.

වැඩි වැඩියෙන් අල වර්ග ආහාරයට ගන්න පුරුදු වුනොත් ඔබ නොදන්නා මෙ දෙවල් ඔබටත් අනිවා වෙනවා.

Loading...

වැඩි වැඩියෙන් අල වර්ග ආහාරයට ගන්න පුරුදු වුනොත් ඔබ නොදන්නා මෙ දෙවල් ඔබටත් අනිවා වෙනවා.

ශ්‍රී ලාංකික ජනතාව යනු ඉතාමත් හොඳ පෝෂ්‍යදායී ආහාර රටාවකට අනුව ජීවත්වූ පරපුරකින් පැවත එන්නෝය. නමුත් අවාසනාවකට මෙන් වසර විස්‌සකට පමණ ආසන්න කාලයක සිට ඇතිවූ පෝෂ්‍ය ගුණයට වඩා රසයට මුල් තැන දෙන ආහාරවලට ප්‍රමුඛත්වය දීමේ පුරුද්දට අප ඇබ්බැහිවීම නිසා මේ වනවිට බරපතල සෞඛ්‍ය ගැටලු රැසකට අපි මුහුණදී සිටින්නෙමු.

ඉන් ප්‍රධානම ගැටලුව බවට පත්ව ඇත්තේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනයට ගොදුරු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යැමය.

මෙය කෙතරම් බරපතල තත්ත්වයකට පත්ව තිබේදැයි හෙළිවන්නේ වයස අවුරුදු 30 පමණ ඉක්‌මවූ පසු මතුවීමේ අවදානමක්‌ තිබූ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය රෝග මේ වන විට පාසල් වියේ පසුවන දරු දැරියන් අතර ද පැවැතීමෙනි.

කුඩා වයසේදීම මෙවැනි රෝගවලට ගොදුරුවීමෙන් තරුණ වියට පත්වන විට ඔවුන්ගේ හෘදය වස්‌තුව, වකුගඩු, ස්‌නායු පද්ධතිය, දෑස්‌ ආදී වැදගත් ඉන්ද්‍රියයන්හට බලපෑම් ඇතිවිය හැකියි. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා අප නැවතත් අපගේ පැරණි ආහාර රටාවනට යොමුවන්නට පටන් ගෙන තිබීම සතුටට කරුණකි.

මෙහිදී නැවත වරක්‌ අප අල, බතල ආදියට ද හුරුවීම වැදගත්ය. මන්දයත් අල බතල යනු අපගේ පැරණිතම ආහාරයකි. බහුලව පිෂ්ඨය අඩංගු අල බතල ශක්‌ති ජනක ආහාරයකි.

අල වර්ග

වනගතව සිටි මහා සෘෂි වෛද්‍යතුමන්ලාගේ ප්‍රධාන ආහාරය වුයේද අල බතලය. කුකුලල, රාජාල, ජාවා අල, හිඟුරල, අඟුල්අල, කිරි කොඬොල් අල, කහට කොඬොල් අල, කිරි අල, ඉන්නල, හේන් කුකුලල. සුදු බතල, රතු බතල, කහ බතල, රෝස බතල, කටුඅල, මඤ්ඤොක්‌කා ආදී ලෙසින් අපට උරුම වූ අල වර්ග රාශියක්‌ ඇත.

අල වර්ග ආහාරයට ගැනීම

අල වර්ග උදේ දහවල් සහ රාත්‍රියට ආහාරයට ගත හැකි ආහාරයකි. මේවා ආහාරයට ගත හැක්‌කේ තම්බා පමණක්‌ නොව පුළුස්‌සා ද ආහාරයට ගත හැකිය. කෙසෙල් දල්ලේ ඔතා ගිනි මැලයක පුළුස්‌සා ගැනීමෙන් එය ඉතා රසවත්ය. එසේම ගුණදායකය.

වර්තමානයේ අප බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ප්‍රධාන ආහාර වේලෙහි වෑංජනයක්‌ ලෙස අල එක්‌කර ගැනීමය. නමුත් අල තම්බා එය පිටිකර ඉන් රොටි තලප පිට්‌ටු ආදිය සාදාගෙන ප්‍රධාන ආහාර වේලක්‌ ලෙස අනුභව කළ හැකිය.

විශේෂයෙන්ම මඤ්ඤොක්‌කා වැනි අලවර්ග තම්බා පිටිකර රොටි ආදිය සාදාගෙන ආහාරයට ගැනීමෙන් පිළිකා රෝග මතුවීමේ අවදානම අවම කරගත හැකිය.

මඤ්ඤොක්‌කා කෙසෙල් දල්ලක ඔතා එය ගිනිමැලයක පුළුස්‌සා ආහාරයට ගැනීමෙන් පිළිකා මතුව ඇති පුද්ගලයිනට එම පිළිකා රෝග පාලනය කර ගැනීමට අවශ්‍ය ශක්‌තිය ශරීරයට ලබාගත හැකිය.

අල වර්ගවල ඇති තවත් විශේෂ ගුණයක්‌ වනුයේ කෘෂි රසායනික පොහොර භාවිත නොකර කාබනික පොහොර යෙදීමෙන් හොඳ අස්‌වැන්නක්‌ ලබා ගැනීමට හැකිවීමය.

එනිසා අල වර්ග යනු අපට ඉතා පහසුවෙන් ලබාගත හැකි වස විසවලින් තොර ආහාරයක්‌ද වේ.

අල වර්ග ආහාරයට දීම වයස අවුරුදු 4 න් පහළ දරුවනට එතරම් සුදුසු නැත. වයස අවුරුදු 04 න් පහළ දරුවනට අල වර්ග දිරවීමේ අපහසුතා මතුවේ.

අලවර්ග වල ඇති ගුණ

නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව සෘෂි වෛද්‍යවරුන් පවසා ඇත්තේ අල වර්ග නිතර ආහාරයට ගැනීම තුළින් ශරීරයේ පිහිටා ඇති ප්‍රියජනක නාඩි, වර්ණ නාඩි. කල්පනා නාඩි, කුල්මත් කරගත හැකි බවයි.

අල වර්ගවල ඇති කෙඳි සහිත බව නිසා මළ බද්ධය ඇතිවීම වළක්‌වා ගත හැකිය. අම්ල පිත්ත රෝග මතුවීම පාලනය කර ගත හැකිය.

මොරටුව අඟුලාන දුම්රියපොළ පාරේ උද්‍යාන මාවත හි ලියන්වෙල 
නාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ 
වෛද්‍ය මහාචාර්ය ජිනසිරි ලියන්වෙල

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment