.

නිතර නිතර ඔබටත් බඩගිනි හැදෙනවාද? මෙන්න මෙ හේතු නිසා තමයි එහෙම වෙන්නේ.

Loading...

නිතර නිතර ඔබටත් බඩගිනි හැදෙනවාද? මෙන්න මෙ හේතු නිසා තමයි එහෙම වෙන්නේ.

දිගු වෙලාවක් ආහාරයන් නොගෙන සිටීම නිසා හෝ වැඩි වශයෙන් ශාරීරිකව මහන්සි වීම නිසාවෙන් බඩගිනිවීම සාමාන්‍ය ස්වභාවික තත්වයක්. නමුත් ආහාරයන් අනුභව කරත් සුළු වෙලාවකින් පසුව නැවතත් දිගින් දිගටම බඩගිනි වෙනවානම් ඔබ වඩාත් වැඩි වශයෙන් ආහාර පරිභෝජනය කිරීමට පුරුදු වෙනවා. ඒ හේතුවෙන් ශරීරය අධික ලෙස තරභාරු වීම වැනි අහිතකර තත්වයන් ඇතිවෙන්නට පුළුවන්. මෙම තත්වයෙන් අත්මිදීමටනම් ඔබ එහි හේතුකාරකය සොයා ගෙන එයින් වැලකී සිටිය යුතු වෙනවා. නිතර බඩගිනි වීම සදහා හේතුවෙන හේතුකාරකයන් 5ක් පිලිබදව පහතින් ඔබට දැකගන්නට පුළුවන්. එම කරුණු කියවීමෙන් පසුව ඔබ සමහර විට අවභෝධ කරගනීවි නිතර බඩගිනි වීම සදහා හේතුව කුමක්ද යන්න පිලිබදව. 

1. උදේ ආහාරය මගහැරීම 

ඔබ උදේ ආහාරය අරගැනීම මගහැරිනවානම් එම අයහපත් පුරුද්ද වහාම නවත්වන්න. නොවරදවා උදේ ආහාරය අනුභව කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැඛෙනවා වගේම දවස පුරා බඩගිනි වීමද පාලනය කරගැනීමට හැකියාව ලැඛෙනවා. උදේ ආහාරය සදහා ප්‍රෝටීන් යහමින් ඇති ආහාරයන් අනුභව කිරීම මගින් නිතර බඩගිනි වීම වඩාත් සාර්ථකව පාලනය කරගන්නට පුළුවන්.  යැ්කඑයහ දෙදාිල අදපැබ යැ්කඑය 

2. ප්‍රමාණවත් තරම් වතුර පානය නොකිරීම හේතුවෙන් ඇතිවෙන විජලනය තත්වය.

මෙහිදී ඔබේ මනස විසින් ඔබව නොමග යැවීමක් තමයි සිදු කරන්නේ. මොකද ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන කෙනෙකු නම් ඔබට නිතර නිතර දැනෙන්නේ බඩගිනි ස්වභාවයක් නොවෙයි ජලය පානය කිරීමේ අවශ්‍ය තාවයයි. නමුත් ඔබ කරන්නේ වතුර වෙනුවට ආහාරයන් අනුභව කිරීමයි. අපි ඔබට නිර්දේශ කර සිටින්නේ බඩගින්නක් හෝ පිපාසයක් දැනුන විට වතුර වීදුරුවක් පානය කරන ලෙසයි. මොකද එය ඔබට වඩාත් උපකාරී වෙනවා විශාල කැලරි ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට. ාරසබන අ්එැර ල අ්එැර ජකැ්බැර 

3. කැලරි වලින් හිස් ආහාරයන් අනුභව කිරීම. 

ශරීරයට හොද පෝෂණයක් ලබා ගැනීමටනම් ඒ සදහා ගැලපෙන නිවැරදි ආහාරයන්ම අනුභව කල යුතු වෙනවා. නැතිනම් විශාල අහාර වේලක් අනුභව කරත් සුළු වෙලාවකින් ඔබට  නැවත බඩගිනි වෙනවා.  එම නිසා ඔබේ ශරීරයටද අහිතකර වෙන කැලරි අතින් හිස් ආහාරයන් අනුභවයෙන් වැලකිය යුතු වෙනවා.  ඉතාමත්ම අඩු වශයෙන් කැලරි පවතින ආහාරයන් සහ පානයන් වශයෙන් සෝඩා පානයන්, බැදපු කුකුල් මස්, චොකලට් කේක්, බටර් , මාගරින්  වැනි දේවල් හදුන්වන්න පුළුවන්. ඔබ සෑම විටම ආහාරය සදහා එකතුකරගත යුත්තේ පෝෂක පදාර්ථයන්ගෙන් සහ නොයෙකුත් විටමින් වර්ගයන්ගෙන් පොහොසත් ආහාරයන් වෙන අතර නිතර නිතර බඩගිනි වීම ඉන් වලක්වා ගැනීමට හැකියාව ලැඛෙනවා. 

4. ප්‍රමාණවත් තරම් නින්දක් ලබා නොගැනීම. 


සෞඛ්‍ය සම්පන්නව සිටීම සදහා ඉවහල් වෙන ඉතාමත්ම වැදගත් සාධකයක් තමයි ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගැනීමට පුරුදු වී සිටීම. ඔබ ප්‍රමාණවත් තරම් නින්දක් ලබා නොගන්නා කෙනෙකු නම් ඔබේ ශරීරය අතිශයින් වෙහෙසට පත්වී අමතර ශක්තියක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ හේතුවෙන් නිරන්තරයෙන් බඩගිනි වීමක් ඇති වෙනවා. ඒ හේතුවෙන් ඔබ වඩාත් වැඩියෙන් ආහාර අරගැනීමට පෙළඹෙන නිසා ශරීරය අධික ලෙස තරභාරු වීමටද හැකියාව තිඛෙනවා. ක්ජන දෙ ිකැැච 

 5. ඔබේ ගැටලුවට වෙනත් හේතුවක්ද තිබිය හැකියි. 

කොපමණ උත්සහ කරත් නිතර ඇතිවෙන බඩගිනි තත්වයෙන් අත්මිදීමට නොහැකිනම් වෛද්‍ය වරයෙකු හමු වී ඒ පිලිබදව පරික්ෂාකර ගත යුතු වෙනවා. මොකද නිතර බඩගිනි වීම දියවැඩියාව වැනි රෝගී තත්වයක ලක්ෂණයක් වීමටද හැකියාව තිඛෙනවා. අන්න ඒ නිසාවෙන් තමයි වෛද්‍ය වරයෙකු හමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පිලිබදව පරික්ෂා කරගත යුතු වෙන්නේ. එහිදී නිතර බඩගිනි වීම සදහා හේතුව ඔබ සොයා ගත් පසුව එම ගැටලුව විසදා ගැනීමට ඔබට හැකියාව ලැඛෙනවා. ාදජඑදර ජය්බබැක 

නිතර ආහාර ආහාරගැනීමේ පුරුද්ද මගින් ඇතිවෙන තරභාරුකම නිසාවෙන් බොහොමයක් ලෙඩරෝග වැලදෙන බව අමුතුවෙන් පැවසීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න එම නිසා තමයි මෙම තත්වය පාලනය කරගැනීම සදහා ඔබ උත්සහ කල යුතු වෙන්නේ. 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment