.

පපුවේ තදබදයට,හිර ගතියට මෙන්න මෙ හොඳම පිළියම් ඔබත් හරියටම පිළිපදින්න සහනය ගෙනදේ නිසකයි.

Loading...

පපුවේ තදබදයට,හිර ගතියට මෙන්න මෙ හොඳම පිළියම් ඔබත් හරියටම පිළිපදින්න සහනය ගෙනදේ නිසකයි.

පපුවේ තදබදයෙන් විශාල පිරිසක් පීඩා විඳී. බහුලව අසන්නට ලැබෙන මෙම තත්වය වෙනත් සෞඛ්ය ගැටළුවක් හෝ රෝගී තත්වයක් පිළිබිබු කිරීමට පුළුවන. ශ්වසන පද්දතියේ රෝගයක් හේතුවෙන් පපුවේ අපහසුතා ඇතිවිය හැක. සෙම්ප්රතිශ්යාව හෝ හෘදමය ගැටළුවක් නිසාද විය හැක. 

තද ගතිය, පීඩනය, හා පපුව ආශ්රිත අපහසුතා පපුවේ තදබදය ලෙස හැඳින්වේ. හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම මෙහි ප්රථිඵලයයි. 

මෙමඟින් පෙනහළු වලට ඔක්ස්ජන් යාම අඩුවේ. පෙර සඳහන් කල පරිදි, මෙයට වෙනත් රෝගී තත්වයක් හේතුව විය හැකි නිසා, වෛද්ය උපදෙස් ගැනීම අවිවාර්ය වේ. පෙනහළු ආශ්රිත සෙම/තරල පිරීම මෙම තද ගතිය දැනීමට ප්රධානම හේතුවයි. 

ආසාදනයක් නිසා ඇතිවන ඉදිමුමක් හේතුවෙන්ද මෙම තත්වය ඇති විය හැක. බැක්ටීරියා හා වෛරසයක් හේතුවෙන්ද මෙම තත්වය ඇතිවිය හැක. 

බලපාන විවිධ හේතු:

*සෙම්ප්රතිශ්යාව

*ක්ලෝමදාහය

*ඇදුම

*භෙම්බිරිස්සා උණ

*නියුමෝනියාව

*පුප්ඵුසීය ශෝථ 

*පෙනහළු පිළිකා

*ආසාත්මික තාවයන්

*හෘදමය ගැටළු

මෙහි ලක්ෂණ:

*කැස්ස

*හතිය

*පපුවේ වේදනාව

*නහයෙන් සොටු දියර ගැලීම

*හුස්ම ගැනීමේදී වේදනාවක් දැනීම

*හුස්ම ගැනීමේදී ශබ්දයක් ඇති වීම

*කරකැවිල්ල

*සෙමත් සමග ලේ

ඉහත ලක්ෂණ වලට අමතරව වෙනත් ලක්ෂණද පහල විය හැක. තවද, ලක්ෂණ කීපයක් එකවර පහල වියද හැක. 

*උණ

*සන්නිය

*ඇඟ පත වේදනාව

*අස්වාස්ථ්යය 

හුස්ම ගැනීමට අපහසු නම් හා සෙමත් සමග ලේ එනවා නම්, තත්වය තරමක් බරපතල වනු ඇත. බරපතල තත්වායකින් තොරව ඇති වෙන පපුවේ තද ගතිය මෙම පිලියම් මඟින් සුව කර ගත හැක. 

පපුවේ ඇති ශ්ලේෂ්මලයන්හි ප්රයෝජනය:

ශ්වසන පද්දතියේ බිත්ති ආරක්ෂා කරයි. අන්තර්ගත වෙන විශබීජ නාශක එන්සයිම හා ප්රතිශක්තීකරණ ප්රෝටීනයන් ආසාදනයන්ගෙන් ආරක්ෂා කරයි. ශ්වසන පද්ද්තියේ ආසාදනයක් ඇතිවුනු විට, සෙම/තරල වැඩි වශයෙන් නිප්දවෙන්නේ මේ හේතුව නිසාය. වෛරස්/බැක්ටීරියා හා මැරුණු ප්රතිශක්තීකරණ සෛල සෙම හරහා ශරීරයෙන් බැහැර වේ. 

කුඩා දරුවන්ට මෙම තත්වය ඇතිවීමේදී සැලකිලිමත් විය යුතුය. මන්ද, ඔවුනට තමා විසින් සෙම/සොටු ඉවත් කර ගත නොහැකි නිසාය. 

පපුවේ සෙම ඉවත් කිරීමට කරම:

*දුම් පානය නවත්වන්න. 

*නාසයේ හා හිස් කබලේ අස්ථි කුහර ආශ්රිත ආසාදනයන්ට ඉක්මනින් ප්රතිකාර කරන්න. 

*සමහර නිවාරකයන් පපුවේ සෙම එකතු කිරීම වැඩි කරයි. 

*මද රශ්නේ වතුර වැඩි වශයෙන් පානය කරන්න. 

*සමහර යෝග ව්යායාම මඟින් සහන ලබා ගත හැක. 

ගෙදරදීම කළ හැකි ප්රතිකර්මයන් කිරීමෙන් තත්වය දුර දිග යාම නවතී. මෙම ක්රම මඟින් ඉක්මන් සුවයක් ලබා ගත හැක. සෑම වයසකම කෙනෙක් සඳහා එම ක්රම භාවිතා කළ හැක. දුර්වල ප්රතිශක්තීකරණ පද්දතියක් ඇති විට ලෙඩ රෝග හා සටන් කිරීමට ඇති හැකියාව අඩු වේ. 

මේ නිසා, සමබර ආහාර වේලක් ගැනීම හැම දේකටම වඩා වැදගත් වේ. විටමින් C අන්තර්ගත වෙන ආහාර වැඩි වශයෙන් ගන්න. කිරි ආහාර සෙම් ගති වැඩි කරන බවට කියැවේ. සැල්දිරි හා ළුණු පරිබෝජනය කරන්න. මද රශ්නෙන් යුත් ආහාර/පානයන් වැඩි වශයෙන් ගන්න. 

මෙම ප්රතිකර්මයන් මඟින් ඔබට සහනය ලබා ගත හැක

*අමුවෙන් හෝ උයා ගෙන පරිබෝජනය කරන්න. මෙමඟින් පපුවේ ඇති සෙම තුනී වෙනු ඇත. නින්දට යාමට පෙර ගෙඩි 5-6ක් පමන ගන්න. අන්තර්ගත වෙන ගන්දගම් සෙම පහසුවෙන් ඉවත් වීමම්ට ඉඩ සලසයි. පසුදා උදේ ඔබට හොඳ සහනයක් දැනෙනු ඇත. 

*උණු වතුර: උණු වතුර පානයෙන් ඝනකම් සෙම දිය වේ. ඔබට තිබහ දැනෙන සෑම විටකම උණු වතුර පානය කරන්න. පපුව මත යම් උණුසුම් දෙයක් තිබීමද සහනය ගෙන දේ. තරමක් උණු වතුරෙන් උගුර සේදීමද සෙම ගැලවී යාමට උදව්වේ. 

කුකුල් මස් සුප්: පෙනහළු වල ඉදිමුම් ගති අඩු කරයි. ගම්මිරිස් භාවිතා කිරීමෙන් ප්රථිපල වැඩි වෙනු ඇත. ශරීරයෙන් ඉක්මනට සෙම ඉවත් වීමද සිදුවේ.

ලෙමන්/මී පැණි: බහුලව භාවිතා වෙන ප්රතිකර්මයකි. මී පැණි මේස හැන්ඳක් රශ්ණේ පානයක් සමග ගන්න. මී පැණි වල බැක්ටීරියා නැති කිරීමේ ගුණ ඇත. මෙම පානයට ලෙමන් එකතු කිරීමෙන් වඩා හොඳ ප්රථිඵල ලබා ගත හැක. 

කළු කෝපි: ඇදුම, හතිය හා හෙම්බිරිස්සාවෙන් පීඩා විඳිනවා නම් කළු කෝපි පානය කරන්න. කෙසේ නමුත්, දිනකට කෝප්ප දෙකකට වඩා බොන්න එපා.

මී පැණි/ගම් මිරිස්: සෙම වල ඝනත්වය අඩු කරයි. පෙර සඳහන් කල පරිදි, මී පැණි වල බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට ගුණ ඇත. ගම් මිරිස් තේ හැඳි 1/2ක් මී පැණි සමග මුසු කොට තලපයක් සදා, එම තලපය ගිලින්න. දවසක තුන් වරක් වත් මෙසේ කරන්න. 
ඉඟුරු තේ: ශ්වසන පද්ධතියේ ඉදිමුම් තත්වයන්ට සහනය දේ. ටොපි හා ලොසීන්ජර වශයෙන්ද ඉඟුරු ලබා ගත හැක. ඉඟුරු කුඩු මී පැණි සමග මුසු කොට ගැනීමද ගුණ ගෙන දේ. 

කාමරයේ ආර්ද්රතාවය වැඩි කරන්න: ආර්ද්රතාවය වැඩි කරන යන්ත්ර පහසු මිළට දැන් ගත හැක. සමෙ/සොටු බුරුල් වී ඉවත් කිරීමට මෙය දායක වේ. 

කපුරු තෙල් ආශ්වාස කරන්න: බැක්ටීරියා වලට එරෙහිව සටන් කරයි. නිර්වේදනික ගුණයන්ගෙන්ද යුක්ත වේ. උණුවතුර මුට්ටියකට තෙල් ටිකක් දමා, රෙදි කැබැල්ලකින් ඔළුව වසා, හුස්ම ගන්න. 

වැල්මී: වැල්මි තේ හ්ඳි 1/2ක් තේ සමග මුසු කර දිනකට තුන් වරක් වත් පානය කරන්න. පානය කරන ද්රව ප්රමාණය වැඩි කරන්න. 

සැර කෑම: ඉඟුරු,සුදු ළුනු, හා ගම් මිරිස් අන්තර්ගත වෙන කැම ගැනීමෙන් සහනය ලැබෙන බව කියවේ. සෙම බුරුල් වී බැක්ටීරියා වලට එරෙහිව සටන් කරයි. 

රට අසමෝදගම්: විවිධ ආහාර වලට මෙය එකතු කල හැක. හිස්ටමින් නිකුත් කරවයි. 

මෙම ප්රතිකර්ම මඟින් ඔබට පපුවේ තද ගතියට හා සෙමට සහනය ලබා ගත හැක. කෙසේ නමුත්, මෙම ප්රතිකර්මයන් භාවිතයෙන් පසුද ගුණයක් නැති නම්, වෛදවරයා හමුවන්න. අධික වේදනාවක්, හුස්ම ගැනීමට අපහසු කමක්, සෙම සමග ලේ, යන තත්වයන් යටතේ නිවසේදී ප්රතිකර්මයන් කරමින් ඉන්න එපා. වහාම වෛද්යවරයා හමු වන්න. 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment