.

බත් කෑවත් කල්පනාවෙන් කැඩුණු හාල් කෑම හොඳ නෑ ගුණ රතු නාඩු අපි අහාරයට ගන්න ඕන බත් ගැන ඖෂධීය රහස් ටිකක් මෙන්න

Loading...

බත් කෑවත් කල්පනාවෙන් කැඩුණු හාල් කෑම හොඳ නෑ ගුණ රතු නාඩු අපි අහාරයට ගන්න ඕන බත් ගැන ඖෂධීය රහස් ටිකක් මෙන්න.

පෙර­දිග ධාන්‍යා­ගා­රය ලෙස හඳු­න්වනු ලැබූ ශ්‍රී ලංකාව අනා­දි­මත් කාල­යක සිටම බත බුල­තින් සශ්‍රී­කව තිබු බවට ඉති­හා­සය සාක්ෂි දරයි. ක්‍රි.පූ. අට­සිය වන සිය­ව­ස­ටත් ඉපැ­රණි කාල­යක සිටම වී ගොවි­තැන මෙරට ප්‍රධාන කෘෂි­ක­ර්මා­න්තය බවට පත්ව තිබූ බව පැවැ­සෙයි. මෙලෙස එදා සිට අද දක්වාම සහ­ලින් ස්වයං­පෝ­ෂි­තව තිබූ ශ්‍රී

ලංකාවේ ප්‍රධාන ආහා­රය බත් වුවද වර්ත­මා­නය වන විට බත් ආහා­ර­යට ගන්නා බොහෝ දෙනෙ­කුට දිය­වැ­ඩි­යාව, අධික තර­බා­රුව, රුධි­රයේ කෙලෙ­ස්ට්‍රෝල් ප්‍රමා­ණයේ ‘ටී.ජී’ ප්‍රමා­ණය (triglyceride - ට්‍රයි ග්ලිස­ර­යිඩ් ප්‍රමා­ණය) ඉහ­ළ­යාම වැනි රෝග තත්ත්ව­යන් බහු­ල­වම දක්නට ලැබීම තර­මක් පුදුම සහ­ග­තය.

සාමාන්‍ය පුද්ග­ල­යෙක් තම ශරී­ර­යට ලබා ගත යුතු ශක්ති ප්‍රමා­ණ­යෙන් සිය­යට හැටක පමණ ප්‍රමා­ණ­යක් පිෂ්ට ධාතු­වෙන් ලබා ගත යුතු බව සඳ­හන් වුවද සම­බල ආහා­ර­යක් ලබා ගැනීමේ දී පිෂ්ට­යෙන් ලබා ගන්නා ශක්තිය අන­වශ්‍ය ලෙස ලබා­නො­ගැ­නී­ම­ටත් වග­බලා ගත යුතුය. ඒ මන්ද යත් පිෂ්ටය සහිත ආහාර වැඩි­පුර ගැනීම නිසා ඉහත කී රෝග වැලැ­ඳීමේ හැකි­යාව වැඩි බැවිනි.

ලංකාවේ භාවිත වූ පාර­ම්ප­රික සහල් වන සුව­ඳැල්, කළු හීනටි, මා වී, පච්ච­පෙ­රු­මාල්, කුරුලු තුඩ, රත්දැල්, මඩ­ත­වාළු ආදී සහල් වර්ග ජන­තාව අතර මූලික ස්ථාන­යක් ගෙන තිබුණි. මෙම පාර­ම්ප­රික සහල් වර්ග­වල පෝෂ්‍ය පදාර්ථ ගුණය ඉතා ඉහළ මට්ට­මක තිබෙන බව සහල් පර්යේ­ෂණ ආය­ත­නය මඟින් පර්යේ­ෂණ කර පෙන්වා දී ඇත. මේවායේ ඇති බ්ලූට­මික් අම්ල­යත් (සිරු­රට අවශ්‍ය අම්ල­යකි) ඉතා ඉහළ අග­ය­කින් යුත් විට­මින් හා ඛණිජ ලවණ ප්‍රමා­ණ­යත්, සිරු­රට අවශ්‍ය කෙඳි ප්‍රමා­ණ­යත්, ඉහළ මට්ට­ම­කින් යුතුව පව­තින අතර මෙම සහල් වර්ග අනු­භව කිරීම නිසා රුධි­රයේ සීනි මට්ටම එක­ව­රම ඉහළ නොයා පාල­නය කර ගැනී­මට හැකි­යාව ලැබේ. මේ අනූව බලන කළ ශ්‍රී ලාංකික සමා­ජය බෝනො­වන රෝග­ව­ලින් වළ­ක්වා­ලී­මට සහල් මඟින් එකල විශාල මෙහෙ­ව­රක් ඉටු­කර ඇති බව පැහැ­දි­ලිව පෙනී­යන කරු­ණකි.

සහ­ල්වල අඩංගු පෝෂණ පදාර්ථ

සහ­ල්වල පෝෂ­ණය දෙස බලන විට ,පිෂ්ට ධාතුව -සිය­යට 80 ක් ද ප්‍රෝටීන් - සිය­යට6ත්7ත් අතර ප්‍රමා­ණ­ය­ක්ද‍ ­කෙඳි ප්‍රමා­ණය සිය­යට 1 සිට 1.3 දක්වාද තෙල් ප්‍රමා­ණය සිය­යට දශම 7ක් වශ­යෙන් ද බ්ලූට­මික් අම්ලය වැඩි ප්‍රමා­ණ­යක් ද අඩංගු වේ. මීට අම­ත­රව ඛණිජ ලවණ හා විට­මින් වර්ග විශාල වශ­යෙන් ද අඩංගු වේ. මේවා අපි ලබා ගන්නා සහල් අනූව වෙනස් වේ. තවද සහ­ල්වල ‘සෙල­නි­යම්’ නම් මුල ද්‍රව්‍ය සිය­යට 27 ක් පමණ අඩංගු වන අතර මෙම මුල ද්‍රව්‍ය පිළිකා වළක්වා ගැනී­ම­ටත් හෘද රෝග වළක්වා ගැනි­ම­ටත්, ආත­ර­යි­ටීස් වැනි රෝග තත්ත්ව­යන් වළකා ගැනී­මට බෙහෙ­වින් ප්‍රයෝ­ජ­න­වත් බව සොයා ගෙන ඇත.

එලෙ­සම ක්ෂුද්‍ර පෝෂක ගණ­නා­වක් සහල් තුළ අඩංගු වන අතර මිනිසා ආහා­ර­යට ගන්නා එක බත් කෝප­ය­කින් මැංග­නීස් ක්ෂුද්‍ර පෝෂක පදා­ර්ථය මිනිස් සිරු­රට ලබා දෙයි. මෙය මිනිස් සිරුරේ ස්නායු හා ලිංගේ­න්ද්‍ර­යන්ගේ පෝෂ­ණය හා ක්‍රියා­කා­රි­ත්වය සඳ­හාත් සිරුරේ අති විශාල එන්ස­යිම ප්‍රමා­ණ­යක් නිප­ද­වී­ම­ටත් අවශ්‍ය වේ. සහ­ල්වල ඇති පයිටෝ කෙමි­කල්ස් (phyto cemicals) මඟින් සිරුරේ හෘද රෝග සහ කොලො­ස්ට්‍රෝල් ඇති­වීම වළක්වා ලීමෙහි හැකි­යා­වක් පවතී. එලෙ­සම මෙහි ප්‍රති ඔක්සි­කා­රක ගුණය හෙවත් ඔක්සි­ජන් උරා ගැනීමේ හැකි­යාව (anti oxidant) අඩංගු වේ. අනෙක් අතට බලන විට සිරු­රට අවශ්‍ය ප්‍රොස්ප­රස් ප්‍රමා­ණය, යකඩ, විට­මින් බී සික්ස්, බී ත්‍රී, බී වන් ආදී මිනිස් සිරු­රට අවශ්‍ය විට­මින් සංයෝග රැසක් පවතී. රතු සහල් පරි­භෝ­ජ­නය මඟින් සිරුරේ ඇති­වන පිළිකා සෑදීමේ අව­ධා­නම විශාල වශ­යෙන් අඩු කර­ගත හැකිවේ. මෙම කුරුට්ට සහිත සහ­ල්වල ඇති තෙල් මඟින් හද­ව­තට අහි­ත­කර LDL කොලො­ස්ට­රෝල් මට්ටම පහත දැමිය හැකි අතර හද­ව­තට හිත­කර HDL කොලො­ස්ට­රෝල් මට්ටම (High density lipo protein) වැඩි­කර ගත හැක.

වෙළ­ඳ­ප­ළට ගිය විට තද රතු හාල් (Whole grain), තනි­කර සුදු හාල් (කුරුට්ට නොමැති), තම්බන ලද හාල්,තම්බා සක­සන ලද සහල්-රතු නාඩු/සුදු නාඩු (par boild), යනා දී වශ­යෙන් සහල් වර්ග රැසක් දැක ගත හැක. මේවා අතු­රෙන් වඩාත්ම ගුණ දායක වන්නේ රතු නාඩු ගණ­යට අයත් සහල්ය. එහි පෝෂණ ගුණය ඉතා ඉහ­ළය. පුද්ග­ල­ය­කුගේ රුධි­රයේ සීනි මට්ටම එක­ව­රම ඉහළ නොයා පවත්වා ගැනී­ම­ටත් තර­බා­රු­කම අඩු­කර ගැනී­ම­ටත් ඉක්ම­නින් බඩ­ගිනි ඒම වැළැ­ක්වී­ම­ටත් අවශ්‍ය ගුණය මෙම සහල් වර්ග සතුව ඇත. තද රතු සහල් ලෙස හඳු­න්වන නිවුඩ්ඩ සහිත සහල් වර්ග­වල හා තම්බන ලද රතු සහල් වල ඇති කෙඳි ප්‍රමා­ණය, විට­මින් හා ඛණි­ජ­ල­වන ඉතා අධි­කය.

මේ අනුව බලන කල කුරුට්ට සහිත සහල් ආහා­ර­යට එක් කර ගැනීම සැම අතින්ම ගුණ දාය­කය. කුරුට්ට ඉවත් කරන ලද සුදු හාල්වල ගුණා­ත්මක භාවය මීට සාපේ­ක්ෂව අඩුය. එම­නිසා සුදු සහල් පරි­භෝ­ජ­න­යට ගැනීම පිළි­බඳ සලකා බැලිය යුතුය. සුදු සහල් ආහා­ර­යට ගැනී­මෙන් ශරී­රයේ සීනි මට්ටම වැඩි­වී­මට සැම­වි­ටම හේතු වේ. කෙදි මට්ටම අඩු නිසා බඩ­වැලේ ක්‍රියා­කා­රී­ත්ව­යට ද බල­පෑම් ඇති­වී­මට හේතු විය හැක. සුදු සහල් පරි­භෝ­ජ­න­යට ගැනී­මෙන් දිය­වැ­ඩි­යාව සහ තර­බා­රුව වැනි රෝග­ව­ලට ගොදුරු විය හැක.

ශ්‍රී ලාංකි­ක­යන්ට තිබෙන බල­වත්ම බෝ නොවන රෝගී තත්ත්වය වන්නේ දිනෙන් දින රුධි­රයේ සීනි මට්ටම වැඩි­වන දිය­වැ­ඩියා රෝගී තත්ත්ව­යයි. විශේ­ෂ­යෙන්ම කුමන වර්ගයේ දිය­වැ­ඩියා තත්ත්ව­යක හිටි­යත් රුධි­රයේ සීනි මට්ටම වැඩි­වීම පාල­නය කර ගැනිම සඳහා ඔබගේ උසට, බරට, ක්‍රියා­කා­රී­ත්ව­යට, වැළැඳී ඇති දිය­වැ­ඩියාරෝගී තත්ත්ව­යට ගැළ­පෙන සේ සකසා ගත් සම­බල ආහාර වට්ටෝ­රු­වට කුරුට්ට සහිත රතු­හාල් එක්කර ගැනී­මත් තම්බන ලද රතු සහල් නිය­මිත ප්‍රමා­ණ­යෙන් ලබා ගැනී­මත් හේතු­වෙන් සිරුරේ සීනි පාල­නය කර ගැනි­මට ඉඩ ප්‍රස්ථා හිමිවේ. එම­ඟින් දිය­වැ­ඩියා රෝගීන් වය­සට යන­විට ඇති­වන බඩ­වැ­ල්වල ක්‍රියා­කා­රී­ත්ව­යන්හි වෙන­ස්වීම් සඳහා වඩාත් සුදුසු වන්නේ කෙඳි සහිත රතු­බත් වැනි පිෂ්ට ධාතු­වකි. එම­ගින් මල බද්ධය වළක්වා ගැනු­මට මහඟු රුකු­ලක් මෙම කුරුට්ට සහිත රතු සහල් ආහා­ර­යට ගැනී­මෙන් ස්වභා­වි­ක­වම ලැබේ.

එලෙ­සම රතු හාල් සහිත සම­බල ආහා­ර­වේ­ලක් දින­පතා ලබා ගැනී­මෙන් සිරුරේ බර අඩු කර ගැනු­මට ද අව­කාශ ලැබේ. සහ­ල්වල සෝඩි­යම් මූල ද්‍රව්‍යය ඉතා අඩු­වෙන් ඇති බැවින් රුධිර පීඩ­නය සහිත රෝගීන්ට ද බත් පරි­භෝ­ජ­නය ඉතා සුදු­සුය. එලෙ­සම වකු­ගඩු රෝගීන්ට පෝෂ­ණ­වේ­දීන් විසින් ලබා දෙන නිර්දේශ ආහාර වට්ටෝ­රුව තුළ බත් අඩංගු කර ඇත්තේ ද එහි සෝඩි­යම් මූල ද්‍රව්‍යය ඉතා අඩු­වෙන් ඇති බැවිනි. කෙසේ නමුත් ගුණා­ත්ම­කව සහ ප්‍රමා­ණ­වත්ව පිසින ලද සුදු සහල් ද සම­හර රෝගී තත්ත්ව­යන් සඳහා ප්‍රයෝ­ජ­න­වත් බව අප අම­තක නොකළ යුතුය. කෙසේ නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවි­ත­යක් ගත කිරීම සඳහා අප ලබා ගත යුතු හොඳම සහල් වර්ගය වන්නේ කුරුට්ට සහිත රතු හාල් සහ ඒ ආශ්‍රිත ආහාර වර්ගය.

පුද්ග­ල­යකු දින­කට ලබා ගත යුතු සහල් ප්‍රමා­ණය ගැන දැනු­ම්වත් වෙමු.

ප්‍රමා­ණා­ත්මක වශ­යෙන් සළ­කන විට දින­කට අඩි 5ත්6ත් අතර උස කිලෝ­ ග්රෑෑම් 63ත් 65ත් අතර පමණ බර පුද්ග­ල­ය­කුට දින­කට ආහාර වශ­යෙන් ලබා ගත යුතු හාල් ප්‍රමා­ණය වන්නේ හාල් ග්රෑම් 300 ක පමණ ප්‍රමා­ණ­යකි. මෙය පුද්ග­ල­යාගේ එදි­නෙදා ක්‍රියා­ව­ලින් අනු­වත් රෝග තත්ත්ව­යන් මතත් වෙනස් විය හැකි වුවත් නිරෝගී පුද්ග­ල­යෙක් සඳහා ඉහත සඳ­හන් ප්‍රමා­ණ­යන් අදාළ වේ. වියළි හාල් කෝප්ප භාග­ය­කින් කැලරි 130ක ප්‍රමා­ණ­යක් පුද්ගල සිරු­රට සැපයේ. ‍

සහල් පරි­භෝ­ජ­නය කරන විට ඔබ වඩාත් සැල­කිය යුතු කරුණු කිහි­ප­යකි.

* පිරි­සුදු ජලයේ සහල් හොඳින් සෝදා හැරී­මට අම­තක නොක­රන්න.

සහල් හොඳින් සේදී­මෙන් සහ­ල්ව­ලට එන බැසි­ලස් ගණයේ බැක්ටී­රියා වර්ග මෙන්ම පුස් වර්ග ද සම­හර වෙළෙ­ඳුන් එකතු කර ඇති රසා­ය­නික හා පාට වර්ග ද ඉවත් කිරී­මට හැකි­යාව ලැබේ.

*බත් පිසී­මේදී විශේ­ෂ­යෙන්ම එම සහ­ල්ව­ලට නිවැ­රදි ප්‍රමා­ණ­යට ජලය යොදා උතුරා අව­සන් වූ විට මද රස්නයේ වසා තැබීම සාමාන්‍ය පිළි­වෙ­තයි. නමුත් අද රයිස් කුකර් විදුලි උප­ක­රණ මඟින් බත් පිසීම සිදු කරන බැවින් සහල් ඇටය බත් බවට පත්කි­රීමේ දී එය බෙරි බවට පත් නොකර ගැනී­මට වඟ­බලා ගත යුතුය.

යම් හෙය­කින් ජලය වැඩි පුර­යොදා බත් බෙරි වුව­හොත් එය ශරී­රයේ සීනි මට්ටම වැඩි වීමට බලපෑ හැකි හේතු­වක් විය හැක. නමුත් ජීර­ණ­යට පහ­සු­වක් වේ.

* බත් පිස අව­සන් වන­තුරු හැදි මිටෙන් හා කෝටු­ව­ලින් කූරු ගෑමෙන් වැළකී සිටින්න.

මෙසේ කූරු ගෑමේ දී බත් ඇටය කැඩී­ම­කට ලක්වේ. එය ද බත්වල ගුණා­ත්මක භාව­යට හා පෝෂ­ණ­යට බල­පානු ලබයි.

* බත් වලට ගුණා­ත්මක භාව­යෙන් යුතු පිරි­සුදු තෙල් හැන්දක් එකතු කිරීම තුළින් බත් ඇට එකට ඇලීම වළකා ගත හැක.

පාර­ම්ප­රික සහල් සහ වෙළෙ­ඳ­ප‍ෙළ් ඇති අනෙ­කුත් සහ­ල්වල මිල ගණන් බැලූ­විට කිලෝ­වක් රුපි­යල් 65 සිට 250 දක්වා වූ මුද­ල­කට සහල් වර්ග අලෙවි වේ. මෙහිදී පෝෂ­ණ­වේ­දීන් රෝගී­නට ආහාර නිර්දේශ කිරීමේ දී බොහෝ­විට සිදු වන්නේ මහ­ජ­න­තාව අතර වැඩි­යෙන්

භාවිතා වන මෙම සහල් වර්ග අනුව ලබා ගත යුතු ආහා­රය නිර්දේශ කිරී­මයි. වර්ත­මා­නයේ සහල් පරි­භෝ­ජ­නය කිරීම පිළි­බඳ මිනි­සුන් තුළ බියක් ඇතිව තිබේ.

සහල් නිෂ්්පා­ද­නයේ දී යොදන රසා­ය­නික පොහොර සහ අධික ලෙස යොදන කෘමි­නා­ශක සහ වල්නා­ශක අඩං­ගු­වීම නිසා එම සහල් පරි­භෝ­ජ­නයේ දී සහල් තුළින් මිනිස් සිරු­රට ඇතුළු වන ආස­නික් හා කැඩ්මි­යම් වැනි රසා­ය­නික සංයෝග නිසා වකු­ගඩු රෝගී තත්ත්ව­ය­න්ව­ලට මුහු­ණ­පෑ­මට සිදු­වෙන බවයි. නමුත් ප්‍රමි­ති­යෙන් යුතු සහල් භාවි­ත­යත් නිවැ­රදි ආකා­ර­යෙන් හා නිවැ­රදි ප්‍රමා­ණ­යෙන් සැකසූ කෘමි­නා­ශක හා පොහොර යෙද­වී­මට කට­යුතු කිරී­මත් ඒ සඳහා අවශ්‍ය නිවැ­රදි අධී­ක්ෂ­ණ­යත් ලබා දෙමින් ගොවි මහ­තුන් දැනු­ම්වත් කිරි­මත් කළ යුතුම වේ. ඒ සඳහා සහ­ල්වල ප්‍රමි­තිය පරීක්ෂා කර නිර්දේශ ලබා ගැනීම සඳහා සුදු­සු­කම් ලත් රසා­යන විද්‍යා­ඥ­යන්ගේ දැනුම ලබා ගැනීම ද වැද­ගත් වේ.

අප කිසි විටෙක බියෙන් ආහාර ගත යුතු නොවේ. ඒ මන්ද යත් සහල් අපට අත්‍ය­වශ්‍ය ආහා­ර­යක් වන බැවිනි. එය ගොවි­යාට ආදා­යම් මාර්ග­යක් මෙන්ම රටට සම්ප­තක් වන බැවිනි.

තුෂාරි නේරංජා වික්‍ර­ම­සිංහ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment