.

දත් මැදිමේදී ඔබ විසින් නොදැනුවත්වම මෙ වැරදි දහය සිදු කරනවානම් වහා දැනුවත් වෙන්න.දත් මැදිමේදී ඔබ විසින් නොදැනුවත්වම මෙ වැරදි දහය සිදු කරනවානම් වහා දැනුවත් වෙන්න

Loading...

දත් මැදිමේදී ඔබ විසින් නොදැනුවත්වම මෙ වැරදි දහය  සිදු කරනවානම් වහා දැනුවත් වෙන්න.

අප බොහොමයක් දෙනා නොදැනුවත් භාවය නිසා දත් මදිමේදී වැරදි සිදු කර ගනු ලබයි. ඔබ විසින් සිදු කරනු ලබන වැරදි කුමක්දැයි හදුනා ගෙන එම වැරදි ඔබ විසින්ම නිවැරදි කරගන්න.

පළමු වරද - ඉතාමත් ඉක්මනින් දත් මැදීම

ඔබ දත් මැදිමේදී කාලය ගෙන සෑම දතක්ම ඉතාමත් හොදින් මැදගන්න. දත් මදිනා සෑම අවස්ථාවකදීම විනාඩි 2 - 3 අතර කාලයක් දත් මැදීමට දන්ත වෛද්‍යවරුන් විසින් උපදෙස් දී ඇත.

දෙවන වරද - ඉතාමත් තදින් දත් මැදීම

දත් බුරුසුවට ඉතාමත් විශාල ජවයක් දී දත් මැදීම මගින් විදුරු මස් සහ එනමලයට හානි සිදු වේ. එවන් ආකාරයට දත් මැදිමේදී මුඛය තුල තුවාල ඇති වීම මගින් ඒ තුලින් බැක්ටීරියා ඇතුල් වී මුඛයේ ආසාදනයන් ඇති වේ.

තුන්වන වරද - දත් මැදීම ප්‍රමාණවත් තරමට සිදු නොකිරීම

උදෑසන අවදි වූ පසුව පමණක් දත් මැදීම ප්‍රමාණවත් කියා මිනිසුන් සිතුවත් එය ප්‍රමාණවත් නොවේ. දිවා කාලය තුල මුඛයේ බැක්ටීරියාවන් ඇති වන අතර සෑම දන්ත වෛද්‍යවරයෙක් විසින්ම උපදෙස් දෙනු ලබන්නේ අවම වශයෙන් දිනකට දෙවරක්වත් දත් මැදීම සිදු කල යුතුය යන්නයි. එමගින් මුඛයේ බැක්ටීරියා සහ හානිකර ක්ෂුද්‍ර ජීවින් පලවා හැර මුඛය නැවුම්ව තබා ගත හැකි වේ.

හතරවන වරද - පැරණි දත් බුරුසුවක් භාවිතා කිරීම

ඔබගේ මුඛ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමටනම් ඔබගේ දත් බුරුසුව මාස තුනකට හෝ හතරකට වරක් මාරු කරන්න.

පස්වන වරද - වැරදි පැත්තෙන් දත් මැදීම

යම් පුද්ගලයන් තම දත් බුරුසුව කෙලින් අතට හරවා දත් මදිනු ලබයි. නමුත් මෙය ඉතාමත් නරක පුරුද්දක් වන අතර මෙමගින් විදුරු මස් වලට සහ එනමලයට හානි සිදු වේ. මෙසේ සිදු නොකර ඔබ දත් මදින අවස්ථාවේදී ඔබගේ අත අංශක 45 ක ප්‍රමාණයක් නමා දත් බුරුසුව හරස් අතට හරවා දත් මදින්න.

හයවන වරද - පැත්තෙන් පැත්තට දත් මැදීම

ඔබ දත් මැදීමේදී උඩට යටට සහ පැත්තෙන් පැත්තට දත් මැදීමෙන් වලකින්න. එමගින් ඔබගේ එනමලයට හානි සිදු වනු ලබයි. ඔබගේ එනමල ආරක්ෂා කර ගැනීම සදහා වක්‍රාකාර ලෙස මෘදුව දත් මදින්න.

හත්වන වරද - කටුක දන්තාලේපයන් භාවිතා කිරීම

ඔබ වෙළදපොලෙන් මිලදී ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු වන දන්තාලේපයන් මගින් ඔබගේ දත් සුදු කර දෙනු ලැබුවත් එය තාවකාලිය වේ. තවද එමගින් ඔබගේ එනමලයටද හානි පමුණුවනු ලබයි. ඉතාමත් ඵලදායි ස්වාභාවික දන්තාලේපයක් ලෙස පොල්තෙල් භාවිතා කරන්න.

අටවන වරද - දිව මැදීමට අමතක කිරීම

දිව මත බැක්ටීරියාවන් වර්ධනය වන බැවින් ඔබ දත් මදිනා සෑම අවස්ථාවකදීම ඔබගේ දිවත් මැදීමට අමතක නොකරන්න. එමගින් ඔබගේ මුඛයේ රැදීසිටින බැක්ටීරියාවන් විනාශ කරදමා මුඛ සෞඛ්‍යය වර්ධනය කර ගැනීමට හැකි වේ.

නමවන වරද - දත් අතර පිරිසිදු නොකිරීම

දත් අතර පිරිසිදු නොකිරීම අප විසින් සිදු කරනු ලබන ඉතාමත් බරපතල වරදකි. දත් බුරුසුව මගින් අපගේ දත් අතර පිරිසිදු නොවන අතර දත් අතර සිරවී ඇති කෑම කැබලි ආදිය ඉවත් වී නොයයි. මේ සදහා නූල් කැබැල්ලක් ගෙන ඔබගේ දත් අතර පිරිසිදු කරගන්න. එමගින් ඔබගේ විදුරුමස් ආසාදනයන් වලක්වා ගැනීමට හැකි වේ.

දහවන වරද - කෙදි සුමට දත් බුරුසුවක් භාවිතා නොකිරීම

දත් බුරුසුවේ කෙදි ගොරෝසු වීම මගින් විදුරුමස් හානි වනු ලබයි. එම නිසා කෙදි සුමට දත් බුරුසුවක් භාවිතා කර දත් බුරුසුවට යොදන පීඩනය අඩු කර දත් මදින්න.

තවද ඔබ ආමිලික ආහාරපාන පරිභෝජනය කිරීම මගින්ද ඔබගේ එනමලයට හානි සිදු වනු ලබයි එමනිසා ආම්ලික තාවය වැඩි ආහාර පරිභෝජනය කිරීමෙන් වලකින්න.
ඔබගේ දත් සෞඛ්‍යය සම්පන්නව තබා ගැනීමට සිදු කල හැක්කේ කුමක්ද?

රසායනික ද්‍රව්‍ය අඩංගු වන දත් සුදු පැහැ ගන්වන නිෂ්පාදිතයන් පරිභෝජනය කිරීමෙන් වලකින්න. එය ඔබගේ සෞඛ්‍යයටද අහිත කර වන අතර එමගින් ඔබගේ එනමලයද හානි වේ. දත් සුදු පැහැ ගැන්වීම සදහා ස්වාභාවික පිළියම් භාවිතා කරන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment