.

ආහාර මාර්ගයේ රෝග ගණනාවකට සුවදෙන ඉගුරු වල විශ්මිත රහස් මෙන්න

Loading...

ආහාර මාර්ගයේ රෝග ගණනාවකට සුවදෙන ඉගුරු වල විශ්මිත රහස් මෙන්න.

උතුම් ඖෂධ හෙවත් මහෞෂධ යන නමින් හඳුන්වන අතර කටුක රස ප්‍රධානව පවතින ඉඟුරු (Ginger) ශාකයේ අලය බහුලව භාවිතා කරයි. ව්‍යංජනginger5 කෑම බීම රසවත් කරන කුළුබඩු විශේෂයක් ලෙස බොහෝ රටවල විවිධ සංස්කෘතීන් අතර භාවිතා කරනු ලැබේ. ඇඟිලි ආකාරක ස්වරූපයක් ගන්නා ඉඟුරු අලය ගෙවතුවල වැවිය හැකි ශාකයකි. මෙය දේශීය රසයන්ට ආවේනික හොඳ ඖෂධයක් ද වන්නේය.

ඉඟුරුවලින් ලැබෙන ප්‍රයෝජන
 ආහාර රුචිය වැඩි දියුණු කරන බැවින් කුළු බඩු අතර ඉඟුරු සුවිශේෂී තැනක් ගනී.

මස් සහ සමහර මාළු වර්ග පිසීමේදී ඉඟුරු නැතිවම බැරිය. චීන කෑම වලදී ඉඟුරුවලට හිමිවන්නේ සුදුළූණුත් සමඟ අග්‍ර ස්ථානයකි. වමනය නතර කිරීමට ඉඟුරු දෙනු ලැබේ. ආහාර හොඳින් දිරවයි.

මළ හොඳින් පිට කරයි. විිවිධ තැලුම් රෝගවලදී වෙනත් ඖෂධ සමඟ මිශ්‍ර කර පොට්ටනි රත්කර තවයි. රස ගැන්වීමේදී පැණි රස කෑමවලදී මෙන්ම දිවට දැවිල්ල දෙන ව්‍යංජනවලදී ඉඟුරු උපයෝගී කර ගනී. ඉඟුරු යහමින් දැමූ තේ කෝප්පයක් පානය කිරීමෙන් ඈණුම් යෑම නතර වේ.

ඉඟුරු භාවිතය මතක ශක්තිය වැඩි කරයි. ඉඟුරු විකා හෝ මිරිකා ඉතිරි වන හපය විසි නොකර කුරුළෑ මත තැවරූ විට කුරුළෑ ද මර්දනය වී සමේ පැහැය දීප්තිමත් වේ. ඉඟුරු අඛණ්ඩව භාවිතා කිරීම නිසා මාසික ඔසප් වීම ක්‍රමවත්ව සිදුවී පිළිසිඳ ගැනීම් ඇති වේ. ප්‍රෝටීන්, මේදය අධික ආහාර පිසීමේදී ඉඟුරු කැබැල්ලක් එක් කිරිම නිසා උදරාබාධ ඇතිවිම වැළකේ. ප්‍රභේද ගණනාවක් තිබුණද බේත් ඉඟුරු හෙවත් කුඩා අල සහිත වර්ගය ගුණාත්මක බවින් වැඩි බව පිළි ගැනේ.

 ඖෂධයක් ලෙස

 ginger1බඩේ අමාරු සඳහා ඉඟුරු ඉස්ම සමඟ සමහර ඖෂධ වර්ග පානයට දීම අතීතයේ පටන් සිදුව ඇත. වමනය, බඩ යාම වැනි රෝගී අවස්ථාවලදී ඉඟුරු හොඳ ඖෂධයක් වන්නේය. ඒ වගේම වියළි ඉඟුරු සහ අමු ඉඟුරු වශයෙන් ඖෂධ සඳහා භාවිතා කරයි.

 උත්තේජනයට හොඳයි

 මෙහිදී අපගේ සිරුර විවිධ තත්ත්වයන් යටතේ සිදුවන මානසික හා ශාරිරික දුබලතාවන් නිසා පත්වන ආතතිය මඟහරවාලන්නට ඉඟුරු දැමූ තේ කෝප්පයක් පානයට ගැනීම පුරුදුව සිටියා. සාංකාව, පාළුව හුදකලා වීම වැනි අවස්ථාවලදී ඉඟුරු තේ කෝප්පයකින් ලැබෙන්නේ මහත් උදව්වක්.

ශරීරය උත්තේජනයට ලක් කිරිම මින් සිදුවන නිසා නැවත සිරුර ප්‍රාණවත් කරනු ලබයි. විඩාව සංසිඳුවන කම්මැලිකම පලවා හරින ඉඟුරු දැමූ තේ කෝප්පය ගැමියා තුළ පමණක් නොව අද නාගරික ජනතාවටද නැතිවම බැරිය.

 ඖෂධීය වටිනාකම

 හෘදය සහ රක්ත සංවහන ව්‍යුහය උත්තේජනය කරයි.
වේදනා නාශකයි, ඇදුම – උණ නැති කරයි. ඉදිමුම් නැති කරයි. ශරීර බලය වැඩි කරයි. පෝෂණය කරයි.
ස්නායු උත්තේජකයි.
 භාවිතා වන අවස්ථා

 ආහාර අරුචිය, කුසගින්න අඩුකම, අජීර්ණ (ආහාර නිසිලෙස නොදිරවීම), වමනය, උගුරට ඒම, අතීසාරය, බඩ පුරවා දැමීම, වියළි අර්ශස්,ginger3 ස්වර තන්තු ප්‍රදාහ වීම, ප්‍රතිශ්‍යාව, පීනස, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව (ඇදුම /හතිය) හික්කාව, උණ, පැරණි (කල් ගත වූ) උණ, හෘදයේ දුර්වලතාවයට හෘදයේ වේදනාවට, ඉදිමුම, ආමවාත (සන්ධි ඉදිමීම, ප්‍රදාහය) ශරීරයේ පලු ඇතිවීම, උදරයේ ඇතිවන රෝග, ස්නායු රෝග ශරීරය ශීතල වීම, වෙව්ලුම.

 රෝගයන් වලදී භාවිතා වන විධි

 ආහාර අරුචියට, කුසගින්න අඩු වීමට ආහාරයට පෙර අමු ඉඟුරු ලුණු / සවිඳ ලුණු සමඟ ස්වල්ප වශයෙන් කෑම

කටේ ඇතිවන අපි‍්‍රය බවට, දිවේ මල බැඳීම ඉඟුරු, ගම්මිරිස්, තිප්පිළි කුඩු, ඉඟුරු යුෂ සමඟ කටට ගෙන උගුර හා කට සේදීම කර සෙම කාරා දැමීම. හිසරදයට – අමු ඉඟුරු ඇල් දියේ ගලගා ගෑම


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment