලම අසල), ගම්පහ ඳ ටෙලි. 075 - 8295302
ගම්පහ ආයුර්වේද

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment