.

සෑම ලිංගික එක්වීමකටම පසු විනාඩි 45 ක් ඇතුලත මුත‍්‍රා කිරීමෙන් ශරීරයට ලැබෙන ප‍්‍රතිලාභ මෙන්න.

Loading...

සෑම ලිංගික එක්වීමකටම පසු විනාඩි 45 ක් ඇතුලත මුත‍්‍රා කිරීමෙන් ශරීරයට ලැබෙන ප‍්‍රතිලාභ මෙන්න.

සෑම ලිංගික ක‍්‍රියාවලියකටම පසුවම මුත‍්‍රා කිරීම වැනි සරල දෙයක් මගින් ඔබේ ශරීරයේ භෞතික පැවැත්ම නගාසිටුවීම හා ආසාදන තත්වයන් සමග සටන් කිරීම වැනි විශාල ප‍්‍රතිලාභයන් රැසක් ලැබෙන බව ඔබ දන්නවාද ?

ලිංගික හැසිරීම් මගින් ලිංගික ප‍්‍රදේශයේ සහ ගුද මාර්ගය අවට සිටින ක්‍ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ශරීරගත විය හැකි අතර මුත‍්‍ර මාර්ගය තුළ රැස්වී මුත‍්‍රාශයට ආසාදනය වීමේ අවදානමක් පවතී.
ඇත්ත වශයෙන්ම, එය කාන්තාවන්ගේ මුත‍්‍රා ආසාදන සඳහා වඩාත් පොදු හේතුවක් වන බව පෙන්වා දී ඇති අතර එය වැලැක්වීම සඳහාල විශේෂඥයන් අවධාරණයෙන් කියා සිටින්නේ සෑම ලිංගික ක‍්‍රියාවකට පසු මුත‍්‍රා කිරීම ඉතා වැදගත් බවයි.
ඔබේ ලිංගික ජීවිතයට හා සෞඛ්‍යයට ඉතා වැදගත් කරුණු කිහිපියක් පහතින්…
තවදුරටත් කියාසිටින්නේ පුරුෂයන්ගේ මෙන් නොව කාන්තාවන්ගේ විසර්ජනය සහ මුත‍්‍රා පිටවීම යන දෙකම මුත‍්‍රා මාර්ගයෙන්ම පමණක් සිදු නොවන නිසා විෂබීජ තැන්පත් වීම අවම කිරීමට සෑම සංසර්ගයකටම පසු මුත‍්‍රා කිරීම සිදු කල යුතු බවයි.
එම නිසා සෑම සංසර්ගයකටම පසු මිනිත්තු 45ක් ඇතුළත මුත‍්‍රා කිරීම සිදුකල යුතුයි.
ඒ වගේම අපි මේ ආසාදන්ට එරෙහිව ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත හා විශ්වසනීය ක‍්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතයට ද අවධානය යොමුකළ හැකි අතර ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග මගින් ඔබේ සහකරුවාව අනතුරෙ හි හෙලීම වලක්වා ගත හැකිය.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment