.

ඔබේ ලිංගික ආශාවන් ඇස් වලින් හොයාගන්න විදිය දන්නවද? මෙන්න ක්‍රමේ.

Loading...

ඔබේ ලිංගික ආශාවන් ඇස් වලින් හොයාගන්න විදිය දන්නවද? මෙන්න ක්‍රමේ.

විරුද්ධ ලිංගික ද සමලිංගික ද බහුලිංගික ද යනාදී වශයෙන් ලිංගික ආවලියේ (spectrum) ඔබේ නැඹුරුව කොතැනක රැඳී තිබුණත්  එය ඔබේ ඇස්වලින් හෙළි කර ගැනීමට හැකිවෙතැයි නව අධ්‍යයනයක් පෙන්නුම් කරයි. කර්ණිකාව (කළු ඉංගිරියාව) විස්තාරණය (pupil dilation) ලිංගික පෙළගැස්ම (sexual orientation) පිළිබඳ නිවැරදි දර්ශකයකැයි ඉන් කියැවේ. ශෘංගාර ජනක අනුරූප නරඹන විට කාම උත්තේජනයක් ඇතිවීමෙන් අචේතනික ප‍්‍රතිචාරයක් ලෙස ඒවා නරඹන අයගේ ඇස්වල කළු ඉංගිරියාව දිග හැරේ. කාම උත්තේජනය සහ ලිංගික දිශානතිය(sexual arousal and orientation)  අධ්‍යයනය සඳහා ලිංගික අවයව මැනීම් වෙනුවට මෙම ප‍්‍රතිචාරය යොදා ගත හැකි බව පර්යේෂණයෙන් කියාපාන කාරණයකි.111111

යම් කිසිවකින් ලිංගික උත්තේජනයක් හෙවත් ඇවිස්සීමක් ලැබෙතැයි මිනිස්සු වාර්තා කරන හැඟීම් සහ කළු ඉංගිරියාව විස්තාරණය අතර ගැලපීමක් ඇති බව පෙන්නුම් කිරීම සඳහා වූ ලොව ප‍්‍රථම විශාල මට්ටමේ පර්යේෂණය මෙය බව අධ්‍යයන පර්යේෂක රිච් සැවින්-විලියම්ස් පවසයි. හෙතෙම කෝනෙල් විශ්වවිද්‍යාලයේ සංවර්ධන මනෝවෛද්‍යවරයෙකි. ඉතින් විරුද්ධ ලිංගික නැමියාවක් සහිත පිරිමින්ගේ ඇස් කාන්තාවන් දෙස විස්තාරණය වෙන අතර සමලිංගික පිරිමියාගේ ඇස් විස්තාරණය වෙන්නේ පිරිමි දෙසටයි හෙතෙම පවසයි.

ලිංගික උත්තේජනය හෙවත් ඇවිස්සීම සහ කළු ඉංගිරියාව විශාලනය වන ප‍්‍රමාණය අතර සම්බන්ධතාවට දීර්ඝ ඉතිහාසයක් ඇත. බැලඩෝනා නම් ශාකයෙන් සුදු අක්ෂි බෙහෙතක් ගල්වා කළු ඉංගිරියාව සංකුචිතවීම වළක්වා ගැනීමෙන් සරාගී පෙනුමක් ලැබිය හැකි යයි 16 වැනි සියවසේ විසූ ඉතාලි කාන්තාවෝ විශ්වාස කළහ. ආදරය කරන අයගේ මුහුණ හෝ අලංකාර කලා කෘතියක් හෝ ආදී වශයෙන් සිත් ප‍්‍රබෝධනය කරන හෝ සිත් අළවන සුළු  ඕනෑම දෙයකට ප‍්‍රතිචාර ලෙස කළු ඉංගිරියාව සුළුවශයෙන් විස්තාරණය වන බව සැවින්-විලියම්ස් පවසයි. කර්ණීකාව විස්තාරණය වීම යනු ස්වයං සාධක ස්නායු පද්ධතිය (autonomic nervous system) කි‍්‍රයාශීලීවන බවට ලකුණකි. නාඩි වැටීම, හුස්ම ගැනීම වැනි අනිච්ඡානුක කි‍්‍රයා පාලනය කරන්නේ මෙකී ස්වයං සාධක ස්නායු පද්ධතියයි.33333

ලිංගික උත්තේජනය (ඇවිස්සීම) හා ලිංගික පෙළගැස්ම හෝ දිශානතිය අධ්‍යයනය කිරීම පිණිස විද්‍යාඥයන් සාම්ප‍්‍රදායානුකූලව යොදා ගන්නා ක‍්‍රමයක් ඇත. එනම් ප‍්‍රජනන ඉන්ද්‍රියනට සවි කළ උපකරණ මගින් ඒවාට සැපයෙන රුධිර ධාරාව සරාගී චිත‍්‍රපට හෝ ඡායාරූප නැරඹීමට සලස්වා මැන බැලීමයි. මේ පරීක්ෂාවේ දී සිදුවන්නේ පුරුෂයන් සම්බන්ධයෙන් ගත්විට ශිෂ්ණයේ වට ප‍්‍රමාණයේ වෙනස්කම් මැනීම හා ස්ති‍්‍රයගේ යෝනි බිත්තියෙහි පීඩන වෙනස්කම් සෝදිසි කිරීමයි. එහෙත් මේ සාම්ප‍්‍රදානුකූල මිනුම්වල අවාසි ඇති බව සැවින්-විලියම්ස් පෙන්වා දෙයි. පරික්ෂණයට පෙනී සිටින්නන් අතුරෙන් සමහරකට තම ලිංගේන්ද්‍රිය උත්තේජනය යටපත් කළ හැකිය. නො එසේ නම් පරීක්ෂණාගාරයේදී ලිංගික උත්තේජනයක් ඇති නොවන්නටමත් ඉඩ තිබේ. ඊටත් අමතරව පරීක්ෂණ ස්වභාවයත් බලපායි. තම ලිංකේන්ද්‍රීය සම්බන්ධ කරගෙන සිදුකෙරෙන කායික පර්යේෂණවලට එක්වීමට ඇතැම්හු අකමැති වෙති. එසේ නම් කිසියම් උත්තේජනයකින් තමන්ට ලිංගික ‘ඇවිස්සීමක්’ ඇතිවන්නේදැයි ඇසීම ද ගැටලූ මතුකරන සුළුය. එයට හේතුව එවැනි කරුණු දැක්වීමකට ඇතැම් අය ලැජ්ජාවීමට ද එසේත් නැතිනම් තමන්ට නම් එවැනි උත්තේජනයක් සිදුනොවන බව තමන්ටම ඔප්පු කර  ගැනීමට උත්සාහ දැරීමට ද පවා පුළුවන් වීමයි. තවද බොහෝ සංස්කෘතීන්වල එවැනි ඍජු ප‍්‍රශ්න එකඑල්ලේ ඇසිය නොහැක.55555

සැවින්-විලියම්ස් සහ ඔහුගේ අධ්‍යයන සගයා වන කෝනෙල් සරසවියේම ගෙරූල්ෆ් රීගර් කළු ඉංගිරියාව වෙත යොමු වුණේ මෙකී ප‍්‍රශ්නවලින් ගැලවීමටය. විෂම ලිංගික, සමලිංගික හා බහුලිංගික අයවළුන් ඇතුළුව පිරිමි 165 සහ ගැහැනු 160 දෙනෙකු පර්යේෂකයන් විසින් ස්වේච්ඡා පදනමක් මත යොදා ගන්නා ලදී. මොවුනට විනාඩියේ වීඩියෝ රූප රාමු පෙළ තුනක් නැරඹීමට සලස්වන ලද අතර පිරිමියකු ස්වයං ලිංගික උත්තේජනයක් ලබනු, ගැහැනියක ස්වයං උත්තේජනයක් ලබනු සහ ලිංගික සම්බන්ධතාවයෙන් තොර භූ දර්ශන පෙළක් එම වීඩියෝ පට තුනට අඩංගු විය. අධ්‍යයනයේ ප‍්‍රතිඵලවලට ආලෝකයේ වෙනස්කම් බලපෑමට නොහැකිවන පරිදි වීඩියෝ පට තුනම සමාන ආලෝක තත්ත්වයන් තිබෙන සේ සකස් කර තිබුණි. වීඩියෝ පට නරඹද්දී කළු ඉංගිරියාවෙහි වෙනස්කම් වාර්තා කිරීම සඳහා නැරඔීමේදී කළු ඉංගිරියාවේ ඇතිවන සියුම් වෙනස්කම් හසුකර ගන්නා කැමරා යොදවා තිබුණි. මීට අමතරව ඒ ඒ වීඩියෝ පටයට සහභාගීවූවන්ට ලිංගික උත්තේජනයක් ඇතිවීම පිළිබඳ සිය අදහසද දැක්වීමට අවස්ථා සලසා තිබුණි.

මෙම අධ්‍යයනයේ ප‍්‍රතිඵල, මීට කලින් සිදුකෙරුණ ලිංගේන්ද්‍රිය උත්තේජන අධ්‍යයන ප‍්‍රතිඵලවල රටාවන් හා ගැලපුනි. මෙම රටාව පිිරිමින්ගේ නම් ඍජු බවත් පෙන්වීය. විෂම ලිංගික පිරිමින් කාන්තා අනුරූපවලට ප‍්‍රතිචාර දැක්වූ අතර සමලිංගික පිරිමින් ප‍්‍රතිචාර දැක්වූයේ පිරිමින්ගේ අනුරූපවලටය. බහු ලිංගික පුරුෂයෝ දෙපාර්ශවයේම අනුරූපවලට ප‍්‍රතිචාර දැක්වූහ. කෙසේ වෙතත් කාන්තාවන් සම්බන්ධයෙන් නම් ප‍්‍රතිඵල වඩාත් සංකීර්ණ විය. සමලිංගික කාන්තාවන් අනෙකුත් කාන්තාවන්ගේ රූ දැකීමෙන් කළු ඉංගිරියාව විස්තාරණය වීම වැඩි විය. එහෙත්, විෂම ලිංගික කාන්තාවන් ස්තී‍්‍ර පුරුෂ සරාගී අනුරූපවලට මූලික වශයෙන් එක සමාන ප‍්‍රතිචාර දැක්වූ නමුත් කටින් කියා සිටියේ පිරිමි අනුරූපවලින් පමණක් උත්තේජනයක් ලද බවයි.

සැවින්-විලියම්ස් පවසන අන්දමට මෙම අධ්‍යයනයේ මීළඟ පියවර වන්නේ කළු ඉංගිරියාවේ වෙනස්කම් මනින අතරම ලිංගේන්ද්‍රිය වෙනස්කම්ද මැන බැලීමයි. එවිට ඒ දෙකෙහි ප‍්‍රතිඵල කෙතරම් දුරට අනුපූරක වේ දැයි දැන ගත හැකි වනු ඇත. ලිංගේන්ද්‍රිය මැන බැලීම වෙනුවට මෙම අධ්‍යයනයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස  ඕනෑම සංස්කෘතියක ඔබින ලෙස කළු ඉංගිරියාවේ වෙනස්කම් මැන අධ්‍යයන සිදු කිරීමට අනාගත පර්යේෂකයන්ට ඉන් මඟ පෑදෙනු ඇත.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment