.

පුළුවන් තරම් සෙරෙප්පු නොදා පොළොවේ පය ගහලාම ඇවිදින්න හේතුව දැන ගත්තොත් ඔබ පුදුම වෙයි

Loading...

පුළුවන් තරම් සෙරෙප්පු නොදා පොළොවේ පය ගහලාම ඇවිදින්න හේතුව දැන ගත්තොත් ඔබ පුදුම වෙයි

මම කොයි වෙලාවෙත් පොළොවේ පය ගහලා ඉන්නේZ කියන එක ගොඩක් දෙනා කියන දෙයක්. මේකේ අදහස කොහොම වුණත් වචනාර්ථය නම් සිද්ධ වෙනවා හරි අඩුයි. නිකමට හිතලා බලන්න අද මිනිස්සු ස්වභාවික පොළොවේ සෙරෙප්පු සපත්තු නොදා ඇවිදින්නේ කොච්චර අඩුවෙන්ද කියලා. ඒත් එහෙම නිතර කරන එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන බොහොමයි. මේ ලිපිය දිගටම කියවලා බලන්නකෝ.

ස්වභාවික පොළොවේ පය ගහලා ඇවිදින එක වැදගත් වෙන්න ඉතා හොඳ හේතුවක් තියෙනවා. ඒක තමයි පොළොවේ ආරෝපණය බින්දුවක් වීම. මේ නිසා අපිට ඇති වන විවිධ ආවේග වගේ දේවල් නිසා ලේ ගමනාගමනය වෙනස් වීම නිසා ඇති වන ධන ආරෝපණ ටික ලේසියෙන්ම පොළොවට උරා ගන්නවා. (පොළොවෙන් ඉලෙක්ට්‍රෝන ඇවිත් ධන ආරෝපණ උදාසීන වෙනවා) මෙමගින් ප්‍රතිඔක්සිකාරක වලින් සිදු කරන කාර්යයම කරමින් මුක්ත ඛණ්ඩක විනාශ කරනවා. මේ වැඩේ නිතරම කරන අය මනසින් සන්සුන්, නිරෝගී වගේම සතුටින් ඉන්න පිරිසක් බව තහවුරු වෙලා තියෙනවා.
ගොඩක් වෙලාවට මුහුදු වෙරළක ඇරෙන්න මිනිස්සු සෙරෙප්පු නොදා ඇවිදින්නේ නැතිම තරම්. (ටයිල් පොළොවේ නෙවෙයි, ස්වභාවික පස් උඩ) හිතලා බලන්න ඔබත් නිතර එහෙම ඇවිදිනවද කියලා? නෑ නේද?

කොහොම වුණත් මුහුදු වෙරළක විනාඩි කිහිපයක් ඇවිද්දත් ඇඟට පුදුම සනීපයක්, හැම බරක්ම නිදහස් වුණා වගේ හැඟීමක් එනවා ඔබත් අත් විඳලා ඇති නේද? සමහරු මේකට මුහුදු වතුරේ තියෙන මැග්නීසියම් ලවණ උරා ගන්න එක හේතු වෙනවා කියලත් කියනවා, කොහොම වුණත් ලැඛෙන්නේ බොහොම සුවදායී හැඟීමක්.

ඇත්තටම හිතලා බැලූවොත් අපේ ස්වභාවික තත්වයේදී සපත්තු දාල ඉන්න නෙවෙයි අපි හැඩ ගැහිලා තියෙන්නේ. පිරිසිදු, කටු නැති, අධික සීතල හෝ උණුසුම නැති තැනක සපත්තු නොදා හිටියා කියල හොඳක් මිස නරකක් වෙන්න විදිහක් නෑ. මේ වගේ තැනක ඉද්දි ඔබේ යටි පතුල් වලට ව්‍යායාමයක් ලැඛෙනවා වගේම ශරීරයේ තියෙන අතිරික්ත ආරෝපණ මුදා හැරලා ඒවායින් ස්නායු පද්ධතියට එන සුළු බලපෑම පවා නැති කර ගන්න පුළුවන්.

පාරිසරික හා මහජන නිරෝගී බව පිලිබඳ ජර්නල් ඒකෙන් කරපු පරීක්ෂණ වලින් නිතර මේ විදිහට සෙරෙප්පු නොදා ඇවිදින අයට දැනට තියෙන දිගු කාලීන රෝග සුව කර ගන්න වැඩි හැකියාවක් තියෙන බව පෙනෙන්න තියෙනවා. මේ විදිහට සුව වීම ඉක්මන් වන රෝග අතරට ඉදිමුම්, අධික රුධිර කැටි ගැසීම, මානසික ආතතිය සහ හදවත් රෝග පවා අයත් වෙනවා.

ශරීරයට ස්වභාවිකව රෝග සුව කර ගන්න තියෙන තවත් ක්‍රමයක් විදිහටත් බොහෝ පරීක්ෂකයන් මේ විදිහට සෙරෙප්පු නොදා ඇවිදීම සළකනවා. මේකත් ව්‍යායාම කිරීම, ස්වභාවික ආහාර ගැනීම, නින්ද, පිරිසිදු ජලය පානය, හොඳින් පිරිසිදු වාතය ලැබීම සහ හිරු එලිය ලැබීම තරමටම වැදගත් බවයි ඔවුන් පෙන්වලා දෙන්නේ.

වෝර්සෝහි හමුදා චිකිත්සක රෝහලේ ස්නායු ශල්‍යකර්ම දෙපාර්තමේන්තුව පවා සොයාගෙන තියෙනවා නිතර සෙරෙප්පු නැතිව ඇවිදින අයගේ රුධිර ගත යුරියා සාන්ද්‍රණය අඩු බව. ඒ වගේම නිතර ව්‍යායාම වලට පසුව සිදු කරන දිවීම මුහුදු වෙරළක වගේ කිරීමෙන් මාංශ පේශි වැඩීම පවා ඉක්මන් වන බව ඔවුන් තහවුරු කරගෙන තියෙනවා.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ෙසෙල විද්‍යා ඒකකය සොයා ගෙන තියන විදිහට මෙහෙම පාවහන් නැතිව ඇවිදින අයගේ රුධිර සංසරණය වඩා හොඳින් සිදු වන බව තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ මුහුණ ප්‍රදේශයටත් රුධිර සංසරණය ක්‍රමවත් වෙන බවට සාක්ෂි තියෙනවා. මේකට ප්‍රධාන හේතුව රුධිරයේ ගලා යන හැකියාව වැඩි වීමයි. හදවත් රෝග වලින් වැළකෙන්න මේක ඉතා හොඳ, පහසු ක්‍රමයක්.


අද කාලේ බොහෝ දෙනා දවසම ගත කරන්නේ සපත්තු සෙරෙප්පු දාගෙන නිසා ශරීරයත් පොළොවත් අතර ආරෝපණ හුවමාරු වෙන්න ඉඩක් නෑ. ඒ වගේම සීතල පොළොවක ඇවිද්දාම ශරීරයෙන් ඉවත් වෙන උෂ්ණය පවා ඇෙඟ්ම රැඳිලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාව වගේ ඝර්ම කලාපීය රටකට මේ විදිහට උණුසුම එකතු වීම හොඳම නැහැ. ස්වභාවිකව අපිට පොළොවත් එක්ක ගනු දෙනු කර ගන්න ලැබුණු අවස්ථාවක් අපිම වහලා දාගෙන ඉන්නවා.

ඉස්සර තිබුණු අඩිය හමින් සෑදු සපත්තු නම් තරමක් දුරට ශරීරයට හිතකරයි. ඒත් දැන් තියෙන හම් සපත්තු වල පවා අඩිය එක්කෝ රබර් නැත්නම් ප්ලාස්ටික්. මේ නිසා පුළුවන් තරම් පාවහන් ඉවත් කරලා ස්වභාවික පරිසරයේ ඉන්න. මේක ඔබේ ගෙවත්තේම පස් හෝ තණකොළ තියෙන තැනක වෙන්නත් පුළුවන්. එහෙම කරාම ඔබටත් මේ කියපු ප්‍රයෝජන ගන්න ලොකු ඉඩක් ලැබේවි. ඇෙඟ් උෂ්ණය ඉවත් වෙලා ගිහින් ලොකු සැහැල්ලූවකුත් දැනේවි.

නිකමට මේක සතියක් කරලා බලන්න. හැමදාම පැයක්වත් ස්වභාවික පොළොවේ පය ගහලා ඉන්න. ඇවිදින එක තමයි හොඳම දේ, නමුත් එක තැන හිටගෙන හෝ වාඩි වෙලා හිටියත් කමක් නෑ. සතියකට පස්සේ බලන්න ඔබ කලින්ට වැඩිය මොන තරම් නිවුණු කෙනෙක් බවට පත් වෙලාද කියලා.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment