.

සොඳුරු රුවකට ආයුර්වේදයේ සැගවුන රහස් මෙන්න ලස්සන වෙන්න කැමති අය අනිවා කියවන්න.

Loading...

සොඳුරු රුවකට ආයුර්වේදයේ සැගවුන රහස් මෙන්න ලස්සන වෙන්න කැමති අය අනිවා කියවන්න.

කැළණිය විශ්ව විද්‍යාලයීය ගම්පහ වික‍්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍ය සාරංගා සේරසිංහ   විසිනි

ස්වභාවධර්මයේ මහගු දායාදයක් ලෙස ‘සොඳුරු රුවක උරුමය’ සැළකීමට පුඵවන උපතේදීම කොයි කාටත් විවිධ මට්ටමෙන් උරුම කරනු ලබන සුන්දරත්වය සැමදාම රැුකගැනීමට සහ තවත් ඔපු නැංවීමට ඔබගේ උනන්දුව සහ උත්සාහය අවශ්‍යයි.

සමේ පැහැය, දීප්තිය, දෑසේ කාන්තිය, හිසකෙස් වල දීප්තිය ආදී විවිධ රූපලාවණ්‍ය පරාසයන්හී කුමන තරාතිරමක ඔබ සිටියත් ඔබට සොඳුරු රුවක් හිමිකර ගත හැකි වේ.

ආයුර්වේදය - ලෙසට එක් වචනයකින් හැඳින්වූවත් රසායන තන්ත‍්‍රය නැතහොත් රසායන වෛද්‍ය ක‍්‍රමය සොඳුරු රුවක උරුමය ලබාදෙන සුවිශේෂී වෛද්‍ය ක‍්‍රමයකි. ආයුර්වේදය ලෙස හඳුන්වන්නේ රසායන ආදී වෛද්‍ය ක‍්‍රම අනු අටක එකතුවයි.ආයුර්වේදය ඉන්දියාවේ උපත ලබා පසුව ලංකාවේ දේශීය රටාවකට හුරුව අත්වැල් බැඳගත් වෛද්‍ය ක‍්‍රමයකි. අද පමණක් නොව ඈත අතීතයේ දී ද ඉන්දියාවේ රුවැති යෞවනියන්ට ප‍්‍රසිද්ධ බව දනිමු. එනිසාම විවිධ අවස්ථාවලදී අපේ රටේ රජවරුන්, ඉන්දීය කුමාරිකාවන් සරණ පාවා ගනු ලැබීය. ඉන්දියානුවන්ගේ දින චර්යාවට එක් වූ ආයුර්වේද රසායන පිළිවෙත් සොඳුරු රුවක් සඳහා අපිත් කථා බහක යෙදෙමු.
රසායන වෛද්‍ය ක‍්‍රමයෙන් ලැබෙන්නේ මොනවාද?
දීර්ඝමායුඃ ස්මෘතිං මේධාමාරෝග්‍යං තරුණං වයඃ
ප‍්‍රභාවර්ණා ස්වරෞදාර්්‍යයං දේහේන්ද්‍රීය මලෝදයං
වාක් ශුද්ධිං ප‍්‍රණතිං කාන්තිං ලබතේ නා රසායනාත්
ලාභෝ පායෝහී ශස්නානාම් රසාදීනාං රසායනම්

දීර්ඝායුෂ - දිගුකල් නිරෝගීව ජීවත්වීමට ලැබේ

ස්මෘති - වයස්ගතවීම සමග ඇතිවන අමතක වීම

මේධා සහ හීනවන බුද්ධිය නැවත ගොඩනගයි

ආරෝග්‍ය - නිරෝගී දිවියක් ලැබේ

ප‍්‍රභා - ලප කැළැල් රහිතව පූර්ණ බවක් ලැබේ

වර්ණ - පැහැපත් සමක් ලබා දේ

ස්වර්ය - පැහැදිලි හ`ඩ සමග මිහිරි වචනය

වාක් ශුද්ධි - ප‍්‍රකාශයට හැකි වේ

තරුණ වයස තරුණයකුට මෙන් රුව හැකියාව බුද්ධිය රැුකදෙයි

දේහ - ඉන්ද්‍රිය බලය ශරීර ශක්තීයහි සහ පසැදුරන්ගේ වියපත් නොවීමයි

කාන්ති - ආකර්ෂණීය පෙනුමයි


තරුණ්‍යය දිගුකල් රැකදීම - ඉටු මතුරකි
ඉහත කරුණු අතර අතිශය වැදගත් කරුණක් වේ. එය තරුණ්‍යය දිගුකල් රැකදීමයි. ජීවිතයේ සුන්දරම අවධිය තරුණ කාලයයි.එලෙසම තමාට හිමි උපරිම සුන්දරත්වය ලැබෙන්නේද මේ කාලයේ දීය. එපමණක් නොව ශරීර බලයෙන් බුද්ධියෙන් සහ හැකියාවෙන්ද හිණි පෙත්තටම නගින කාලයකි තරුණ විය.

සැමදාටම සොඳුරු රුවක උරුමය ලබන්නට නම් තාරුණ්‍යය රැුකගත යුතුය.රසායන වෛද්‍ය ක‍්‍රමය නොහොත් රසායන තන්ත‍්‍රය කල් පවත්නා සොඳුරු රුව ලබාදෙන්නේ එය ඔබට ඇතුලාන්තයෙන්ම ලබාදෙන තාරුණ්‍යයේ සත්කාරයන් නිසයි.

රෝගවලට අප නිතරම මුහුණ දෙන්නෙමු. එම රෝග වලින් ජය ගැනීමට සිරුර ශක්තිමත් වීම තුළ අකාලයේ තරුණ බව ගිලිහීම වළකාලයි. එමෙන්ම වයස්ගත ව් විට තරුණ කාලයේදී මෙන් වැඩපල කිරීමට නොහැකි වේ.ඇස් පෙනීම, කන් ඇසීම ආදී පසැඳුරන් ආශ‍්‍රිත හැකියාවන් දුර්වල වේ.එපමණක් නොව මතකය සහ බුද්ධිය අඩු වේ.

සොඳුරු රුව සුරැකුම
තරුණ බව රැුකගැනීම - ශරීර ශක්තිය, පසැඳුරන්ගේ හැකියාව සහ බුද්ධිය දිගුකල් පවත්වාගැනීමේ එකම මගයි. තරුණ බවෙහි එක් ප‍්‍රධාන සංකේතයක් වන්නේ ඔබගේ සොඳුරු රුවයි. එහි අඩුවක් නොවන්නට වියපත් යැයි කිසිවෙකු නොකියනු ඇත. සොඳුරු රුවක් පමණක් වියපත් නොවී පවත්වාගැනීම නොකළ හැක්කකි.එබැවින් ඉහත විස්තර කරන ලද අංගද ඇතුළත් පූර්ණ තරුණ බවක් සමග ඔබ නිරෝගී, දීඝායූ ලබන ජීවිතයක් ගැන සිතන්න.

සොඳුරු රුවෙන් හරි අඩකටත් වඩා උසුලන්නේ සම යැයි නීවොත් නිවැරදියි. එනිසාම වර්තමානයේ බොහෝ රූපලාවණ්‍ය සත්කාර සම ඇසුරු කරමින් සිදු කෙරෙනවා. රසායන වෛද්‍ය ක‍්‍රමයෙහි පහත කරුණු තුන සම සම්බන්ධව අත්‍යාවශ්‍ය බව පැවසේ. ඒවා නම්,

ප‍්‍රභා

වර්ණ

කාන්ති


වර්ණ
ඔබගේ සමෙහි ද ඉහත කරුණු තුන අඩු වැඩි වශයෙන් පවතී. වර්තමානයේ සමෙහි වර්ණය ගැන පමණක් කථා කිරීම විශාල අඩුපාඩුවකි.ස්වභාව ධර්මය විසින් ඔබට දායාද කරන ලද වර්ණයක් ඇත. එය ඔබට වඩාත් ගැලපෙන වර්ණය බව අමතක නොකරන්න.ඔබගේ පැහැය වෙනස් කරගැනීම නොව එය වඩාත් ඔපවත් කරගැනීමයි වැදගත් වනුයේ.

ප‍්‍රභාව
ප‍්‍රභාව නැතහොත් ඔබගේ සමට පූර්ණ බවක් ලබාගන්න ලප, කැළැල්, කුරුලෑ ආදී සම ඇසුරු කරන ගැටලූ මගහැරීමෙන් සමෙහි කොතැනත් එකසේ පැහැපත් කරගත යුතුයි.
කාන්තිය
තවදුරටත් සඳු මෙන් දිදුලන පෙනුමක් සඳහා සමෙහි නිවැරදි තෙතමනයක් සහ නිවැරදි ආතතියක් ඇති කරගන්න. කාන්තිය යනු එයයි. එමගින් සමට ලැබෙන්නේ දීප්තියකි.

ප‍්‍රභා, වර්ණ, කාන්ති ත‍්‍රිත්වයෙහි සමීපබව ඔබට සොඳුරු රුවක් හිමි කරනු ඇත.

ඇතුලාන්තයෙන්ම ඔබට ලබාදෙන ආයුර්වේද රසායන සත්කාරය දිගුකල් පවතී.එමෙන්ම නිරෝගී දීර්ග දිවියක් ලබා දේ. එය අපූරු සබැඳියාවකි.

රසායන වෛද්‍ය සත්කාර ප‍්‍රතිකාර ඔබට බාහිර සහ අභ්‍යන්තර යන දෙආකාරයෙන්ම ලබා දෙන අතර එය එදිනෙදා චර්යා රටාවට එක්කර ගත හැකි පහසු වෛද්‍ය සත්කාරයකි.සමට පමණක් නොවන විඩාබර සිරුරටත් සත්කාරයක් වන ආයුර්වේද රසායන සත්කාරය දිවි මගට අරුතක් එක් කරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment