.

තප්පර 60 න් කොන්දේ වේදනාව නැති කරන විශ්මිත ප්‍රතිකර්මයක් මෙන්න

Loading...

තප්පර 60 න් කොන්දේ වේදනාව නැති කරන විශ්මිත ප්‍රතිකර්මයක් මෙන්න.

වර්තමානයේ ජිවන රටාව තුළින් ව්‍යායාම කිරීම සදහා අපට කාලයක් වෙන්කර ගැනීම ඉතාමත් අපහසු කටයුත්තක් වෙනවා. අප බොහෝ දෙනෙකුටම ඇත්තේ ඒකාකාරී ජිවන රටාවක්. අප සේවය කරන ස්ථානයේ හෝ වෙනත් ස්ථානයන් හි එකාකාරීව ඉදගෙන සිටිම තුළින් නොනවතින කොන්දේ වේදනාවක් ඇති වෙන්වා. නූතන සමාජය මුහුණ දෙන පොදු ගැටළුවක් වන්නේ මෙම කොන්දේ වේදනාවයි.

ඔබ ඔබගේ වාහනය පදවන විටදී එහෙමත් නැත්තම් මිතුරන් සමග භාණ්ඩ මිලදී ගන්නා විටදී හෝ ඔබගේ මිතුරන් සමග ආහාර ගන්නා විටදී ඔබට මෙවන් අකාරයේ කොන්දේ වේදනාවකට මුහුණ දීමට සිදුවූ විට ඔබ විසින් සිදුකරනු ලබන්නේ කුමක්ද?

තප්පර 60 ක පමණ කාලයක් වැයකර කොන්දේ වේදනාව සුවකර ගැනීම සදහා කළහැකි විශ්මිත ප්‍රතිකර්මයක් තිඛෙනවා ඔබට දැන් තිඛෙනවා. මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ කොන්දේ වේදනාව විනාඩියක පමණ කාලයක් ඇතුළත සුවකරගැනීම සදහා සිදුකල හැකි ඉතාමත් සරල ව්‍යායාමයක්. ඔබට කොන්දේ වේදනාව ඉතාමත් දරුණුවට දැනෙනවානම් පහත දැක්වෙන ව්‍යායාමය සිදුකිරීම සදහා එක් විනාඩියක් වැය කරන්න. මෙය ඔබගේ ශරීරය සන්සුන් කරවන ආශ්වාස කිරීම මගින් සිදුකරනු ලබන ව්‍යායාමයකි. මෙමගින් ඔබගේ කොන්දේ වේදනාවට ඉතාමත් ඵලදායි ලෙස ප්‍රතිකාර සිදුකර ගැනීමට හැකි වේයි.

පහත පියවර අනුගමනය කරන්න

 පහසු ඉරියව්වකින් ඉඳගන්න.
 ඔබගේ ඇස් පියාගෙන ඔබගේ මනස සහ ශරීරය සන්සුන් කර ගැනීමට උත්සහ කරන්න.
 දැන් ඔබගේ දිවේ කෙලවර උඩු ඇන්දේ දත් වලට පිටුපසින් තබාගන්න.
 තප්පර හතරක් පමණ සෙමින් නාසයෙන් හුස්ම ගන්න.
 හුස්ම රදවාගෙන 7 ට ගණන් කරන්න.
 දැන් ඔබගේ මුඛයෙන් එම හුස්ම පිටකරන අතරතුර 8 ට ගණන් කරන්න.
 වාතය පිටකිරීමේ දී කුඩා ශබ්දයක් පිටකරන්න.
 ඉහත පියවරයන් තුන් වතාවක් සිදු කරන්න.

ඔබ සිතනවානම් ඔබගේ කොන්දේ වේදනාව ඇතිවන්නේ ඔබගේ ඉරියව් නිසා කියා ඔබට කොන්දේ වේදනාව සදහටම සුවකර ගැනීම සදහා වෙනත් ව්‍යායාමයක් තිබේනවා. මෙම ව්‍යායාමය සිදුකිරීම සදහා තප්පර 60 ක් වත් ගත නොවන අතර ඔබ දිනපතා මෙම ව්‍යායාමය සිදු කිරීම මගින් ඔබගේ කොන්දේ වේදනාව සුවකරගෙන ඔබ පෙර සිටි ආකාරයට සිටීමට හැකි වේ.

පහත පියවර අනුගමනය කරන්න

 මුනින් අතට වැතිර ඔබගේ අත් පිටුපසට යොමු කරන්න.
 ඔබගේ වැලමිට බිම තබා ඔබගේ ශරීරයේ ඉහල කොටස ඔසවා තප්පර 8ක් රැදී සිටින්න.
 ඉන් පසුව ආරම්භක ඉරියව්වට පැමිණෙන්න.
 මේ ආකාරයට වාර 2 ක් සිදු කරන්න.
මෙයින් පසුව ඔබ උඩු අතට වැතිර ඔබගේ අත් නිදහස්ව තබා ගෙන ඔබගේ දණහිස් නවන්න.
 ඔබගේ ශරීරයේ ඉනෙන් පහල කොටස කෙලින් ඔසවා තප්පටර 8ක් රැදී සිටින්න.
 ඉන්පසුව ඔබගේ දණහිස් පෙදෙස අතින් අල්ලාගෙන නවන්න.
 ඔබගේ පාද, පපුව දෙසට ගෙන තප්පර 8ක් රැදී සිටින්න.
 ඉන්පසුව ආරම්භක ඉරියව්වට පැමිණෙන්න.
 මෙම සම්පූර්ණ ව්‍යායාම කට්ටලයම වාර දෙකක් සිදු කරන්න.
 මෙම ව්‍යායාම නින්දට යාමට පෙර සිදුකර ඔබගේ කොන්දේ වේදනාව සුව කරගන්න. කොන්දේ වේදනාව සුවකර ගැනීම සදහා සෑම විටම ක‍්‍රියාශීලිව සිටීමට මතක තබාගන්න. එමගින් කොන්දේ වේදනාව ඉක්මනින්ම සදහටම සුව කරගැනීමට ඔබට හැකිවේවි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment