.

වමනය,අතිසාරය තප්පර ගානකින් හොඳ කරගන්න විශ්මිත ඔසුවක් මෙන්න.

Loading...

වමනය,අතිසාරය තප්පර ගානකින් හොඳ කරගන්න විශ්මිත ඔසුවක් මෙන්න. 

කලාඳුරු අන්ත්‍ර ශක්තිමත් කිරීමට හා මළ පහ කරවන අපූරු ගුණයකින්ද යුක්තය. මෙහි පණුවන් විනාශ කිරීමට හැකියාවක් ඇති බව සඳහන්ය.

ඖෂධ සඳහා අල හා කොළ භාවිතයට ගැනේ. ආමාශ යාන්ත්‍ර ක්‍රියා වැඩි දියුණු කරයි. වමන අතීසාර වලට හොඳයි. දහඩිය ඇති කරයි. තනකිරි වඩයි. පණුවන් නසයි. කෙස් වඩයි. තුවාල සුව කරයි. බඩගින්න වඩයි.

මෙහි අලවල ලොකු කුඩා භේදයෙන් හීන් කලාඳුරු, මහ කලාඳුරු,, ඇත් කලාඳුරු යනුවෙන් වර්ග තුනකි. මේවායේ අල ප්‍රමාණයෙන්ද නාමයන්ගෙන් ද වෙනස්ය. හීන් කලාඳුරු වැඩි වශයෙන් ඖෂධ පිණිස ගනී. එහිදී පිට පොත්ත ගලවා ඉවත් කර ගත යුතුය.

මෙය කටුකයි. අවබෝධවීමේ ශක්තිය වඩයි. සුවඳයි. ලේ දොස් නසයි. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ වැලි හෝ මඩ සහිත බුරුල් පස් හා දිය සීරාව බැස යන තැන්වල වැඩෙන සුවඳවත් කුඩා අල සහිත තෘණ විශේෂයකි.

මෙම පැලෑටිය සඳහා Cyperus rofundus L යන උද්භිද විද්‍යාත්මක නාමය දී ඇත. CYPERACEAE කුලයට අත්ය. මෙය සෙ. මී. 15 – 30 පමණ උසට වැඩෙයි. පත්‍ර සෙ. මී. 5 – 15 දක්වා දිගයි. කඳ පස මතුපිටට ආසන්නව භූ ගතව පවතී.

කළු, දුඹුරු පාටකි. කලාඳුරු අලයේ පිට පොත්ත ඉවත් කළ පසු හොඳ සුවඳකින් යුක්තයි. විශේෂයෙන් ම අජීර්ණයට හේතු කොට ගෙන ඇතිවන්නා වූ අතීසාරයේ දී කලාඳුරු ඉතා හොඳ ඔසුවකි. තවද කැසීම් වැනි රෝගයන්ටද ගුණ දෙන ඔසුවකි.

කලාඳුරු අල ගෙන හොඳින් සෝදා පවිත්‍ර කර වණ්ඩුවේ තම්බා මිරිකා ගෙන ජලයට සීනි ටිකක් දමා බීමෙන් අජීර්ණයට ගුණ දෙයි. එසේම කලාඳුරු අල බෙහෙත් ගලේ දමා ඇල්දියෙන් අඹරා කුරුලෑ ඇති ස්ථානයේ ආලේප කිරීම කුරුලෑවලට හොඳ ඔසුවකි.

කිරි වැඩියෙන් එරීමට කලාඳුරු අල ගෙන ඇල් දියෙන් අඹරා කිරි දෙනු ලබන මව්වරුන්ගේ පියයුරු වල ආලේපය වටී. අතීසාරයට කලාඳුරු අල සහ අමු ඉඟුරු යන දෙවර්ගයෙන් සමානව ගෙන කොටා යුෂ පානය බොහෝ ගුණ දෙන්නකි. කලාඳුරු අල ඇල්දියෙන් අඹරා ආලේප කිරීම චර්ම රෝගයන්ට හොඳයි.

හොඳින් පිට පොත්ත සුද්ධ කරන ලද කලාඳුරු අල කලං 12 ක් ගෙන පත 8 – 1 සිඳ මී පැණි මිශ්‍ර කොට බීමෙන් ශරීර ශක්තිය ඇතිවන බව පැරැණ්නන් අත්දුටු බෙහෙතකි. ඒ වගේම ලේ අතීසාරයට කලාඳුරු අල කලං 12 ක් ගෙන වතුර පත 4 ක්දමා එය පතට සිඳුවා පෙරා ගත් කසාය වරකට කලඳක්, පත 1 / 4 ක් ගෙන මී පැණි කලඳක් මිශ්‍ර කර බීම හොඳයි. ඒ වගේම කලාඳුරු අල සහ ඉරිවේරිය වණ්ඩුවේ තම්බා මිරිකා බීමට දීම කලාඳුරු අල පමණක් ගෙන එළකිරි හා වතුර සමග ක්‍ෂාය කර බීම අතීසාරයට සුදුසුයි.

කලාඳුරු අල, පත් පාඩගම්, සැවැන්දරා, රත් හඳුන්, ඉරිවේරිය, වියළි ඉඟුරු මේවා සමව ගෙන තම්බා ගත් ජලය සිසිල් වූ පසු වරින් වර පානය කිරීමෙන් උණ වරින් වර ගනිද්දි දීමට යෙහෙකි.

අරළු, වියළි ඉඟුරු අල, මේවා සමව ගෙන කුඩු කර උක් හකුරු සමඟ අඹරා වරකට නෙල්ලි ගෙඩියක් පමණ ප්‍රමාණයක් ගෙන උණුවතුර බොන්නට දීමෙන් කැස්සට හොඳ අත් බෙහෙතකි. ඒ වගේම කහ, අරළු, නෙල්ලි, කලාඳුරු අල, තිප්පිලි යන මේවා සමව ගෙන වියලා කුඩු කර මිශ්‍ර කර හෝ මේවායේ පිටි සම සමව ගෙන මිශ්‍ර කර හෝ ගෙන එය මී පැණියෙන් අනා වරින් වර ලේහ (දිවේ ගාන්න) කරන්න. එය ද කැස්ස සුව වීමට තවත් හොඳ බෙහෙතකි. කලාඳුරු අල කලං 8 යි, කරඳ පොතු හා අරළු කලං 4 බැගින් ගෙන කුඩු කර ඇඟේ ආලේප කර විනාඩි 30 ක් පමණ සිට නාන්න. සබන් ගෑමෙන් වලකින්න. ශරීරය සුගන්ධවත් වේ.

ස්වර්ණා ආරියවංශ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment