.

ඔබ ඔසප් දවස් ගත කරන්නේ අපහසුවෙන්ද?මෙන්න මඟ හරවා ගැනීමට ක්‍රම.

Loading...

ඔබ ඔසප් දවස් ගත කරන්නේ අපහසුවෙන්ද?මෙන්න මඟ හරවා ගැනීමට ක්‍රම.

ගැහැණු ළමයෙකුගේ ජීවිතයේ වයස අවුරුදු 12 පමණ වන විට විවිධ වෙනස්කම් වෙන්න පටන් ගන්නවා. කායිකව වගේම මානසිකවත් සිදුවන මෙම වෙනස්කම් සියල්ලේම පදනම ආරම්භ වන්නේ මල්වර වීමත් සමඟ. නිසි වයසට මල්වරවීමත් සමඟ ආරම්භවන මාසික ඔසප් වීම සෑම ගැහැණු දරුවකුටම අත්විඳින්න සිදුවෙනවා. මාසික ඔසප් වීම කියන්නේ ගැහැණු දරුවකුට මතක් කළත් අමිහිරි අත්දැකීමක්. නමුත් අනාගතයේ විවාහපත් වී ඇය මවක බවට පත්කරවන සුන්දර අත්දැකීමේ පදනමත් මේ ඔසප් වීම බවත් මතක තබාගත යුතුයි.



කෙසේ වුවත්, ඔසප් වීම තරුණියගෙන් තරුණියට වෙනස්. වේදනාව සාමාන්‍ය දෙයක් වුවත් එය එක් එක්කෙනා අනුව අඩු වැඩි වෙනවා. සමහර කෙනෙක්ට වේදනාවක් දැනෙන්නේවත් නැති තරම්. ඒ කොහොම වුණත් හැම තරුණියකටම ඔසප් වීම සම්බන්ධයෙන් කුමන හෝ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔසප් සිදුවන දින කිහිපය කවුරුත් ගත කරන්නේ අපහසුවෙන්. පාසල් දැරියන් නම් ඒ දිනවල පාසල් යෑමට පවා ප්‍රතික්ෂේප කරනවා නමුත් ඔසප් කියන්නේ තමන්ගේ දෛනික ජීවිතයේ වැඩ කටයුතුවලට බාධා කරගත යුතු දෙයක් නොවේ. සාමාන්‍ය දිනයක මෙන් වැඩ රාජකාරී කරගැනීමට හැකි ආකාරයට ඒ දිනවලටත් හැකිවිය යුතුයි. ඒ සඳහා ඔබට අනුගමනය කළ හැකි ක්‍රම තිඛෙනවා. ඒවා ඔබට ආවේණික කරගන්න. එවිට ඔසප් දිනයක් සාමාන්‍ය දිනයක් වගේ ගතකරන්න පුළුවන්.

දිනය මතක තබා ගන්න

බොහෝ තරුණියන්ට ඔසප් දිනය මතක නැහැ. දිනය මතකයේ තබා ගැනීම කියන්නේ ඔසප් නිසා ඇතිවන අපහසුතා රැසක් මඟහරවාගැනීමට පහසු ක්‍රමයක්. දිනය අමතක වෙනවා නම් ඉස්සර කළේ ලියලා තියාගන්න එක. ඒත් දැන් ස්මාර්ට් දුරකතනය නිසා ඵහ ක‍්කැබා්ර Aචච එක භාවිතා කරන්න පුළුවන්. එය මාස්පතා ඔබේ ඔසප් දිනය මතක් කරගැනීමට උදවු වෙනවා.

මතකයේ තබා ගැනීමේ වාසි

දිනය මතකයේ තිඛෙන විට දිනය ළංවෙත්ම ඔබට පුළුවන් සනීපාරක්ෂක තුවා කිහිපයක් ඔබ නිතර පරිහරණය කරන තැනක තියාගන්න. ගෙදර නම් එක පැකැට්ටුවක් ඉවර වෙන්නත් පෙරම තවත් පැකැට්ටුවක් ගෙනත් තබාගත යුතුයි. ඔබේ අත්බෑගයේ නම් අනිවාර්යයෙන්ම සනීපාරක්ෂක තුවා තබාගන්න. ඔබ ළඟ සනීපාරක්ෂක තුවා නැතිනම් දිනය ගැන මතකයේ තිබීමෙන් ඔසප් වීමට පෙරම සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට ඔබට පුළුවන්. ඊට අමතරව වේදනානාශක පෙති හෝ ආලේපන ආදියත් හදිසියේ ඔබට ගත හැකි දුරකින් තබාගන්න දිනය පිළිබඳ මතකය උදව්වක් වෙනවා ඇති.

සුව නින්දක් සහ විවේකයක්

ඔසප් වීමත් සමඟ ඒ දින කිහිපය මානසිකවත් කායිකවත් සිරුරේ වෙනස්කම් සිදුවෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක් වුවත් එය ඔබට අපහසුතාවක් වෙන්න පුළුවන්. ඒ දින කිහිපයේ වෙනදා වගේ නිදිවැරීමෙන් දුර ගමන් බිමන් යෑමෙන් වැලකී සිටීම සුදුසුයි. නමුත් මේ කියන්නේ පාසල් යෑම, රැකියාවට යෑම නතර කරන්න කියා නොවේ. අමතර මහන්සි වීම් මඟහැර සාමාන්‍ය රාජකාරීවල යෙදෙන්න ඔබට පුළුවන්.

හොඳින් වතුර බොන්න.

වතුර වැඩිපුර පානය මේ දිනවල අත්‍යවශ්‍යයි. මේ කාලයේදී සිරුරේ උෂ්ණත්වය වැඩි වෙනවා. සිරුර විජලනය වුණොත් ඔබට දැනෙන අපහසුතාවත් වැඩිවෙන්න පුළුවන්. හොඳින් වතුර බොන්න. එවිට ඔබට දැනෙන වේදනාව වුවත් පාලනය වෙන බව ඔබටම දැනෙනවා.

ආහාර ගැන සැලකිලිමත් වෙන්න

මේ කාලයේදී සිරුරේ උෂ්ණත්වය වැඩි කරන ආහාර ගැනීමෙන් වළකින්න. හැකි තරම් සිරුරේ සිසිල් බව ආරක්ෂා කරන ආහාර පමණක් ගන්න උනන්දු වෙන්න.

ඇඳුම් ගැනත් හිතන්න

ඔසප් වීම සිදුවන දිනවල ඔබේ සිරුරේ කායික වෙනස්වීම් ගැන දැනටමත් ඔබ දන්නවා. ඒ නිසා ඒවා ගැන අවධානයෙන් ඉන්න. ඒ අවධානය ඔබේ අපහසුතා මඟහරවා ගැනීමට උදවු වෙනවා. විශේෂයෙන්ම ඔබේ පියයුරු සහ කලව ප්‍රදේශ ඒ දිනවලදී තරමක් මහත් වෙන බව ඔබ අත්දැක ඇත. ඒ නිසා ඒ දිනවල ඔබ අඳින යට ඇඳුම් සාමාන්‍යයෙන් අඳින ඒවාට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාල වීම ඔබට පහසුවක් වෙයි. නැතිනම් ඒවා සිර ගතියක් දැනුණොත් ඔබට එය අපහසුතා ඇති කරනවා. ඩෙනිම් වැනි ඇඟට සිර ඇඳුම් විලාසිතා වෙනුවට සැහැල්ලූ ඇඳුම් අඳින්නත් උනන්දු වෙන්න.

පිරිසුදු වීම

ඉස්සර නම් කිව්වේ ඔසප් වුණාම නාන්න එපා කියලයි. නමුත් දැන් වෛද්‍ය උපදෙස් අනුව හොඳින් දිය නා පිරිසිදුකම මෙන්ම ඇඳුම්වල පිරිසිදුකම ගැනත් හිතන්න‍‍. දිනකට දෙවරක් හෝ තුන්වරක්වත් සනීපාරක්ෂක තුවා මාරු කරන්න. එය පිටවන රුධිර ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්.

- සමාධි ඕබඩ ආරච්චි

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment