.

සොරයිසිස් රෝගයට හොදම ප්‍රතිකාරය චීන කටු චිකිත්සාවයි මේ රෝගය ගැන දන්නැති අය අනිවා දැනුවත් වෙන්න.

Loading...

සොරයිසිස් රෝගයට හොදම ප්‍රතිකාරය චීන කටු චිකිත්සාවයි මේ රෝගය ගැන දන්නැති අය අනිවා දැනුවත් වෙන්න.

චර්ම සෛල වඩාත් ඉක්මණින් ස්ථාපිත වීමට ගන්නා උත්සාහයේදී රත් පැහැ පොතු සේ සම ගැලවීමෙන් මේ රෝගය ඇති වේ. මෙය තීව‍්‍ර ප‍්‍රදාහික තත්ත්වයකි. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ඇති සීමිත විසඳුම් හේතුවෙන් ම සොරයිසිස් රෝගීන් වෙනත් වෛද්‍යකර්මවල පිහිට පතති. චීන කටු චිකිත්සාව බටහිර වෙදකමට සාපේක්‍ෂව සොරයිසිස් රෝගය සඳහා සාර්ථක ප‍්‍රතිකාර සලසන වෛද්‍ය ක‍්‍රමයකි.

සොරයිසිස් චර්මගත ආබාධය ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති විය හැක. එනමුත් වැළමිට, දණිස් සහ හිස් මතුපිට වැඩියෙන් ඇතිවන සෙයක් පෙනේ. තවත් අයෙකුට මෙම රෝගයේ බලපෑම මුහුණේ ද ඇති විය හැකිය. එවිට එය රෝගය ඉක්මවා ගිය පෞද්ගලික සමාජ සම්බන්ධතා පිළිබඳව ගැටළුවක් ද වන්නේය.
සොරයිසිස් රෝගය ප‍්‍රවේණිකව ඇති විය හැක්කකි. චර්ම ෙසෙල නිෂ්පාදනය හා එය සෘජුවම සම්බන්ධය. එය ළගපාත හිටියාට, රෝගයෙකු ස්පර්ශ වූවාට බෝවෙන රෝගයක්ද නොවේ. යම් කෙනෙකුගේ ශරීරයෙන් 30%ක් මේ සොරයිසිස් සමෙන් වසාගත් විට එය තදබල රෝග තත්ත්වයක් ලෙස සැළකේ.

මේ රෝගය අඩාල කරන හේතු සාධක මොනවාද? එය වර්ධනය කරවන හේතු සාධක මොනවාද?
මේ සම්බන්ධව විමසීම රෝගයට ප‍්‍රතිකාර කළමණාකරණය කිරීමේ ප‍්‍රශස්ථතම මගයි. Flare UP  නොහොත් රෝගයේ උත්සන්න වීම් වලට පුද්ගලයාගේ මනෝ භාවය සහ ආතතික මට්ටම සෘජුව බලපෑමක් කරයි. ලතැවුල් සහගත මනෝභාවයක් ඇත්තේ නම් රෝගයේ පැතිරීම වැඩිය. තත්ත්වය වඩාත් උත්සන්න කරවන සාධක අතර දුම්පානය, ඇතැම් ආහාර වර්ග සහ ආසාත්මිකතාව දැකිය හැක. බටහිර වෙදකමේ හැටියට මේ රෝගයට ස්ටෙරොයිඩ, A හා D විටමින ව්‍යුත්පන්න, සම මෘදුකාරක සහ එමොලියන් වර්ග යොදා ගැනේ. මේ කවර ප‍්‍රතිකර්මයක් යෙදුවද රෝගය එතරම් මෙල්ල වීමක් නැති නිසාවෙන්ම ඊට වඩා සාපේක්‍ෂව ඉහළ කාර්යක්‍ෂමතාවයක් සහිත කටු චිකිත්සා ප‍්‍රතිකාර යොදාගත හැක.

කටු චිකිත්සාවේ සාර්ව අරමුණ
ඉතා කුඩා කටු ශ්‍රේණියක් හඳුනා ගන්නා ලද ස්ථානයක් මත ප‍්‍රවේශ කිරීමෙන් ‘‘චී’’ නොහොත් ජීවන ශක්තිය බාධාවකින් තොරව ගලා යාම සඳහා උත්තේජනයක් ලබාදේ. කටු චිකිත්සකයාගේ මූලික අභිප‍්‍රාය වන්නේද සමස්ථයක් වශයෙන් ගත් කළ සිරුරේ ශක්ති ප‍්‍රභව නියමාකාරයෙන් ගලා යාමට පියවර ගැනීමය. විද්‍යාත්මක සාක්‍ෂි අනුව කටු මගින් ගැඹුරින් ඇති සන්නිවේදක ස්නායු උද්දීපනය කරන ස්වභාවික වේදනා නාශකයක් වන එන්ඩොපින මගින් ශරීරගත වේදනා සමනක ක‍්‍රියාකාරිත්වයක් ඇති කරයි.

සොරයිසිස් රෝගයේදී වඩාත් වැදගත් වන්නේ එමගින් ප‍්‍රතිප‍්‍රදාහික යාන්ත‍්‍රණයක් බලගැන්වීමයි. එමගින් සොරයිසිස්
රෝගියෙකුගේ සමෙහි රත්පැහැ ගැන්වීම් සහ ඇතිවන වේදනා තත්ත්වයන්ද සමනය කළ හැක. මෙම කටු ප‍්‍රවේශ කිරීමෙන් ආතතිය සමනය වන ආකාරය ද ධූලක තත්ත්වයන් ඉවතලන ආකාරයද ඔබට ඉදිරියේදී පෙන්වාදෙමු.

චතුර්විධ වූ අරමුණු ඔස්සේ ප‍්‍රතිකාර
කටු චිකිත්සාව සෑම විටකම සමස්ත ශරීරයම පද්ධතියක් කොටගත් (Holistic approach) ප‍්‍රවේශයක් ගන්නා අතර එය ශරීරයේ තුළිතතාවය සාක්‍ෂාත් කර ස්වභාවික ශක්ති ප‍්‍රවාහයක් නියමාකාරයෙන් ගමන් කිරීමට මග හසර ලබාදෙයි. චීන කටු චිකිත්සාවේදී වෙසෙසින්ම සොරයිසිස් රෝගය සඳහා චතුර්විධ වූ අරමුණු සාධනය සඳහා ස්වකීය ක‍්‍රමවේදයන් යොමු කරයි. එය පහත පරිදිය.

1.Cool the Blood
පෙරදිග වෛද්‍ය ක‍්‍රමවේදය අනුව සොරයිසිස් රෝගය රුධිරගත තාපය උත්පාදනයෙහි ඇති වන අසාත්මිකතාවයකි. (Blood Heat disorder)එය රුධිර ධාරාව ආශ‍්‍රය කරගත් ප‍්‍රදාහික තත්ත්වයක් රූපක කරයි. මේ මූලික සන්ධර්භය තුළ කටු චිකිත්සකයා සොරයිසිස් රෝගය සඳහා සිිසිලන ගුණාංග ප‍්‍රවර්ධනය කරන ශරීරගත නිල ස්ථාන තෝරා ගනී.

- මතු සම්බන්ධයි. -

කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රසාද් දේශප‍්‍රිය විසිනි

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment