.

ඔබත් මෙහෙම කකුල් හරස් කර වාඩි වෙනවද? මෙහි ඵල විපාක ඇසුවොත් ඔබ කවදාවත් එහෙම කරන්නේ නෑ

Loading...

ඔබත් මෙහෙම කකුල් හරස් කර වාඩි වෙනවද? මෙහි ඵල විපාක ඇසුවොත් ඔබ කවදාවත් එහෙම කරන්නේ නෑ

බොහොමයක් කාන්තාවන් හිඳ ගන්නේ මෙලෙස කකුල් හරස් කරලා කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒක හැමෝම දන්නා කරුණක්. එහෙත් මෙහි ඵල විපාක ගැන ඔබ මඳක් සොයා බැලූවද යන්න නම් ප්‍රශ්නයක්.

නවතම පර්යේෂණයකින් විද්‍යාඥයන් විසින් සොයාගන්නා ලද්දේ මෙලෙස හිඳ ගැනීම අතිශයින්ම භයානක තත්වයක් බවයි. එබැවින් මෙම ඉරියව්වෙන් හිඳ ගැනීමට ප්‍රථම ඔබ දෙවරක් මේ පිළිබඳව සිතිය් යුතු වෙනවා.

අපි දැන් බලමු මෙම ඉරියව්වෙන් හිඳගැනීමේදී ඇතිවන භයානක ප්‍රතිඵල මොනවාද කියල.


ඡයදඑද ක‍රුාසඑථ ීඑදජනිහරැන‍සකක ක‍යැබ
කොන්දේ සහ ඛෙල්ලේ වේදනාව ඇති වීම

ඔබ වාඩිවී සිටිනවිට ඔබේ කකුල් දෙකම පොලවට ගෑවී තිබිය යුතුයි. මන්ද මෙසේ සමාන්තරව පොලවේ ගෑවී තිඛෙන විට බර සමාව ඛෙදී යයි. එහෙත් කකුල් හරස් කර හිඳ ගැනීමේදී එක කකුලකට පමණක් බර වැඩි වී අසමතුලිතතාවය ඇති වෙනවා. ඒ නිසා එකපත්තකට ඇති වන පීඩනය වැඩි වෙනවා.

මේ හේතුව නිසාම කොන්දේ සහ ඛෙල්ලේ වේදනා ඇති වීමට මෙය හේතුවක් වෙනවා. ඒ වගේම මෙසේ කකුල් හරස්කර ඉඳ ගැනීමෙන් ඔබේ උකුල් ඇට ඇඹරීමකට ලක්වෙනවා. මන්ද උකුල මෙසේ ඉඳ ගැනීමෙන් ඇතිවන්නේ වේදනාත්මක ඉරියව්වක්. පීඩනය සමාව ඛෙදී නොයාම නිසා ඔබේ ඛෙල්ලට සහ කොන්දට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙනවා. මේ හේතුව නිසාම ඛෙල්ල කොන්ද රිදුම් දෙන තත්වයක් ඇති වනවා මෙන්ම කාලයක් මෙසේ සිටියොත් සුව කල නොහැකි අස්ථි රෝග තත්වයන්ට පවා පත්විය හැකියි.

නහර ගැට ගැසීම

ඇමෙරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලය වුයේ කාන්තාවන් 55% කට සහ පිරිමි 45% කට පමණ නහර ගැට ගැසීමේ තත්වයට ගොදූරු වී සිටින බවයි. මෙසේ ඔබ කකුල් හරස් කර ඉඳ ගන්නේ නම් ඔබේ හදවතට ගෙන යන රුධිර වාහිනී වල ඇති වන තෙරපීම මතම රුධිර වාහිනී වල පීඩනය වැඩි වී රුධිර සංසරණයට බලපෑම් කරනවා.  මේ හේතුව නිසාම රුධිර වාහිනී දුර්වල තත්වයකට පත් වෙන්න පුළුවන් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. බොහෝ කාලයක් ඔබ මෙලෙස වාඩි වී සිටීමට පුරුදු වුවහොත් නහර පද්ධතියේ පීඩනය වැඩි වී දුර්වල වී නහර ගැට ගැසීමේ ක්‍රියාවලියට ඔබව හසු වෙනවා.

ස්නායු තෙරපීම නිසා ස්නායු පද්ධතියට බලපෑම් ඇති වීම

මෙලෙස කකුල් හරස් කර වාඩි වීම හේතුකොටගෙන ස්නායු තෙරපීමකට ලක් වෙනවා. මෙසේ වන්නේ ස්නායු මත එල්ල වන පීඩනය වැඩි වන නිසා.දණහිස ආශ්‍රිතව ඇති වැදගත්ම ස්නායුව මෙසේ තෙරපීමකට ලක්වීම නිසා ඔබේ මාංශ පේශීන් තාවකාලිකව හිටි වැටීමකට පත්ව අඩපණ වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

මෙසේ පුරුද්දක් වශයෙන් දිගටම ඔබ මෙසේ වාඩි වන්නේ නම් ස්නායු අක්‍රිය වීමටද බලපෑමක් වනවා. අංශභාග තත්වයන්ට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් මින් ඇතිවනවා.

අන් අයට ලස්සනට හැඩට පේන්න මෙසේ කකුල් හරස් කර ඔබ වාඩි වන්නේ නම් මේ ඉහත කී කරුණු ගැන දෙවරක් නොව තෙවරක්ම සිතිය යුතු වෙනවා. එය ඔබේ සෞඛ්‍යයට කරන බලපෑම නම් ඇති මහත් නිසා මෙසේ වාඩි වීමෙන් වැලකීම වටිනවා.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment