.

එළවළු වල සැගවුන ඔබ නොදත් විශ්මිත රෝග සුව කිරීමේ ගුණ මෙන්න.

Loading...

එළවළු වල සැගවුන ඔබ නොදත් විශ්මිත රෝග සුව කිරීමේ  ගුණ මෙන්න.

ශ‍්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ අධ්‍යයන අංශයේ  ජේ.ඒ. මාලිකා සඳමාලි විසිනි

”ආරෝග්‍යා පරමා ලාභා” - නිරෝගීකම පරම ලාභයයි.වයස් බේදයකින් තොරව මෙලොව වෙසෙන සෑම පුද්ගලයෙකුගේම ප‍්‍රධාන අභිලාශය සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීමයි.

පුද්ගලයෙකුගේ නිරෝගීකම සඳහා බලපාන කරුණු රාශියකි. ඒ අතර ආහාර හා ආහාර පුරුදු ප‍්‍රධාන තැනක් ගනී. ඔබගේ සෑම ආහාර වේලක්ම සමබල ආහාර වේලක් බවට පත්කර ගැනීම නිරෝගී දිවි පෙවෙතකට ඔබ තබන පළමු පියවර වේ.එළවළු යනු සමබල ආහාර වේලක අත්‍යවශ්‍ය සංඝටකයක් වේ.දිනපතා අවම වශයෙන් එළවළු වර්ග පහක් ආහාර වේලට එක් කර ගැනීම විවධාකාරයේ රෝග රාශියකින් ආරක්ෂා වීමට ඔබට උපකාරී වේ.
එළවළු වල සූවිශේෂී වූ ගුණ
ආහාර වේලට විවිධත්වයෙක් එක් කරන එළවළු විටමින (විශේෂයෙන් විටමින් ඒ, බී හා සී) හා ඛණිජ ලවණ වැනි අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියකින් සමන්විත වේ.ඊට අමතරව රෝගකාරක වලින් ඔබව ආරක්ෂා කළ හැකි විශේෂිත රසායනික සංයොග රාශියක් එළවළු වල අඩංගු වේ.

ෆීනෝල, ටර්පිනොයිඩ, ඇල්කලොයිඩ හා සල්ෆර් අඩංගු සංයෝග ලෙස මෙම රසායනික සංයෝග සංයුතිය හා ක‍්‍රියාකාරිත්වය අනුව වර්ග රාශියකට බෙදා දැක්විය හැකිය.

මෙම එක් එක් සංයෝගය හෘද රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය හා පිළිකා ආදී දරුණු රෝගී තත්ත්වයන් ඇතිවීම පාලනය කිරීමේ හැකියාවන්ගෙන් යුක්ත වේ. ඊට අමතරව ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩි දියුණු කර කෂුද්‍ර ජීවී ආසාදන වැලැක්වීමේ හා අහිතකර රුධිර කොලස්ටරෝල් ප‍්‍රමාණය අඩු කිරීමේ හැකියාවන්ගෙන්ද සමන්විත වේ.

අසහාය ගුණ සහිත එවැනි එළවළු කිහිපයක් හා ඒවායේ ගුණ පිළිබඳව පහතින් සළකා බලමු.

[divider style="solid" top="20" bottom="20"]

කැරට්

හෘද රෝග වළක්වයි

ආන්ත‍්‍රික පිළිකා වළක්වයි


කැරට් වල පවතින පොලිඇසටලින් නම් සංයෝගය අනවශ්‍ය රුධිර කැටි ගැසීම් හා අන්ත‍්‍රයේ තුවාල හටගැනීම් වළක්වයි.එමගින් පිළිවෙලින් හෘද රෝග සහ ආන්ත‍්‍රික පිළිකා වැළැක්වීමට කටයුතු කරයි.

[divider style="solid" top="20" bottom="20"]

ගෝවා

පෙනහළු, ආමාශය, මහා බඩවැල් හා ගුද මාර්ගයේ පිළිකා ඇතිවීමේ අවදානම අවම කරයි


ගෝවා වල පවතින ග්ලූකෝස් නෝලේම් නම් සංයෝගය ආහාර පිළියෙල කිරීමේදී බිඳ වැටී නව සංයෝගයක් නිපදවයි.මෙම නව සංයෝගය පහත සඳහන් ගුණ වලින් යුක්ත වේ.පිළිකාකාරක වලට එරෙහිව ක‍්‍රියා කිරීම, බැක්ටීරියා හා වෛරස් ආදී ක්ෂුද්‍ර ජීවින්ට එරෙහිව ක‍්‍රියාකිරීම හා පිළිකා ඇති වීමට හේතුවන සෛල වලට රුධිරය සපයන රුධිර වාහිනී නිපදවීම වැළැක්වීම. මෙම ගුණයන්ගේ සමස්ත බලපෑම මගින් අවසානයේදි ගෝවා වලට පිළිකා නාශක ගුණය ලබා දේ.

[divider style="solid" top="20" bottom="20"]

බීට් (රතු අල)

හෘදය හා රුධිරවාහිණී පද්ධතිය ආශ‍්‍රිත රෝග අවම කරයි.

වයස්ගත වීමේ ලක්ෂණ පෙන්වීම පමා කරයි.


බීට් වල ඇති කැරටිනොයිඩ වැනි ප‍්‍රතිඔක්සිකාරක සංයෝග මගින් අනවශ්‍ය රුධිර කැටිගැසීම් හා රුධිර නාල වල මේද තැන්පත් වීම අවම කරයි.එසේම නිරෝගී සමක් පවත්වාගෙන යාමට උදව් කිරීම මගින් ඔබේ තරුණ බව රැක දෙයි.

[divider style="solid" top="20" bottom="20"]

නිවිති

වයස්ගත වීම සමග ඇතිවන පහත සංකූලතා අවම කරයි

ඇසේ පෙනීම අඩු වීම

මොළයේ ක‍්‍රියාකාරිත්වය අඩු වීම

මොළයේ රුධිර නාල වල රුධිර කැටි හිරවීම නිසා ඇතිවිය හැකි ආඝාතීය තත්ත්වය

පිළිකා වලින් ආරක්ෂා කරයි

නිවිතිවල අඩංගු වන පීනොලික අම්ල හා කැරටිනොයිඩ යන ප‍්‍රතිඔක්සිකාරක සංයෝග මගින් එයට ඉහත සඳහන් ජීව ගුණයන් ආරෝපණය කර ඇත.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment