.

දිව පිරිසිදු කරන්න මේ ස්භාවික පිළියම් ඔබත් හරියටම දැනගෙන පිළි පදින්න.

Loading...

දිව පිරිසිදු කරන්න මේ ස්භාවික පිළියම් ඔබත් හරියටම දැනගෙන පිළි පදින්න.

සමහර අවස්තා වලිදී විවිධ රෝගී තත්වයන් නිසා දිව කහ පැහැ ගැන්වෙනවා. කැන්ඩිඩා දිලීර ආසාදනය මීට ප්ර්ධාන හේතුවකි. අක්මාවේ ගැටළු, හා ස්රාරව පටල වල ගැටළු නිසාත් මෙසේ සිදුවෙන්න පුළුවන්. ක්සේ නමුත්, ඔබේ වෛද්යටවරයා මේ බව පරීක්ෂාකර ඔබට රෝගයක් නැතිබව පැවසුවොත්, ඔබ කලබල විය යුතු නෑ. 

විජලනයට පත්වීම, මුඛය වේලීම, සහ උණ නිසාත් මෙසේ දිව අව පැහැගැන්වෙන්න පුළුවන්. මධ්ය සාරය ගැනීමත් මීට හේතුවක් වෙනවා. මේ නිසා ඔබේ මුඛයෙන් දුර්ගන්ධය පවා ඇතිවෙනවා. දිවේ පාට රෝස පාට විය යුතුයි. එසේ නැතිනම්, ඔබ සැලකිළිමත් විය යුතුයි.
දිව පිරිසිදු කිරීමට පිළියම් කීපයක් මෙම ලිපියෙන් විස්තර කෙරෙනවා:

* බේකින් සෝඩා: දිව පිරිසිදු කිරීමට භාවිතා කළ හැකි හොඳම හා ලාබදායිම ක්රුමයකි. මෙහි ඇති බලය නිසා මෙම කහ/සුදු පැහැය ඉක්මනින් නැතිකර ගන්න පුළුවන්. විශබීජ නැතිවෙන නිසා මුඛ දුර්ගන්ධය පවා නැතිවෙනවා. දත් බුරුසුවට බේකින් සෝඩා ටිකක් දමා සාමාන්යප පරිදි මදින්න. 
ලෙමන් බිංදු කීපයක් එකතු කිරීමෙන් ප්රුථිඵල වැඩිවෙනු ඇත.

* මුහුදු ලුණු: සීරෙන ගති නිසා දිව මතුපිට ඇති කහ පැහ බැඳීම සීරී යනු ඇත. විශබීජනාශක ගුණ නිසා මුඛ දුර්ගන්ධයද නැතිවේ. දිවේ ඇති මැරුණු සෛල පවා ඉවත් කරයි. මුහුදු ලුණු ටිකක් බුරුසුවට දමා සාමාන්යු පරිදි මදින්න. මද රශ්ණේ වතුරට ලුණු එකතු කර මුඛ සේදුමක් සාදා ගන්නත් 
පුළුවන්.


* එළවළු ග්ලිසරීන්: මුඛයේ වේලීම නිසා ඇතිවෙන තත්වයන්ට සහනය දේ. මුඛයේ තෙතමනය රැකදේ. බැක්ටීරියා නැතිකීමේ හැකියාවන් ඇත. මුඛයට නැවුම් සුවඳක් ලබා දේ. බුරුසුවට දමා සාමාන්යු පරිදි මදින්න. පසුව පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. 

* පොල් තෙල්: බැක්ටීරියා නැති කිරීමේ ගුණ ඇත. එළවළු ග්ලිසරීන් සොයා ගැනීමට නොහැකි නම්, පොල් තෙල් භාවිතා කරන්න. දිවේ ඇති බැක්ටීරියා නිසා දුර්ගන්ධය හා කහ බැඳීම ඇතිවෙනවා. බුරුසුවට පොල්තෙල් දමා සාමාන්යව පරිදි මදින්න. පසුව වතුරෙන් සෝදා හරින්න. ඔබට කැමැති 
නම්, සෝදන්නේ නැතිව තියන්නත් පුළුවන්. දිවේ දැවිල්ල සහිත ඉදිමුමට හා වේලීමට සහනය දේ.

* හයිඩ්රොනගෙන් පෙරොක්සයිඩ්: 3% බලයකින් යුත් පෙරොක්සයිඩ් කොටස් එකකට වතුර කොටස් දෙකක් මිශ්රු කරන්න. මෙයට බුරුසුව ගිල්වා සාමාන්යය පරිදි මදින්න. මෙයින් දත් මැද ගැනීමටත් පුළුවන්. මින් දත් සුදු වෙනවා.

* කෝමාරිකා: සමහර අවස්තාවල සුළු දැවිල්ල සහිත ඉදිමුමක් නිසා ඇතිවෙන තත්වයන්ට කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්. බැක්ටීරියා නිසා ඇතිවෙන මුඛ දුර්ගන්ධය පවා නැති වෙනවා. යුෂ තේ හැඳි 2කක් පමණ මුඛයට දමා හැම තැනම යවන්න. මිනිත්තු කීපයකට පසුව කෙළ ගසන්න.

* කහ: කහ වල ඇත් ඖෂධීය ගුණ ගැන දන්නවා. ඉදිමුම් සහිත දැවිල්ල හා විශබීජනාශක ගුණ ඇත. කහ තේ හැඳි 1/2කට ලෙමන් බිංදු කීපයක් එකතු කර ගන්න. මෙම තලපයෙන් දිව මදින්න. කහ තේ හැඳි 1/2 වතුර වීදුරුවකට දමා මුඛ සේදුමක්ද සාදා ගන්න පුළුවන්. 

මෙම ක්රුම බාවිතා කර ඔබට ඔබේ දිවේ ඇති අවලක්ෂණ කහ පටලය ඉවත් කර ගන්න පුළුවන් .


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment